ගොඩක් අය අහලා තිබ්බා ලක්ෂ 5කින් හයකින් පොඩි ගේ කෑල්ලක් හදාගන්න විදිහ කියලා දෙන්න කියලා ඒකයි මේ ලියන්නෙ ඉන්න තැනක් නැති කුලියට අනුන්ගෙ ගෙවල් වල ඉන්න අයට අදහසක් ගන්න ලක්ෂ පහකින් හයකින් ගෙයක් කපරාදු කරලා බාත් රූම් හදලා ඉවර කරන්න අමාරුයි හැබැයි අත්තිවාරම දාලා බිත්ති බැදලා වහලෙ ගහලා උලුවහු ටික තියාගන්න පුලුවන් ඉස්සෙලාම ලෝන් ගහන්න එපා තමන්ගෙ හම්බවෙන පඩියෙන් උපරිම කරගන ඉමු ඉස්සෙලාම පොඩියට ප්ලෑන් එකක් ඇද ගන්න ගේ පොඩි උනාට කමක් නෑ සාලෙ ලොකුවට ගන්න කාමරෙත් ටිකක් ලොකුවට ගන්න 10*10 කාමර ගන්න එපා ඕකෙ ඇදක් තියලා අල්මාරියක් තියලා මේසයක් තිබ්බම ඇවිදින්නවත් ඉඩ නෑ ඒක නිසා කාමරෙත් ටිකක් ලොකුවට ඇද ගන්න මේක ටිකක් දැනුම තියෙන බාස් කෙනෙකුට කිව්වත් ඇදලා දෙයි එහෙම කරොත් නම් ඒකට සල්ලි යන්නෙ නෑ ඔයා නගර සභා ප්‍රාදේශීය සභා බලප්‍රදේශක ඉන්නවා නම් ගෙවල් හදන්න අනුමැතිය ගන්න ඕනේ ඒක නිසා ප්ලෑන් අදින කෙනෙක්ටම දෙන්න වෙනවා මොකද ඉන්ජිනේරුවකු අත්සන් නොකර ප්ලෑන් ඇපෲ වෙන්නෙ නෑ ලෝන් එකක් ගන්න හිතනවනම් ප්ලෑන් එක බැංකුවට ඉදිරිපත් කරන්න ඕනෙ ගමක නම් ප්ලෑන් ඕනෙ නෑ මං කිව්වා වගේ බාස් කෙනෙක්ට කියලා ඇදගන්න ඒකට සල්ලි යන්නෙ නෑ දැන් ගේ හදන විදිහ කියලා දෙන්නම් ඉස්සෙල්ලා ඔයාගෙ පඩියෙන් මාසෙන් මාසෙට වැලි කියුබ් එක එක ගෙනත් බා ගන්න වියදම් ටිකක් අඩු කරලා හම්බවෙන පඩියෙන් ඒක කරගන්න පුලුවන් අපේ වැඩේට වැලි කියුබ් තුනක් විතර ඕනෙ වැලි එකක් 15000ක් වගේ වෙනවා ඊට පස්සෙ කොන්ක්‍රීට් ගල් කියුබ් දෙකක් ඕනෙ ඒකත් අර වගේ ටික ටික ගෙනාගන්න කියුබ් එකක් 9000ක් වගේ වෙනවා ඊලගට කලුගල් කියුබ් එකක් ඕනෙ ඒකට 7000ක් වගේ වෙනවා ටික ටික පඩියෙන් බැලැන්ස් කරන් ගෙනත් බාගන්න තව අපිට සැටලින් ලෑලි ඕනෙ ටිකක් ලොකු කොට්ටා ගහක් හොයලා ඉරාගන්න සැටලින් ලෑලි වලට ඒවට බලපත්‍ර ඕනෙ නෑ කොට අදින්නත් පුලුවන් මෝලට දාලා ඉරාගන්න පොඩි ගානක් යයි5000ක් විතර දැන් අපි ගෙයි වැඩ පටන් ගමු මං මේ කියන්නෙ තනි තනි තට්ටුවෙ පොඩි ගෙයක් හදන විදිහ තට්ටු දෙකේ ගෙයක් නෙමෙයි අපි ඉස්සෙලාම සාලෙටයි එක කාමරේකුයි හදන්න අත්තිවාරම දාගමු මචංලා හොද බාස් කෙනෙක් කතා කරගන්න වයසක අය ගන්න එපා තරුණ වයසෙ කොල්ලෙක් හොයාගන්න ඉස්සර වගේ කානු කපලා අත්තිවාරම දාන්න එපා ශක්තිමත් විදිහට බේස් වලවල් දාලා හදන්න ඕනෙ බාස්ට එන්න කියලා නූල් ටික ගහ ගන්න ගමේ කෙනෙක් නම් ඒකට ලොකු ගානක් ගන්නෙ නෑ නූල් ටික ගහලා වලවල් ටික මාර්ක් කරගන්න මේකට ගොඩක් වෙලාවට එන්නෙ බේස් වලවල් 9 ක් වගේ ඊට වැඩි වෙන්නෙ නෑ වලවල් ටික කපාගන්න අඩි 3*3 වගේ තෙත පොලවකනම් කබොක් පස හම්බවෙනකල් කපන්න ඕනෙ ගමේ කාගෙහරි බැකෝ එකක් තියෙනවනම් ගෙන්න ගන්න බැකෝ jcb තියෙන උන්ගෙ හිත හොදයි පොඩි ගානක් අරන් වැඩේ කරලා දෙයි එහෙම නැත්තන් ගමේ මලගෙදර වල කපන්ඩ එන