මේ දවස් වල මට මේ ගංගා, වැවු හොයන් යන උණක් තියන නිසා, මම මේ සතියෙත් ගියා අලුත් පොට් එකක් හොයාගෙන.
මම යන්න කැමති කවුරුත් වැඩිය දන්නේ නැති තැන් වලට. මේ සතියෙ ගිය තැන හොයාගත්තෙ google maps වලින්, කැලේ මැද, සිරා දිය ඇල්ලක් වගේ එකක් තියනව දැකල. මෙතැනට කාර් එකෙන් තියා බයිසිකලයෙන්වත් යන්න බෑ. ඒක නිසා, බයිසිකලේ ගොනා බඳිනව වගේ කැලේ ගහක බැඳල තමයි අන්තිම ටික ගියේ.

නාන්න කියාපු තැන උනාට, තාම මේකෙ වතුර පාර වෙනස් වෙන්නේ කොහොමද හා උඩින් හිටපු ගමන් කොටන් වැටෙන නිසා, දිය ඇල්ල පාමුලටම ගියේ නෑ. ඒත් අයිනෙන් ළඟටම ගියා. දිය ඇල්ල වැටෙන තැනම, අඩි එකහමාරක් විතර දිග මාළුත් හිටිය.
දිය ඇල්ලට උඩින් සිරා lake එකක් වගේ එකකුත් තිබ්බ. පස්සේ වෙලාවක ඒකට යන්න ඕන.
වතුර පාර පොඩ්ඩක් වැඩි වේගන එන පාටක් දැනුන නිසා මම හෙමින් සැරේ ශේප් වෙලා ආව. නොදන්න හා කවුරුවත් නැති තැනක් හින්ද sure නෑනේ.
දන්න කිහිපදෙනෙක්ගෙන් අහල බැලුවම කවුරුවත් මේ තැන ගැන දන්නෙත් නෑ. මෙච්චර ලස්සන තැනක් උනත් මිනිස්සු නොයන එක ගැන මටනම් තාම තියෙන්නේ ගැටළුවක්.
මේ තියෙන්නෙ පහු ගිය සති වල එක එක තැන් වලට ගිහින් දාපු threads.
මිනිසුන් පාත්තයෝ වූ හැටි.
බෝක්කු අස්සෙ රිංගීම
මිනිසුන් පාත්තයෝ වූ හැටි.
බෝක්කු අස්සෙ රිංගීම
මම යන්න කැමති කවුරුත් වැඩිය දන්නේ නැති තැන් වලට. මේ සතියෙ ගිය තැන හොයාගත්තෙ google maps වලින්, කැලේ මැද, සිරා දිය ඇල්ලක් වගේ එකක් තියනව දැකල. මෙතැනට කාර් එකෙන් තියා බයිසිකලයෙන්වත් යන්න බෑ. ඒක නිසා, බයිසිකලේ ගොනා බඳිනව වගේ කැලේ ගහක බැඳල තමයි අන්තිම ටික ගියේ.
ඔහොම කැලෙ රිංගන් යනකොට ඉස්සෙලම හම්බඋනේ මුවෙක්ව.
මූත් ඉතින් මන් දිහා 'කවුද මේ බුවා' කියල බලනව වගේ ටිකක් වෙලා බලන් ඉඳල, තඹ සතේකට ගණන් ගන්නේ නැතුව හැරිල ගියා. මට හිතුන මුවාට කියන්න 'මාත් පොරක්' කියල, ඒත් පස්සෙ හිතුන ඇමරිකාවේ ඉන්න මුවොන්ට සිංහල තේරෙන්නෙ නැතුව ඇති කියල.

කොහොම කොහොම හරි, ගාටල, දිය ඇල්ල තියන තැනට ආව. Google maps වලින් දැකල ආවට, මම හිතුවෙ නෑ ඒක මෙච්චර ලොකු එකක් කියල.
වතුර අඩු නිසාද කොහෙද, දිය ඇල්ල ඉස්සරහ, සිරා ගල් තලාවක් මතු වෙලා තිබ්බ. මම හිතන්නෙ මේක තමයි මේ දවස්වල වටේ ඇවිදල, මට සෙට් වෙච්ච සිරාම පොට් එක.
වතුර අඩු නිසාද කොහෙද, දිය ඇල්ල ඉස්සරහ, සිරා ගල් තලාවක් මතු වෙලා තිබ්බ. මම හිතන්නෙ මේක තමයි මේ දවස්වල වටේ ඇවිදල, මට සෙට් වෙච්ච සිරාම පොට් එක.
නාන්න කියාපු තැන උනාට, තාම මේකෙ වතුර පාර වෙනස් වෙන්නේ කොහොමද හා උඩින් හිටපු ගමන් කොටන් වැටෙන නිසා, දිය ඇල්ල පාමුලටම ගියේ නෑ. ඒත් අයිනෙන් ළඟටම ගියා. දිය ඇල්ල වැටෙන තැනම, අඩි එකහමාරක් විතර දිග මාළුත් හිටිය.
දිය ඇල්ලට උඩින් සිරා lake එකක් වගේ එකකුත් තිබ්බ. පස්සේ වෙලාවක ඒකට යන්න ඕන.
වතුර පාර පොඩ්ඩක් වැඩි වේගන එන පාටක් දැනුන නිසා මම හෙමින් සැරේ ශේප් වෙලා ආව. නොදන්න හා කවුරුවත් නැති තැනක් හින්ද sure නෑනේ.
මේ තියෙන්නේ ගත්ත video එක.
දන්න කිහිපදෙනෙක්ගෙන් අහල බැලුවම කවුරුවත් මේ තැන ගැන දන්නෙත් නෑ. මෙච්චර ලස්සන තැනක් උනත් මිනිස්සු නොයන එක ගැන මටනම් තාම තියෙන්නේ ගැටළුවක්.

Last edited:

..
.