කිඩාරම් මල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    දුර්ලබ සාමාන්යෙන් නිතර දකින්නට නොලැබෙන කීඩාරම් මලක් මේ දිනවල කටුණේරිය මැද මාවිල සිංහගිරි වත්ත ප්‍රදේශයේ ගෙවත්තකින් දක්නට ලැබෙනවා මෙම කීඩාරම් මල පිපි ඇත්තේ සිංහගිරි වත්තේ පදිංචි උපාලි මහත්මාගේ ගෙවත්තේ මෙයට වසර ගණනාවකට හිටවු අලයක් තුලින් මෙම කීඩාරම් මල පිපි ඇති බවත් නිතර දකින්නට නොලැබෙන මලක් නිසා විශාල ජනතාවක් එම මල නැරඹිමට පැමිණෙමින් සිටින බව ඒ මහතා පැවසීය


    13322018_10205909461647439_7351531388632518071_n.jpg



    13315220_10205909462807468_1482445771538422840_n.jpg


    කිඩාරන්
    Amorphophallus paeoniifolius,
    lephant foot yam , whitespot giant arum , stink lily




    කිඩාරන් යනු අප්‍රිකාව ,දකුණු ආසියාව, ගිනිකොනදිග ආසියාව හා නිවර්ථන පැසිෆික් කලාපීය රටවල දක්නට ලැබෙන ශාකයකි. මෙය ශ්‍රී ලංකාව ,මලයාසියාව ,ඉන්දුනීසියාව , පිලිපීනය වැනි ගිනිකොනදිග ආසියාව නිජබිම කරගත් ශාඛයකි. පිරිමි හා ගැහැණු මල් එකම ශාකයේ පිහිටන අතර එය සිලින්ඩරාකාර මල් පෙත්තකින් වැසී ඇත. පුෂ්ප මංජරියෙන් තද දුගඳක් හමයි, එයට මැස්සෝ ඇදී එයි. එම මැස්සන්ගෙන් මල් පරාගනයේ වේ. එමගින් හටගන්නා බීජ තරමක් ලොකුය සිලින්ඩරාකාර ව එකට පිහිටයි. භ්‍රෑණපෝශනයක් එහි අඩංගුය.

    මෙම වර්ගයට අමතරව කිඩාරම් වර්ග කිහිපයක් කලාපය තුල පැතිරී ඇත.
    campanulatus (Roxb.) Blume ex Decne
    Amorphophallus bangkokensis Gagnep.
    Amorphophallus chatty Andrews
    Amorphophallus decurrens (Blanco) Kunth.

    විවිධ ආහාර වර්ග සෑදීම යොදාගන්නා අතර සමහර රටවල මෙය ආර්ථික බෝගයක් ලෙසින්ද වගාකරයි.

    බ්‍රොන්කයිට්ස්,ඇදුම, උදර වේදනා ,අතීසාරය,අර්ශස්, බරවා වැනි රෝගවලට ඉන්දියානු ආයුර්වේදයේදී බාවිතා කරතැයි පැවසේ.

    ඖශධීය ගුනාංගයන්ගෙන් සහිත ශූරණ ( කිඩාරන් ) , ආරණ්‍යශූරණ ( වල් කිඩාරන් ) ලෙසින් කිඩාරම් වර්ග දෙකක් ලංකාවේ ඇතැයි පැවසේ. කිඩාරන් රතු-දම් -සුදු මිශ්‍රිත පැහැයක් ගන්නා අතර වල් කිඩාරන් සුදු පැහැති වේ. කිඩාරන් කටුකට රළුය, අග්නිදීපනය, මල බිඳීම කෙරෙයි, කෘමි වාත, කළු ශූල ,අර්ශස්, ගුල්ම, රක්ත දෝශ, කාස, ශ්වාස, නසයි කැසීම ඇතිකරයි දුකසේ දිරවයි. වල් කිඩාරන් අධික ලෙසින් උශ්ණය, කෘමීන් නසයි, ගුල්ම, ශූල හා අරුචිය ඇතිකරනු බව දේශීය ආයුර්වේද මතයේ සදහන්ය.



    13254595_1680851815552618_5062935053926615193_n.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    :baffled: කෙල්ලෙක් ට එහෙම ඇහෙන්න කියන්න එපා...මල පනියි :lol:

    අර පබ්ලික් මල පයින ත්‍රෙඩ් එකක් දාලම තියෙන්නෙ..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක කොහෙද යකෝ දුර්ලභ :baffled: :baffled:
    මේ ලඟදිත් අපේ වත්තෙ එකක් හැදුන :yes: :yes: