![]()
පොඩ්ඩකට මේක කියවන්න.මේ තියෙන්නෙ ගංවතුර නිසා යනඑන මං නැතිවුන මගෙ යාලුවෙක්ගෙ නිවසක්.මං සේවය කරන ආයතනයේම සේවය කරන මිතුරෙක්.එයයි අම්මයි තාත්තයි ගෙදර ඉන්නෙ.ගේ තියෙන්නෙ අංගොඩ ප්‍රදේශයෙ.දැන් ඒ අය ඇඳිවතට සීමාවෙලා එයාගෙ යාළුවෙක්ගෙ නිවසක ඉන්නෙ.
පේනවනෙ ගෙදර තාප්පෙ ගාවටම වතුර මට්ටම.ගෙදර තියෙන බඩුමුට්ටුවලට වෙච්ච දේ මං අමුතුවෙන් කියන්න ඕන නෑ.වතුරෙන් ගෙදර තියෙන හැමදේටම හානිවෙනව.කොටින්ම කතා කරගන්නත් බැරි මානසික මට්ටමක ඔහු ඉන්නෙ.මේ ගලපු ගංවතුරෙන් හැමෝටම අනේක බාධා වෙලා තියෙනව. දන්න දෙයක්වත් ඔලුවට එන්නැති වෙලාවක් මේක.
ඉතින් මගෙ මිත්‍රයගෙ ඉල්ලීම මේ නිවස යථා තත්ත්වයට පත්කරගන්න ටික කලක් ගතවෙන නිසා දැනට තාවකාලිකව කුලියට පදිංචි වෙන්න නිවසක් හොයල දෙන්න කියන එක.කොළඹ බොරැල්ල අවටින්.පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව්වක් කරන්න වෙලාවෙ හැටියට.තුන්දෙනෙකුට ඉන්න තැනක් නම් හොඳටම ඇති.වැඩි කාලෙකට නෙමේ මාස දෙක තුනකට.මේ නිවස පිළිවෙලක් කරගන්නකං.
ඔහුගේ ජංගම දුරකතන ක්‍රියාත්මක නොවන නිසා පහතින් සඳහන් කරන හර්ෂ කියන මගේ යාළුවගෙ දුරකතනයට අමතන්න.මොකද ඔහු මටත් වඩා මේ ගැන විස්තර දන්නව.මාවත් කඩිනමින් දැනුවත් කලේ එයා.මේ ගැන මෙහෙම කියල උදව්වක් ඉල්ලමු කියල.හොයල දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් වෙයි.කැමති අය මේක අනික් අයට දැනගන්න ෂෙයා කරන්න.බොහොම ස්තූතියි.
හර්ෂ - 0779 680 691
gedara badu okoma eka para nethi wenawa kiyanne pissu hadena wedak bn mata nan hithganwath be



Grandpass watura dalada? Matath news ekak awa... any update???ආයිත් කොහෙන් හරි බන්ඩ් එක කැඩිලද බන් ආරංචියක් ආව ... ගඟේ වතුරත් තව වැඩි වෙලාලු නේද