ඇයි මචන් තිබුන රේල් පාර වහලා දැම්මේ ?
කැලණිවැලි මාර්ගය තිබ්බේ මචං තනි කෘෂිකාර්මික හා කාර්මාන්ත තිබුණු ප්‍රදේශ ඔස්සේ. අද ඔහොම තිබ්බාට එදා අපි පොඩිකාලවල නුගේගොඩත් හෝමාගමත් තනි කැල. අනිත් පාරවල් වගේ නෙවෙයි කැලණිවැලිය තමයි තිබ්බ ප්‍රධාන ගමන් ගම මේ ලයින් එකේ. කොච්චි ප්‍රමාණයෙන් සැහෙන්න පුංචියි නමුත් කාටවත් ගානක් නැ මොකද ගානට වෙලාවට දිව්වා.
කොච්චර ඔකෙන් බඩු ඇද්දදා කියනවානම් මචං, සමහර තැන්වල ස්ටේෂන් නැතුව බඩුම විතරක් පටවන්න ප්ලැට්ෆෝම් හදලා තිබ්බා. අනික ඩිමාන්ඩ් එක නිසා චුටි රේල් කාර් පවා දිව්වා. තව බේබි කෝච්චි කියලා පෙට්ටි දෙකේ ඒවා දිව්වා.
70 වෙද්දි මහමාර්ග වල දියුණුව එක්ක කොච්චි වලට තරගයක් එල්ල උනාට, රජය දුම්රිය දියුනු කිරිම (පාරවල් අලුත් කිරිම, අලුත් එන්ජින් ගැනිම) පැත්තක තිබ්බා. හිතාමතාම මරණයට පත්කිරිමක් කියලා කියන්නේ අනිත් පාරවල් වලට ඩිසල් ඉලෙට්‍රික් එන්ජින් ගේද්දි, සිග්නල් හදද්දි, පවර් සෙට් ගෙද්දි, කැලණි ලයින් එකේ කාලසටහන වත් ක්‍රමවත් කරන්න රජයට ඕනා වුනේ නැ. ලයින් එකේ අග මිනිස්සුන්ට ඔය වෙද්දිත් වෙන විකල්ප මාර්ග තිබ්බේ නැ. ඔකට මිනිස්සු හඬ නගද්දිත් රජය හිමිට හිමිට වැඩේ අතැරියා.
හිමිට මැරෙන්න දීලා, පාඩුවක් ලබන්න ගත්තාම ගලවලා දාන එක විසදුම විදිහට ගෙනාවා. දෙපාර්තමෙන්තුවේ නොහැකියාව, රජයේ තිබ්බ දේශපාලනික අවශ්‍යතා ඔක්කොම.
කොච්චර රජය මිනිස්සු නැ කිව්වත් ඔය බේබ් කොච්චි කට කපලා ගියා. මිනිස්සු පාර වහනවට විරුද්දව කොච්චි පාරට ආවා. මිනිස්සුම එකතු වෙලා කැලණි දුම්රිය සුරැකිමේ එකමුතුව කියලා එකක් හැදුණා.
දවස් ගානක් පාරේ පිරිත් මණ්ඩප හදාගෙන පිරිත් කිය කිය විරෝධය දැක්වුවා. මිනිස්සු අඩුවෙනකං බලලා බලය දාලා ඉන්න චුට්ට එලවලා, රජයට හිතවත් මිනිස්සු ලව්වා දුම්රිය පාරේ ඉඩම් අල්ලෙව්වා.
මචං මුලින්ම හෝමාගම දක්වාම නැවැත්තුවා. පස්සේ තමයි ආයි අවිස්සාවෙල්ල දක්වා 70 අග දුවන්න ගත්තේ. ඩිමාන්ඩ් එකක් නැත්තම් රජය ඕක කරන්නේ නැනේ.
අනික දුම්රිය පාරක කොච්චර බිල්ඩින් තියනවාද. ඒවාට කරන දෙයක් මැතිණි හිතලා තිබ්බෙ නැ. ගොඩක් ඒවා නාස්ති වුනා. සමහර ඒවා හොරට අල්ලගත්තා. චුට්ටක් භාවිතයට ගත්තා.
අනික තව එකක් රත්නපුර පාර ගලවන්නත් කලින්ම රත්නපුර ස්ටේෂම, ලංගම ස්ටැන්ඩ් එකක් කරනවා. නාලන්ද එල්ලාවල කරන්නේ. අදටත් ඇති සමරු පලකේ. යන අයට බලාගත්තැකි. තිබ්බ හදිසිය පේනවානේ.
ඉතිහාසේ නොදන්න අය මැතිණිව කරේ තියන් යනවා ලොකේ පලවෙනි අගමැතිනිය කියලා. නමුත් අපිට නම් එයා තමයි පලවෙනි ගෝඨා. කන්න නැති රටක්, රටට දරන්න බැරි රුසියානු කර්මාන්ත ටිකක් වගේ ලොකු ප්‍රශ්න ටිකක් එක්ක රටම අගාධයට දැම්මා. UNP එකට 5/6 බලයක් ආව එක, අද දේශපාලනෙන් ගෝතයා කෙලියාම Npp 159ක් ගත්ත එක වගේමයි.