කිම් ජොං උන් කතා කරද්දී නිදි කිරූ ආරක්ෂක ඇ&#35

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
කිම් ජොං උන් කතා කරද්දී නිදි කිරූ ආරක්ෂක ඇ&#35

BREAKING: කිම් ජොං උන් කතා කරද්දී නිදි කිරූ ආරක්ෂක ඇමති මරා දමයි
උතුරු කොරියානු නායක කිම් ජොං උන්ගේ (Kim Jong-un) නියෝගය පරිදි එරට ආරක්ෂක අමාත්‍ය යොන් යොං චොල් ප්‍රසිද්ධියේ මරණයට පත් කර තිබේ.

දකුණු කොරියානු නිල රහස් ඔත්තු සේවාවේ තොරතුරු අනුව ඔහු පුද්ගලයින් 100 දෙනෙකු පමණ පිරිසක් ඉදිරියේ ගුවන් යානා නාශක අවියකින් ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කර ඇති බව ය.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම මරණය සිදු කර ඇත්තේ, පසුගිය අප්‍රේල් 30 වන දා ය.

දකුණු කොරියානු නිල රහස් ඔත්තු සේවාව සතු තොරතුරුවලට අනුව එරට පාර්ලිමේන්තුවට මේ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇතැයි බීබීසී පුවත් සේවය පවසයි.

උතුරු කොරියානු ආරක්ෂක අමාත්‍යවරයා මරණීය දණ්ඩනයට ලක් කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ, උතුරු කොරියානු නායක කිම් ජොං උන් සහභාගි වී සිටි රැස්වීමකදී ආරක්ෂක අමාත්‍යවරයා නිදි කිරා වැටීම ය.

ඒ හරහා කිම් ජොං උන් දුන් උපදෙස්වලට සවන් නොදීම ඔහුට එල්ල වී ඇති චෝදනාවකි.

2009 වසරේ සිට කිම් ජොං ඉල්ගේ පාලන සමයේදී රාජ්‍ය නිලයකට පත් වූ යොන් යොං චොල් වත්මන් නායකයා යටතේ ද සේවය කරමින් සිටියේ ය.

උතුරු කොරියාවේ සිදු වන සිද්ධි ආවරණය කිරීමට ජාත්‍යන්තර මාධ්‍යවලට හැකියාවක් නොමැති අතර දකුණු කොරියානු රහස් ඔත්තු සේවය හරහා තොරතුරු ලබා ගැනීමට සිදු තිබේ.

කිම් ජොං උන් උතුරු කොරියාවේ නායකත්වයට පත් වීමෙන් පසුව රජයේ නිලධාරීන් සහ නියෝජිතයින් රැසක් මරණීය දණ්ඩනයට ලක් කෙරිණි.

ඒ අතර ඔහුගේ මාමා කෙනෙකු වූ චැං සොං තයීක් ද විය.

‍වත්මන් උතුරු කොරියානු නායකයාගේ මෙම වැඩපිළිවෙළ පිළිබඳව දේශපාලන විශ්ලේෂකයින් දැඩි දෝෂාරෝපණ එල්ල කර තිබේ.

ඔවුන් පවසන්නේ, කිම් ජොං උන්ගේ අපරිණත පාලනය හේතුවෙන් ජනතාව ඔහුට එරෙහිව නැගී සිටින කාලය අත ළඟ බව ය.

http://newsfirst.lk/sinhala/2015/05/breaking-%E0%B6%9A%E0%B7%92%E0%B6%B8%E0%B7%8A-%E0%B6%A2%E0%B7%9C%E0%B6%82-%E0%B6%8B%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F-%E0%B6%9A%E0%B6%BB%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93-%E0%B6%B1/
 
  • Like
Reactions: arsehole-froce

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
මට හිතෙන්නේ ඇතුලෙන්ම කැරැල්ලක් එයි ළගදිම.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උතුරු කොරියාවත් නිකන් හිට්ලර්ගේ වදකාගාර වගේ ඇති නේද බං. පුදුම කරුමයක් කරලා ඇති ඒ රටේ ඉපදෙන උන් නම්.
     
    Mar 14, 2015
    52
    1
    0
    හෝම්ලස්
    hqdefault.jpg

    එල ගොතික් කොල්ලෙක්නේ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උතුරු කොරියාවත් නිකන් හිට්ලර්ගේ වදකාගාර වගේ ඇති නේද බං. පුදුම කරුමයක් කරලා ඇති ඒ රටේ ඉපදෙන උන් නම්.

    :( මිනිස්සුන්ට ඕනවට වඩා බලය ලැබුනම ඔහොම තමයි බන්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :( මිනිස්සුන්ට ඕනවට වඩා බලය ලැබුනම ඔහොම තමයි බන්.

    ඒත් කරුමෙට ඇමරිකාවේ උනුත් උන්ට බයේ ඇඹරෙනවනේ කන්න වේවි කියලා. උන්ගේ රටේ උන්ට අනික් රටවල් එක්ක සම්බන්ධයක් නැහැ. වහල්ලු වගේ ඇති. ඕක විස‍ඳෙන්න නම් ඇතුලෙන් අනිවා කැ‍රැල්ලක් ඇවිත් අරූව බල්ලෙක් වගේ මරන්නම වෙනවා. :growl::growl:
     
    ඌ ලන්කාවටවත් බය නැද්ද??
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    ඒත් කරුමෙට ඇමරිකාවේ උනුත් උන්ට බයේ ඇඹරෙනවනේ කන්න වේවි කියලා.

    එහෙම ගහන්නේ නෑ බන් චීනය ඉන්න නිසා NK වලට sup කරන්න :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    එහෙම ගහන්නේ නෑ බන් චීනය ඉන්න නිසා NK වලට sup කරන්න :yes:

    මම නම් කියන්නේ කෙළලා දාන්න තියෙන්නේ බං. උන්ගේ රටේ උන් කොහොම ඉන්නවද දන්නේ නෑ. උන්ට ඉන්ටර්නෙට් නෑ, රේඩියෝ අහන්න බෑ. කොටින්ම පිටස්තර ලෝකේ එක්ක ගනුදෙනු නෑ. :growl:
     
    ඕව ඇමෙරිකාවට ගැති මාධ්‍ය හදන මඩ කතා බං. ඔය නිදි මරපු සීන් එකකට නෙවෙයි මරල තියෙන්නේ.:lol::lol::lol:
    ඇමෙරිකාවට ගැති බටහිර මාධ්‍ය ලොකු මඩ ප්‍රචාර ගෙනියනවා උතුරු කොරියවටයි රුසියාවටයි විරුද්ධව. ඒ ඔය රටවල් උන්ට ඕන ඕන දේ කරන්න නොදෙන නිසා.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒත් කරුමෙට ඇමරිකාවේ උනුත් උන්ට බයේ ඇඹරෙනවනේ කන්න වේවි කියලා. උන්ගේ රටේ උන්ට අනික් රටවල් එක්ක සම්බන්ධයක් නැහැ. වහල්ලු වගේ ඇති. ඕක විස‍ඳෙන්න නම් ඇතුලෙන් අනිවා කැ‍රැල්ලක් ඇවිත් අරූව බල්ලෙක් වගේ මරන්නම වෙනවා. :growl::growl:

    ඇමරිකාවට NK බය නෑ, චීනය අතගහන්න දෙන්නේ නෑ. :yes:
    චීනය කියන එක ඇමරිකාව අහනවා මොකද උන් චීනයට ට්‍ර්ලියන ගාණක් ණයයි, ඒ වගේම ඇමරිකාවේ factories ඔක්කොම තියෙන්නේ චීනයේ.