කිරිඳි ඔය දිගේ කරඳගොල්ලට දිය ඇලි සංචාරයක්....

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කිරිඳි ඔය දිගේ කරඳගොල්ලට දිය ඇලි සංචාරයක්...

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට. කොහොමද ඉතින් ඔයාලට ? :rolleyes:

    අවුරුදු කිහිපයකට පස්සේ ආපහු එලකිරියට සංචාරක නුලක් දාන්න හිතුනා. අන්තිමට එලකිරියට ත්‍රෙඩ් එකක් දැම්මේ 2020 අවුරුද්දේ.:shocked:

    ඊට පස්සේ ජීවිතේ සෑහෙන දේවල් ගොඩක් වෙනස් වුනා.නිතරම ආගියේ නැතත් එලකිරිය අමතක උනේ නම් නැහැ.:no:
    මේ ගමන ගැන කියනවා නම් මේක ගියේ 2020 අවුරුද්දේ සැප්තැම්බර් වල මම ඇල්ලේ නතරවෙලා ඉන්න කාලේ.මමත් තව යාලුවෙකුත් ගිය ගමනක්.

    අපි ගියේ ඇල්ල නමුණුකුල පාමුල තියෙන සුන්දර නමුත් දුෂ්කර ගමක් වෙච්ච ඉලුක්පැලැස්ස කියන ගමට ගිහින්.එතනින් කිරිඳි ඔය දිගේ වරකාර ඇලි සහ පොල්ගහමූණ ඇලි බලාගෙන කරඳගොල්ලට.

    ඇල්ල හරහා බල්ලකෙටුව ගමට ආවා. මෙතනින් තමා ඉලුක්පැලැස්ස ගමට යන පාර තියෙන්නේ.

    ගමේ කෙලවර තියෙන්නේ වෙල් යායක්.
    ඔය වෙල්යාය කෙලවරින් තමා වරකාර වතුර පාර ගමන් කරන්නේ. වරකාර වතුර පටන් ගන්නේ සුන්දර නමුනුකුලෙන්.

    අපි යන දවස් වල වතුර නම් බොහොම අඩුයි. ඒ වගේම සෑහෙන පායනවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ මේ වතුර බොහොම අපිරිසිඳුයි.
    මොකද තේ වතු, ගම්මාන , වෙනත් වගාවන් අතරින් කිළුටු වෙලා තමා පහලට ගලන්නේ.
    අපි වෙල්යායෙන් වරකාර වතුර පාරට ඇවිත් ඒ දිගේම පහලට බැස්සා.

    වරකාරේ පොඩි දිය ඇලි කිහිපයක් තියෙනවා. වතුර තියෙන කාලෙට නම් මීට වඩා ගොඩක් ලස්සන ඇති.

    හැබැයි රූස්ස කැලේ එක්ක ලොකු ගල් අතරින් වතුර ගලාගෙන යද්දී අමුතුම ලස්සනක් තිබ්බා.

    මෙතනින් පස්සේ දිගටම කැලෑව.

    වරකාර ඇලි

    එතනින් පස්සේ දිගටම වතුර දිගේ පහලට බැස්මක් තිබ්බේ. සමහර තැන් වලින් කැලෙන් තමා ගියේ.

    ඔය විදිහට දිගටම ගියාම ඔය වතුර පාරට තව වතුරක් එකතු වෙන මංසන්ධියක් හම්බෙනවා.

    අන්න එතන ඇල්ල ජංගල් රිසෝට් ( Ella Jungle Resort ) එක තියෙනවා. අපි ඒක ස්කිප් කරලා තමා ගියේ.
    මොකද ඒක පෞද්ගලික දේපලක්. ඉතින් මොනවහරි ප්‍රශ්නයක් වෙයි කියල තමා ඒක මගහැරලා ගියේ.
    ඒ එකතුවෙන වතුර තමයි රාවණා ඇල්ල නිර්මාණය වෙන කිරිඳි ඔයේ ප්‍රධාන දියපහර.
    කිරිඳි ඔයේ ප්‍රධාන වතුර පාර දිගේ ටිකක් උඩට ගියාම ඒකටත් එකතු වෙන තවත් වතුරක් හම්බෙනවා.
    ඒ වතුර පාර පටන් ගන්නේ කරඳගොල්ල කඳු වලින්. හරියටම කිව්වොත් ඔය කුරුලන්ගල තියෙන කඳු බෑවුම් වලින්.,
    අන්න ඒකෙ තමා පොල්ගහමූණ එහෙම නැත්තන් පල්ලෙවෙල ඇලි හම්බුවෙන්නේ.