කොල්ලො ටික එකතු කරගන වලවල් ටික කපාගන්න උන් සල්ලි ගන්න එකක් නෑ අපේ ගම් වලනම් එහෙමයි උදව්වට එනවා හැබැයි කොල්ලො ටිකට ගල් බෝතලයක්වත් දෙන්න වෙයි පොලොව එක්ක ඔට්ටු වෙන එක ලේසි නෑ ඔහොම වලවල් ටික කපාගන්න කපලා බාස්ට එන්න කියලා කම්බි ලනු ඇන ඒවගේ අවශ්‍ය දේවල් ටික ලියලා ගෙනාගන්න අත්තිවාරම උසට විතරයි කොලම් දාන්නෙ ටයිබීම් දාන්න ඕනෙ ඒවට හොද කම්බි දාන්න පුලුවන් නම් හොදයි ලංවා වගේ RS කම්බිත් හොදයි ගොඩක් කන්ට්‍රක්සන් කරන අය දාන්නෙ ඒවා අයිති කෙනාට නොදැනෙන්න ඔයාට පුලුවන් නම් ලංවා දාගන්න කම්බි වලට සිරප් වලටත් එක්ක 40000ක් විතර යයි සිමෙන්තිත් කොට්ට 12 ක් වගේ යයි දැන් වැඩේ පටන් ගමු බාසුයි ගෝලයො දෙන්නෙක්වත් ඕනෙ ගෝලයොත් කොන්ක්‍රීට් අනංඩ කම්බි බදින්ඩ පුලුවන් අය වෙන්න ඕනෙ දැන් අර සැටලින් ලෑලි වලින් 9*9 පෙට්ටි හදාගන්න ඕනෙ අත්තිවාරම උසට ඒවා හදාගන බේස් වලවල් ටික හටියට දාගන්න ඕනෙ සාමාන්‍යයෙන් දවස් දෙකක් තුනක් යයි වැඩේට වලවල් කොන්ක්‍රීට් කරලා කම්බි බැදලා වැඩේ හරියට කරන්න ඕනෙ පොලව ගොඩක් උස්සන්න ඕනෙ නැත්තන් වටේ ගල් බැම්ම ඕනෙ නෑ ගොඩක් උස්සනවනම් ගල් බැමම ඕනෙ නැත්තන් ඕනෙ නෑ ගේ වටේට පේමන්ට් එක දානවනෙ මැද පුරවන පස් වටේට යන්නෙ නැති වෙන්නයි ඒක දාන්නෙ ටයි බීම් ටිකත් 9*9 දාන්න ඕනෙ ඔය ටික කරන්න බාස්‍ටයි ගෝලයොන්ටයි 40000ක් වගේ දෙන්න වෙයි ඊට පස්සෙ අතිතිවාරම ඇතුලට බොරලු පුරවන්න ඕනෙ සාමාන්‍යයෙන් කියුබ් 8 ක් විතර යයි එකක් 4000ක් වගේ වෙන්නෙ බොරලු පුරවලා සති දෙකක් විතර දවසට තුන් පාරක් විතර වතුර දාන්න ඕනෙ වැහි කාලෙකනම් නියමයි හොදට තද වෙන්න අරින්න ඕවා කරන ගමන් පොඩි ලෝන් එකක් ඇප්ලයි කරන්න අපේ ගේ බදින වැඩ වලට උඩ කොන්ක්‍රීට් එක දාන විදිහෙ ඉදන් ආය පාර්ට් 2 විදිහට පෝස්ට් එකක් ගේන්නම් මේකෙ නොතේරෙන තැනක් තියනවනම් මට මැසෙන්ජර් කෝල් එකක් ගන්න මේකෙ මුලු වියදම එකතු කරලා බලන්න ලක්ෂ 2 ක් වගේ මේ ටිකට ගිහින් ඇති මට අමතක වෙච්ච දේවලුත් ඇති පොඩි දේවල් මේ විදිහට වියදම් අඩු කරගන කොහොම හරි පොඩි ගේ කෑල්ලක් හදාගමු පාර්ට් 2 හෙට අනිද්දට ගේන්නම්
මේ මං ගේන පෝස්ට් එක දුප්පත් ඉන්න තැනක් නැති අය වෙනුවෙන් ගේන්නෙ සල්ලි තියන අයට මේක වැදගත් නැති වෙයි මචංලා හැමෝටම ගෙයක් හරි ඉන්න තැනක් හරි ලැබෙන්න ඕනෙ ඒකයි මගෙ ප්‍රාර්ථනය මොකද මාත් මැටි ගෙදරක හිටපු කෙනෙක් බඩගින්න වේදනාව අත්විදලා තියෙනවා අපි උනන්දු වුනොත් ගෙයක් හදාගන්න පුලුවන්
උපුටා ගැනීමකි
මේ මං ගේන පෝස්ට් එක දුප්පත් ඉන්න තැනක් නැති අය වෙනුවෙන් ගේන්නෙ සල්ලි තියන අයට මේක වැදගත් නැති වෙයි මචංලා හැමෝටම ගෙයක් හරි ඉන්න තැනක් හරි ලැබෙන්න ඕනෙ ඒකයි මගෙ ප්‍රාර්ථනය මොකද මාත් මැටි ගෙදරක හිටපු කෙනෙක් බඩගින්න වේදනාව අත්විදලා තියෙනවා අපි උනන්දු වුනොත් ගෙයක් හදාගන්න පුලුවන්
උපුටා ගැනීමකි