කැමැති දේවල්, කැමැති පුද්ගලයො අපෙන් ඈත් වෙද්දි අපිට දැනෙන්නෙ දුක. එහෙම නැති වෙන්න යන බව දැනෙද්දි තව දැනෙනවා බය. ඊට පස්සෙ අපි එක එක දේවල් කරනවා තවදුරටත් නැත්නම් තව කාලයක් ඒ ප්‍රිය දේ හෝ ප්‍රිය පුද්ගලයා අපි එක්ක තියා ගන්න. මේ ප්‍රියතාවය ඇති වෙන්නෙ කැමැත්ත නිසා. ඔය කැමැත්ත පාලියෙන් හඳුන්වන්නෙ ඡන්දය කියලානේ. මේ කැමැත්ත නිසා තමයි දේවල්වලට පුද්ගලයන්ට බැඳෙන්නෙ. කැමැත්ත නැති දේ වලට අපි ආශා නැහැ, බැඳෙන්නෙ නැහැ.
මෙහෙම ඇති වෙන බැඳීම් පවත්වාගෙන යන්න තණ්හාව සෑහෙන දුරට බලපානවා. කැමැත්ත නිසා බැඳීම් ඇති කරගන්නවා, තණ්හාව නිසා ඒවා පවත්වාගෙන යනවා. එදිනෙදා ජීවිතය දිහා බලද්දි අපිට තේරුම් ගන්න පුළුවන් මේ කැමැත්ත හා තණ්හාව. මේ දෙක දෙකක්. මේ තණ්හාව නිසා තමයි කලින් කිව්වා වගේ දේවල්, පුද්ගලයො අපි එක්ක රඳවා ගන්න උත්සාහ කරන්නෙ. නැත්නම් ඒවා අපිට නැති වෙයි කියලා බය හිතෙන්නෙ. එහෙම නැති වුනාම අඬන්නෙ. නැති වුන දේ වලින්, මිනිස්සුන්ගෙන් පලි ගන්නෙ. ඡන්දයෙන් අගතියට යන්න එපා කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ මේ නිසා. මොකද ඒකෙ ප්‍රතිඵලය කොහොමත් දුකයි. හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන හැම දෙයක් ම දවසක නැති වෙනවා, වෙනස් වෙනවා, අපිට ඕනා විදියට පවතින්නෙ නැහැ. මේක දුකක්. අපි තණ්හා කරන දේවල් නැත්නම් මිනිස්සුන්ගෙ යථා ස්වභාවය අපිට පෙනෙන්නෙ නැහැ. ඒ දේවල්, මිනිස්සු හේතු ප්‍රත්‍යයෙන් හැදිලා තියෙනවා කියලා අපිට පේන්නෙ නැහැ. ඒකට අපි කියන්නෙ අවිද්‍යාව කියලා. සමහරු නම් මෝහය කියලත් කියනවා. අවිද්‍යාව නිසා අපිට අපි කැමැති දේවල් වෙනස් නොවන විනාශ නොවන දේවල් විදියටයි වටහා ගන්න පුළුවන් වෙන්නෙ.
මෙහෙමයි කියලා මේ පෘථග්ජන ලෝකෙ බැඳීම් පවත්වා නොගෙන ජීවත් වෙතෑකි ද? ඒකත් බැහැ. ඒ නිසා අපි ඉස්සරහ හැම වෙලාවෙම වගේ බැඳීම් නිසා හට ගන්න දුක අපිට තියෙනවා. ඒ දුක විවිධාකාර ස්වභාවයේ වෙන්න පුළුවන්. ඉතින් මේ දුක නැති කරගන්න, කොටින්ම කියනවා නම් සතුටින් යුතුව බැඳීම් පවත්වාගෙන යන්න මොකක් ද අපිට කරන්න පුළුවන්? ඒ බැඳීම් මුල්කරගෙන තණ්හාව උපද්දවගන්නැතුව ඉඳීමෙන් විතරයි අපිට බැඳීම් ඇතුලෙ දුකක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. එහෙම නොවෙනතාක් ප්‍රියයන්ගෙන් වෙන්වීම වගේම කැමැති දේ නොලැබීම දුකක්.
මිනිස්සුන්ට දේවල්වලට බැඳෙන එක වරදක් නෙමෙයි. ඒ බැඳීම් වෙනුවෙන් කල හැකි දේ කරන එකත් වරදක් නෙමෙයි. වරද වෙන්නෙ තමුන්ගෙ කර ගත්තම. මේක මගේ, අරක මගේ, ඔයා මගේ වගේ හිත්නන ගත්තම. පුළුවන් හැකි උපරිමෙන් ම බැඳීම් තමුන්ගෙ කර නොගෙන පවත්වාගෙන යන්න. නිකමට හිතන්න කෙනෙක්ට ආදරේ කරලා ඒ කෙනා දාලි ගියාම ඇයි අඬ අඬ ඉන්නෙ. එතකොට කරපු සහ කරන ආදරයට මොකද වෙන්නෙ. එහෙම අඬද්දි පලිගන්න හිතද්දි අර ආදරේ කැමැත්තෙ වටිනාකමත් නැති වෙලා යනවා අපි අකමැති වුනත්. කැමැති දෙයක්, ආදරේ දෙයක් අපිට කඩලා බිඳලා මරලා දාන්න බැහැනෙ. කලින් තැනකදි කිව්වා වගේ හේතු ප්‍රත්‍යයෙන් ඇති වෙන දේ අපිට ඕන විදියට පවතින්නෙ නැහැ, දවසක වෙනස් වෙනවා, නැති වෙනවා කියලා.
ඉතින් මේ සත්‍යය තේරුම් අරගෙන අවබෝධයෙන් ඒ කියන්නෙ විද්‍යාවෙන් බැඳීම් පවත්වාගෙන යන්න. එතකොට බැඳීම් නිසා කවදාවත් දුක් වෙන්න වෙන්නෙ නැහැ.