    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    මෙන්න යකොව් මු ඇවිල්ල. අඩේ එල මචන්. උබල මේකේ නැතුව එක එක රිලව් ඇවිල්ල මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දදා යනවා. කිසි වැඩක් නෑ. නිකන් යලට /මහට එන්නේ නැතුව දිගටම ඉදපන්. Thanks for the thread. !!!
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මෙතනින් පස්සේ අපි වතුර පාර මගහැරලා පොල්ගහමූණ වතුර් පාර හම්බෙනකන් කැලෙන් ගියේ.
    පොල්ගහමූනේ වතුරත් ඉතාම අපිරිසිඳු ලෙවල් එකේ තිබුනේ. ඒ වතුරේ අමුතු කිවුල් ගතියක් බැඳිලා තිබුන.
    මම හිතන්නේ වතුරේ හුණුගල් මිශ්‍ර වෙලා ඇති. මොකද වතුර උඩින් අමුතු පෙන වගේ පෙඳ ජාතියක් පාවෙමින් තිබුනා.

    මේ තියෙන්නේ පොල්ගහමූණ එහෙම නැත්තන් පල්ලෙවෙල ඇලි

    පොල්ගහමූනේ ඇලි දිගේ උඩටම ගියා. එතනින් පස්සේ ටික ටික රූස්ස කැලේ ඉවරයි.
    එතන ඉඳලත් කරඳගොල්ල ගමට කිලෝමීටරයක් හෝ ඊට ටිකක් වැඩි දුරක් තිබුනා.

    අපි ඊට පස්සේ වතුර පාර දිගේ උඩටම ගිහින් ගම කිට්ටුව හොඳ නාන තොටුපොළක් බලලා හොඳට නාගත්තා.
    කොහොම හරි අපි දෙන්නා කරඳගොල්ල පාලම ගාවින් ඇල්ල - වැල්ලවාය මහපාරට ගොඩවෙද්දී හවස 5 ත් පහුවෙලා. :D
    එතනින් බණ්ඩාරවෙල බස් එකක නැගලා කුඹල්වෙල හංදියේ අපේ නවාතැනට එද්දී හවස 7 විතර ඇති.
    බල්ලකෙටුවේ ගමේ ඉඳල පයින් වරකාර ඇලි ඔස්සේ කිරිඳි ඔයට ගොඩවෙලා එතනින් පොල්ගහමූණ ඇලි වලින් කරඳගොල්ලට මුළු ගමනම අපි පයින් කිලෝමීටර් 10 ට නොඅඩු දුරක් ඇවිදලා තිබුනා.:yes:
    ගමන දුෂ්කර උනත් බොහොම සුන්දර, ලේසියෙන් කෙනෙක් නොයන ගමනාන්තයක් දැක බලා ගන්න පුළුවන් උනා.

    ඉස්සර වගේ එලකිරියට ත්‍රෙඩ් දාන එක ලේසි නැහැ. අවුරුදු 3 පස්සේ එලකිරියට ලියන්නේ. පින්තුර අඩුයි සහ ලොකු විස්තර නැහැ.
    ඒකට කරන්න දෙයක් නම් නැහැ ඉතින්.
    එළකිරියේ ත්‍රෙඩ් වල සිද්ද වුනු වෙනස්කම් ගැන කියල දීපු සොලෝ රයිඩර්, උඹට තැන්ක්ස් මචං .
    එහෙනම් අපේ එළකිරි සංචාරකයන්ට ආයුබෝවන් කිව්වා හොඳේ.
    ජයවේවා......
    :love: :love: :love:
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    කිරිඳි ඔය දිගේ කරඳගොල්ලට දිය ඇලි සංචාරයක්...

    ආයුබෝවන් අපේ එළකිරි සාමාජිකයන්ට. කොහොමද ඉතින් ඔයාලට ? :rolleyes:

    අවුරුදු කිහිපයකට පස්සේ ආපහු එලකිරියට සංචාරක නුඋලක් දාන්න හිතුනා. අන්තිමට එලකිරියට ත්‍රෙඩ් එකක් දැම්මේ 2020 අවුරුද්දේ.:shocked:

    ඊට පස්සේ ජීවිතේ සෑහෙන දේවල් ගොඩක් වෙනස් වුනා.නිතරම ආගියේ නැතත් එලකිරිය අමතක උනේ නම් නැහැ.:no:
    මේ ගමන ගැන කියනවා නම් මේක ගියේ 2020 අවුරුද්දේ සැප්තැම්බර් වල මම ඇල්ලේ නතරවෙලා ඉන්න කාලේ.මමත් තව යාලුවෙකුත් ගිය ගමනක්.

