කැලෑවෙ රිංගීම

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ දවස් වල මට මේ ගංගා, වැවු හොයන් යන උණක් තියන නිසා, මම මේ සතියෙත් ගියා අලුත් පොට් එකක් හොයාගෙන.

    මේ තියෙන්නෙ පහු ගිය සති වල එක එක තැන් වලට ගිහින් දාපු threads.

    මිනිසුන් පාත්තයෝ වූ හැටි.

    බෝක්කු අස්සෙ රිංගීම


    මම යන්න කැමති කවුරුත් වැඩිය දන්නේ නැති තැන් වලට. මේ සතියෙ ගිය තැන හොයාගත්තෙ google maps වලින්, කැලේ මැද, සිරා දිය ඇල්ලක් වගේ එකක් තියනව දැකල. මෙතැනට කාර් එකෙන් තියා බයිසිකලයෙන්වත් යන්න බෑ. ඒක නිසා, බයිසිකලේ ගොනා බඳිනව වගේ කැලේ ගහක බැඳල තමයි අන්තිම ටික ගියේ.

    ඔහොම කැලෙ රිංගන් යනකොට ඉස්සෙලම හම්බඋනේ මුවෙක්ව.
    20140712_125023.jpg

    මූත් ඉතින් මන් දිහා 'කවුද මේ බුවා' කියල බලනව වගේ ටිකක් වෙලා බලන් ඉඳල, තඹ සතේකට ගණන් ගන්නේ නැතුව හැරිල ගියා. මට හිතුන මුවාට කියන්න 'මාත් පොරක්' කියල, ඒත් පස්සෙ හිතුන ඇමරිකාවේ ඉන්න මුවොන්ට සිංහල තේරෙන්නෙ නැතුව ඇති කියල.:rofl:

    කොහොම කොහොම හරි, ගාටල, දිය ඇල්ල තියන තැනට ආව. Google maps වලින් දැකල ආවට, මම හිතුවෙ නෑ ඒක මෙච්චර ලොකු එකක් කියල.

    20140712_125129.jpg

    20140712_125156.jpg

    20140712_125405.jpg



    වතුර අඩු නිසාද කොහෙද, දිය ඇල්ල ඉස්සරහ, සිරා ගල් තලාවක් මතු වෙලා තිබ්බ. මම හිතන්නෙ මේක තමයි මේ දවස්වල වටේ ඇවිදල, මට සෙට් වෙච්ච සිරාම පොට් එක.

    20140712_125408.jpg

    20140712_125241.jpg

    නාන්න කියාපු තැන උනාට, තාම මේකෙ වතුර පාර වෙනස් වෙන්නේ කොහොමද හා උඩින් හිටපු ගමන් කොටන් වැටෙන නිසා, දිය ඇල්ල පාමුලටම ගියේ නෑ. ඒත් අයිනෙන් ළඟටම ගියා. දිය ඇල්ල වැටෙන තැනම, අඩි එකහමාරක් විතර දිග මාළුත් හිටිය.

    20140712_125921.jpg


    20140712_130425.jpg



    දිය ඇල්ලට උඩින් සිරා lake එකක් වගේ එකකුත් තිබ්බ. පස්සේ වෙලාවක ඒකට යන්න ඕන.​

    වතුර පාර පොඩ්ඩක් වැඩි වේගන එන පාටක් දැනුන නිසා මම හෙමින් සැරේ ශේප් වෙලා ආව. නොදන්න හා කවුරුවත් නැති තැනක් හින්ද sure නෑනේ.:sorry:

    මේ තියෙන්නේ ගත්ත video එක.




    දන්න කිහිපදෙනෙක්ගෙන් අහල බැලුවම කවුරුවත් මේ තැන ගැන දන්නෙත් නෑ. මෙච්චර ලස්සන තැනක් උනත් මිනිස්සු නොයන එක ගැන මටනම් තාම තියෙන්නේ ගැටළුවක්.:confused:
     
    Last edited:

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වෙලාවට උබ ඔහේ කැලේ රින්ගුවේ, ලන්කාවේ එහෙම කැලේ රින්ගුවානම් නිධන් හාරන එකෙක් කියලා කුදලගෙන යනවා

    ඒ කරල ඒ හරිය ආරක්ශා කරන්න එස්.ටී.එෆ් එකෙනුත් දානවා..:dull:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    මේ ෆොටෝ එකටනම් මම ආසයි:love:..:D..සාමාන්‍යයෙන් මුවා මිනිහෙක් නැත්නම් සද්දයක් වාගේ ඇහුනාම ඉක්මනට එතනින් ඩිස් මිස් වෙලා යන සතෙක්..:dull:..ගානක් නැතුව ඉන්න හැටි:eek:.:cool:


    20140712_125023.jpg
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ohoma thaniyama yanna baya nadda ban? mehe ehema giya nam kalisamath nathuwa enna wenne

    මෙහෙ ඉතින් ඒ අතින් risk එක අඩුයි. ඒ කොහොම උනත් ලෑස්තිපිට අවධානයෙන් ඉන්න ඕන කොහේ ගියත්. ඔහොම යනකොට, ස්කවියගේ රැම්බෝ පිහියයි, ප්‍රථමාධාර පෙට්ටියකුයි අරගෙන යන්නේ කොහොමත්.:rofl:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙහෙ ඉතින් ඒ අතින් risk එක අඩුයි. ඒ කොහොම උනත් ලෑස්තිපිට අවධානයෙන් ඉන්න ඕන කොහේ ගියත්. ඔහොම යනකොට, ස්කවියගේ රැම්බෝ පිහියයි, ප්‍රථමාධාර පෙට්ටියකුයි අරගෙන යන්නේ කොහොමත්.:rofl:

    මෙහෙ නම් කොහෙහරි ගියොත් වාහනේ දාල යන්නත් මම පට්ට බයයි බන්. ගොඩක් උන් කුහකයි, වාහනයක් තියන එකෙක් නම් උගෙන් කඩාගත්තට මොකද කියල හිතනව, රබර් බීඩින් එකක් හරි ගලවන් යන්න බලන්නේ ගොඩක් උන්. :dull:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒ විතරක් නම් මැදෑ.. ITN News වලටත් කියනවා..:rofl:

    ඊට පස්සෙ ඇමතියෙක් ඇවිත් හෙමින් සැරේ, stf එකේ කොල්ලොන්ටම කියල ඕක හාරගන්නව.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    20140712_125023.jpg


    :lol: :lol: :lol: :lol: ඌ බලන හැටි! "මේ මොකාද?" අහනවා වගේ!

    උඹ කාත් කවුරුවත් නැති තැන්වල තනියෙන් ගිහින් අර wrong turn වගේ වෙන්න තියෙන්නේ! :dull: