එකෙන්ම අමද්‍යප


හැබැයි...
ඉස්කෝලේ යන කාලේ try කරලා තියනවා, දවසක් සිගරට් පෙට්ටියක් සෙට් වෙලා සිගරට් එකකින් puff දෙකක් ගැහුවා එතනින්ම සිගරට් එපා වුණා. එක දවසක් ගෙදර හංගපු whisky බෝතලේ සෙට් වෙලා බොන්න කලින් සුවඳ නහයට ඇද්දා, පස්සේ මූඩියට අරන් උගුරක් බිව්වා ඒ දෙකෙන්ම සැර බීම එපා උනා.
මම වෙලාවකට මටම ස්තූති කරගන්නවා ඔය ජාරවල් පාවිච්චි කරන්න පුරුදු උනේ නැති එකට හැබැයි කට්ටිය සෙට් උනාම company එක දෙනවා.
ඒ වගේම ඔය පැණි බීම, energy drinks අරවා මේවා බොන්නෙත් නෑ හැබැයි අපේ ගෙදර හැමවෙලේම පළතුරු වලින් පිරිලා. එකම දුක සමහර වෙලාවට හොඳ පළතුරු ටිකක් හොයාගන්න බැරි එක, මාස ගානකින් හොඳ රහ ගස්ලබු ගෙඩියක් කන්න බැරි උනා, ගේන හැම එකම අමුවෙන් කඩලා ඉදවපු ජරාවල්

