කිරල

mayuri.

Well-known member
  • Jun 26, 2010
    866
    529
    93
    ලස්සන ලංකාවේ
    කිරල

    10092015_130863354406966527_ag_cmy.jpg


    ඔටුනු අහිමි ඔටුනු ළුල නෙලනා ගාල්ලේ කිරල කිරිල්ලියෝ සොයා ගිය සුන්දර ගමන අගනේය. ළුල ගෙඩි පිළිබඳව කතා කිරීමේ දී පලතුරු ලෝකයේ ඔටුනු හිස මත දරා ඇති ගෙඩිය වන්නේ කිරලය. ඒ නිසා ඔටුනු පලන් නැතහොත් කිරුල දරා සිටින පලතුර කිරල බව පත පොතෙහි හා ජන සාහිත්‍යයේ සඳහන් වේ.

    වගුරු බිම්වල වැවෙන කිරල ශාකය පලතුරක් වශයෙන් ඉතා රසවත් මිහිරි පෝෂණයෙන් හෙබි පලතුරකි. අමුවෙන් ද ආහාරයට ගතහැකි මේ කිරල පලතුරු රසවත් ආකාරයට සකස් කරගත් විට රස පානයකි. මේ රසවත් ගුණදායි පෝෂණීය කිරල විවිධ රෝග සඳහා ඔසුවක් වශයෙන්ද ප්‍රයෝජනවත්ය. නමුත් කිරල රසවත් ගුණවත් වුවද කිරල ළුල නෙලනා අපේ කාලයේ කිරල කිරිල්ලියන්ගේ කතාන්දරය එතරම් සුන්දර නොවේ. මේ කිරල කිරිල්ලියන්ගේ කරල පැහෙන්ට නම් කිරල වගාව ආරක්ෂා කරගත යුතුය.


    10092015_130863354406030527_ag_cmy.jpg


    වගුරු බිම්වල වැවෙන කිරල ශාකය පලතුරක් වශයෙන් ඉතා රසවත් මිහිරි පෝෂණයෙන් හෙබි පලතුරකි. අමුවෙන් ද ආහාරයට ගතහැකි මේ කිරල පලතුරු රසවත් ආකාරයට සකස් කරගත් විට රස පානයකි. මේ රසවත් ගුණදායි පෝෂණීය කිරල විවිධ රෝග සඳහා ඔසුවක් වශයෙන්ද ප්‍රයෝජනවත්ය. නමුත් කිරල රසවත් ගුණවත් වුවද කිරල ළුල නෙලනා අපේ කාලයේ කිරල කිරිල්ලියන්ගේ කතාන්දරය එතරම් සුන්දර නොවේ. මේ කිරල කිරිල්ලියන්ගේ කරල පැහෙන්ට නම් කිරල වගාව ආරක්ෂා කරගත යුතුය.

    නමුත් අද මහා පරිමානයෙන් වගුරු බිම් ගොඩ කිරීම හා විනාශ කිරීම් නිසා කිරල කිරිල්ලියන්ටද කිරුල හිස මත දරා සිටින කිරලවලටද සිදුව අැත්තේ කිරුල බිම තබා පල්ලම් බසින්නටය.

    ලක්වැසියේ මෙන්ම විදේශිකයෝද කිරල පානයට කැමැත්තක් දක්වති. මේ කිරල පානය නව වෙළෙඳ සලක මෙන් තේ කඩ මෙන් භාවිතාවන ආකාරය හබරාදුව, අහංගම, ගාල්ල, හික්කඩුව ආදි ප්‍රදේශවල ගාල්ල මාතර මාර්ගයේ ගමන් කරන ඕනෑම අයකුට දැකිය හැකිය.

    වගුරුබිම් ආශ්‍රිතව ජිවත් මිනිසුන් තම ප්‍රධාන රැකියාවක් වශයෙන් සිදුකරන්නේ කිරල කඩා වෙළෙඳ පොළට රැගෙන ගොස් විකුණා මුදල් සරුකර ගැනීමයි. සමහරු නිවෙස්වලට හා ගාල්ල නගරයේ කාර්යාලවලටද ගොස් විකුණුම් කරති. පිරිසිදු ඉරටුවක අමුනන ලද කිරල ගෙඩි පහක හයක මිල රුපියල් පනහක් වේ. රසට සකස් කළ පිරිසිදු කිරල කෝප්පයක් රුපියල් විසිපහට තිහටද දැකිය හැකිය.


    10092015_130863354404782527_ag_cmy.jpg


    කිරල කිරිලියන් කී විගසම අපට මතකයට එන්නේ රුවැති මුහුණු සහිත. රුවැත්තියන්ය. අපේ කාතාවේ එන මේ කිරල කිරිල්ලියෝ මිනිසුනට නොදෙවනි වැඩ කිඩ ශිල්ප දක්වන සම්මතයෙන් එහා හිතන පතන ජිවත්වනන්ට වෙර වීරිය දරණ දිරිය කිරල කිරිල්ලියෝයි. කැත්ත, පිහිය. වලල්ල, නියවල්ල ඇතුව නැතුව කිරල ගස් අතු පතර ඇවිදින කිරල කිරිල්ලියෝ ගස් වලබඩ ගාන්නේ කල පුරුද්ද, පලපුරුද්ද නැතිනම්, සංසාරගත පුරුද්දටදැයි හිතේ. ඒ තරමට මේ කිරල කිරිල්ලියෝ තටු නොමැති වුවද ගස් අතර ගසින් ගසට පනිමින් කිරල කඩන දසුන අපට නම් සුන්දරය. පය ලිස්සා ගියහොත් ඔවුනගේ ජිවිත අවදානමේය. ඒ සඳහා කිසිදු රක්ෂණයක් නැත. ගොඩබිමි මෙන්ම ගස්වලද කස්තිරම් ගසන අපේ කාලයේ කිරල කිරිල්ලියෝ ජලයේද ගැඹුරු දියෙහිද ඔරු, පාරු, බෝට්ටු පදවාගෙන කිරල කඩන්නට දියඹට තම යාත්‍රාවෝ පදවති.

    කරක් වට දියේ බැස මළුවලට කඩා ගත් ගෝනිවලට දමා ගත් කිරල දියබේ කර තියාගෙන එන්නේ දිය කිඳුරියන් මෙන්ය. කිරල කැලෑවේ ඇවිදින මේ කිරල කිරිල්ලියෝ මහ වනාන්තරයේ ඇවිද පලතුරු නෙලන්නට ගිය සම්බුලා කුමරිය සිහිපත් කරනේය. ඇයද පලවැල කඩන්නට යන දසුන අප මතකයට එක් කරන්නේ මේ අපේ කාලයේ කිරල කිරිල්ලියන් ගැන අසනා දැකිනා විටකදීය

    යු. එස්. සිසිල් නෝනා, ඞී. ජයවති. කුමාරරත්න කොග්ගල , ගොවියාපාන සිරිමල්, ගාල්ලේ එස්. සිරියලතා, වතවනගේ කුසුමාවතී, සිරිපාල ද සිල්වා, ඞී. ඒ. අමරලතා ආදි පිරිස් මේ ආකාරයට පවසන්නේ තම ව්‍යාපාරය දියුණු කර ගන්නට යම් සහයෝගයක් ලබාදෙන ෙලසය.


    10092015_130863354296830527_ag_cmy.jpg


    10092015_130863354295270527_ag_cmy.jpg
     

    CoolBro

    Active member
  • Sep 16, 2014
    719
    227
    43
    MAchan kirala drink eka pattai godak welawata panuwo innawa eka athule hoda suddayak dala thamai hoda tika wenakaragena salt suger dala blender karala cool karala gaththama loweth na godak welawata game pot wala thai thiyenne
     

    blue_in_rio

    Well-known member
  • කිරල ඇබ කියන්නේ මොනවද බන්.

    කිරල ඇබ කියන්නේ මචන්, අර වයින් බෝතල් වගේ බෝතල් වල, මූඩිය වෙනුවට ගහන එකට.ලංකාවේ නම් ඒක හදන්න පාවිච්චි කලේ කිරල ගහේ මැද කොටස.ඒක එබෙන සුලු, රබර් වගේ එකක් :yes::yes:

    බම්ප් කරන්න මචන් :(:(
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    සාදන විදිය
    කිරල ටික හොදට සොදා ගෙන පොත්ත ඉවත්කර මදය ගන්න .සමහර වෙලාවට ඇතුළත පනුවො ඉන්නවා .හොදට බලන්න..මදය හොදට පොඩිකර ගන්න.එයට පොල්කිරි එකතු කර හොදින් පෙරා ගෙන අවශ්‍ය පමනට සිනි එකතු කරගන්න.ලුනු කුඩු ටිකකුත් දමන්න