කැරලිකාර සුනඛයා
ලෝකප්‍රකට කැරලිකාර සුනඛයා මෙලොවින් සමුගනී
2011 වසරේදී යුරෝපා හවුලේ රටවල්වල ආර්ථික අර්බුදය ඉතා දරුණු අතට හැරෙන්නට විය. ඒ හේතු කරගෙන ග්‍රීසියේ ඇති වූ ආර්ථික අවපාතය සමග හටගත් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත් ලෝක ප්‍රකට කැරලිකාර සුනඛයා (Riot Dog) ජීවිතයෙන් සමුගත් පුවතක් මේ වන විට වාර්තා වේ.
ජාත්‍යන්තර මාධ්‍යයේ වඩාත් කතාබහට ලක්වූ ලොවුකානිකොස් යනුවෙන් හැඳින්වෙන මෙම සුනඛයා රජයට එරෙහි විරෝධාවලදී ජනතාව සමග සිට පොලීසිය වෙත බුරා පනිමින් මිනිසුන්ට නොදෙවෙනි ලෙස විරෝධතාවය දක්වන්නට විය.
කඳුළුගෑස් ප්රහාරයන්ටද ලක්වෙමින්, අතිශය බිහිසුණු අයුරින් පැවති විරෝධතාවලදී පවා මෙම සුනඛයා නොබියව ඉදිරියට යාම නිසා එරට වාසීන්ගේ නොමඳ ආදරයට පවා ලක්වන්නට විය.
මේ වීරක්‍රියාවන් තුලින් මහජනයාගේ මහත් ආදරයට හා පිළිගැනීමට ලක්වූ මෙම සුනඛයා Facebook පිටුවකටද හිමිකම් කීය. මෙම කැරලිකාර සුනඛයාගේ ශරීරය නගර මධ්‍යයේ වූ විශේෂ වෘක්ෂයක් අසල භූමදාන කළ බවට වැඩිදුරටත් වාර්තා වේ. මුලින් තියඩෝර් යන නම තිබුණත්, විරෝධතා සමග ලොවුකානිකොස් නම ලැබුණු මේ සුනඛයා අයාලේ යන සුනඛයෙකු ලෙස ජීවත් වුවත්, විරෝධතා ව්‍යාපාරයේ පෙරමුණ ගත්තෙකු ගත් නිසාම ස්වාමියෙකුද හිමිවිය.
විරෝධතා ව්‍යාපාරවලදී නිතර කඳුළු ගෑස් ප්රහාරයන්ට ලක්වීම හා ඒවා ආග්‍රහණය කිරීමද ලොවුකානිකොස් ඉක්මණින්ම ජීවිතයෙන් සමු ගැනීමට හේතුවක් බව ඇතන්ස් පශු වෛද්‍යවරු පවසන අතර එමෙන්ම 2011 වසරේදී ටයිම් සඟරාව විසින් වසරේ චරිත අතරට ලොවුකානිකොස් ද එකතු කර ගෙන තිබුණි.