    අපි ගියේ ඇල්ල නමුණුකුල පාමුල තියෙන සුන්දර නමුත් දුෂ්කර ගමක් වෙච්ච ඉලුක්පැලැස්ස කියන ගමට ගිහින්.එතනින් කිරිඳි ඔය දිගේ වරකාර ඇලි සහ පොල්ගහමූණ ඇලි බලාගෙන කරඳගොල්ලට.

    ඇල්ල හරහා බල්ලකෙටුව ගමට ආවා. මෙතනින් තමා ඉලුක්පැලැස්ස ගමට යන පාර තියෙන්නේ.

    ගමේ කෙලවර තියෙන්නේ වෙල් යායක්.
    ඔය වෙල්යාය කෙලවරින් තමා වරකාර වතුර පාර ගමන් කරන්නේ. වරකාර වතුර පටන් ගන්නේ සුන්දර නමුනුකුලෙන්.

    අපි යන දවස් වල වතුර නම් බොහොම අඩුයි. ඒ වගේම සෑහෙන පායනවා. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනේ මේ වතුර බොහොම අපිරිසිඳුයි.
    මොකද තේ වතු, ගම්මාන , වෙනත් වගාවන් අතරින් කිළුටු වෙලා තමා පහලට ගලන්නේ.
    අපි වෙල්යායෙන් වරකාර වතුර පාරට ඇවිත් ඒ දිගේම පහලට බැස්සා.

    වරකාරේ පොඩි දිය ඇලි කිහිපයක් තියෙනවා. වතුර තියෙන කාලෙට නම් මිට වඩා ගොඩක් ලස්සන ඇති.

    හැබැයි රූස්ස කැලේ එක්ක ලොකු ගල් අතරින් වතුර ගලාගෙන යද්දී අමුතුම ලස්සනක් තිබ්බා.

    මෙතනින් පස්සේ දිගටම කැලෑව.

    වරකාර ඇලි

    එතනින් පස්සේ දිගටම වතුර දිගේ පහලට බැස්මක් තිබ්බේ. සමහර තැන් වලින් කැලෙන් තමා ගියේ.

    ඔය විදිහට දිගටම ගියාම ඔය වතුර පාරට තව වතුරක් එකතු වෙන මංසන්ධියක් හම්බෙනවා.

    අන්න එතන ඇල්ල ජංගල් රිසෝට් ( Ella Jungle Resort ) එක තියෙනවා. අපි ඒක ස්කිප් කරලා තමා ගියේ.
    මොකද ඒක පෞද්ගලික දේපලක්. ඉතින් මොනවහරි ප්‍රශ්නයක් වෙයි කියල තමා ඊක මගහැරලා ගියේ.
    ඒ එකතුවෙන වතුර තමයි රාවණා ඇල්ල නිර්මාණය වෙන කිරිඳි ඔයේ ප්‍රධාන දියපහර.
    කිරිඳි ඔයේ ප්‍රධාන වතුර පාර දිගේ ටිකක් උඩට ගියාම ඒකටත් එකතු වෙන තවත් වතුරක් හම්බෙනවා.
    ඒ වතුර පාර පටන් ගන්නේ කරඳගොල්ල කඳු වලින්. හරියටම කිව්වොත් ඔය කුරුලන්ගල තියෙන කඳු බෑවුම් වලින්.,
    අන්න ඒකෙ තමා පොල්ගහමූණ එහෙම නැත්තන් පල්ලෙවෙල ඇලි හම්බුවෙන්නේ.

    ඉඹගෙන ඉඹගෙන ඉඹගෙන යන්න හිතෙනවා :oo:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Hey hey
    Look who's back :D

    මේ කිරිදිඔය තිස්ස හරියෙදි යන්නෙ අපෙ පරන ගෙවල් ලගින්
    අපි නාන්න යන්නෙ මේකෙ.

    දෙබරවැව හන්දියට මෙහා, යකඩ පාලම කියල කියන්නෙ
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,145
    1
    28,742
    113
    Hey hey
    Look who's back :D

    මේ කිරිදිඔය තිස්ස හරියෙදි යන්නෙ අපෙ පරන ගෙවල් ලගින්
    අපි නාන්න යන්නෙ මේකෙ.

    දෙබරවැව හන්දියට මෙහා, යකඩ පාලම කියල කියන්නෙ
    උඹලා නාලා තියෙන්නෙ අපිරිසිදු වතුර වලින් වගේ බලන් යනකොට
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    h17Fksm.png

    අම්මෝ දැක්ක කල්.....!!
    මැරි කොලාට පස්සෙ දැන් වැඩිය දකින්නත් නෑ...
    කාලෙකින් පොඩ්ඩක් ඇඟට දැනෙන ත්‍රෙඩ් එකක් දැක්කෙ...?