කෑල්ලගේ අයියාගෙ වෙඩින් එක තිබ්බා ගිය සතියේ. මටත් කාඩ් එකක් දුන්නා.. මමත් තනියම ගියේ. එ පැත්තේ නෑයෝ කීපදෙනෙක් මම ටිකක් අදුරනවා. කෑල්ලත් එක්ක එක දිගට වාඩි වෙලා ඉන්න බැරිතැන කොල් එකක් අරන් මම එලියට ආවා හෝල් එකෙන් එලියට. කොහොම හරි බාර් එකට යන්න කතා කරා නෑයෝ වෙන අදුරන අයියලා දෙන්නෙක්. ඉතින් මම
beer එකක් තමයි ගත්තේ.. කෑල්ල කොල් කරා එන්න කෑම කන්න කියලා. මම එන්නම් කියලා කඩපු beer එක චුට්ටක් බීලා කෑම කන්න අවා. ඩීසන් ඉන්නත් ඕනෑ නිසා. ආයේ මට එන්න කියලා පණිවිඩයක් එව්ව ඒ සෙට් එකෙන්. එකක් නෙවෙ 4 පාරක් පණිවිඩ එව්වා. මම ආයේ කෑල්ලට කියලා මෙහෙම සීන් එකක් මම එන්නේ නෑ කියලා එයාලට කියලා එන්නම් කියලා ගියා. ඉත්න් මම ගියාම මාව චොර කරන්න ගත්තා වගේ දැනුනා බොන තැන. මම beer එක ඉක්මනට ගැහුවා..මාරු උනා. දැන් තමයි වැඩේ උනේ..ඒ මිනිස්සු මම නැති තැන කෑල්ලගේ ගෙදරට කියලා මූ අමු බේබද්දෙක්. පෙරේතකමේ බිව්වා කියලා. මම එහෙම සීන් එකක් නෑ බං. මුන් ඔක්කොම බොරු කියලා. මූනට හිනා වෙලා හිටියා. තාම ඒ ගෙදරින් ඇහුවේ නෑ සීන් එක මගෙන්. ලව් එකත් නැති වෙන සීන් එකක් තියෙන්නෙ.. මොකද මම කරන්න ඕනෑ...
Last edited:






