කිලෝ 15 ක අසූචි බෝලයක් ඉන්දියාවේ ගමකට අහසින&#3

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    කිලෝ 15 ක අසූචි බෝලයක් ඉන්දියාවේ ගමකට අහසින&#3

    කිලෝ 15 ක අසූචි බෝලයක් ඉන්දියාවේ ගමකට අහසින් වැටිලා

    image_b319921df5.jpg
    ඉන්දියාවේ ගුර්ගාඔන් ප‍්‍රදේශයේ ෆසිල්පූර් බද්ලි ගම්මානයට පසුගිය සතියේ කිලෝ 12ක් පමණ බරැති නිල් පැහැති අයිස් බෝලයක් අහසින් පතිත විය. මහා හඬක් නඟමින් පොළොවට පතිත වූ එම අයිස් බෝලය දුටු ඇතැම් ගම්වැසියන් සිතුවේ එය පිට සක්වළ ජීවීන්ගේ සුවිශේෂී වස්තුවක් ලෙසිනි. තවත් පිරිසකගේ මතය වූයේ එය දෙවියන්ගේ ශුද්ධ වස්තුවක් බවටය. එම ස්ථානයට රොක් වූ ගැමියෝ අයිස් බෝලයෙන් කැබලි කඩාගෙන තම නිවෙස්වලට රැගෙන ගියහ. තමන්ට ලැබුණු ශුද්ධ වස්තුවේ කැබලි ඇඳුම් අල්මාරිවල හෝ නැතිනම් වෙනත් ස්ථානයක හෝ ආරක්ෂිතව තබා ගන්නට ඔවුහු පියවර ගත්හ.


    කෙසේ නමුදු අහසින් වැටුණු වස්තුවේ කොටස් වැඩිදුර පරීක්ෂණය සඳහා යොමු කෙරිණි. ඉන්දියානු කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනිවාර්යයෙන්ම එය ආකාශ වස්තුවක් නොවන බවටය. අවසානයේ අයිස් කුට්ටිය කුමක්දැයි හඳුනා ගැනිණි. එය ගුවන් යානයකින් ඇද වැටුණු මිනිස් අසූචි ගුළියක් බවට අනාවරණ විය. ගුවන් යානයෙන් පිටතට ඇද වැටීමේදී ඒවා ඉහළ අහසේදී අයිස් කුට්ටියක් බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් ගුවන් යානාවල මිනිස් අසූචි තැන්පත් වනුයේ විශේෂ ටැංකියකය. ඇතැම් අවස්ථාවන්හි ඒවා කාන්දුවීමට ඉඩ තිබේ. ෆසිල්පූර් බද්ලි ගම්මානයට පතිත වී ඇත්තේ එ​ෙලස කාන්දු වූ මිනිස් අසූචිය. 2016 වසරේද මෙවැනි සිදුවීමකින් 60 හැවිරිදි ඉන්දියානු කාන්තාවක් තුවාල ලැබුවාය.

    ගුවන් යානා සමාගම් යානාවලින් කාන්දුවන මිනිස් අසූචි හඳුන්වනුයේ ‘නිල් අයිස්’ නමිනි. මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දියානු සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ සහ ඉන්දියානු කාලගුණ විද්‍යා අධ්‍යක්ෂවරයා දැනුම්වත් කර තිබේ.

    2015 වසරේ මෙවැනි සිදුවීමක් නිසා තම නිවෙසේ වහලයට අලාභහානි සිදු වූ බවට බ්‍රිතාන්‍ය යුවලක් චෝදනා කර තිබේ. බ්‍රිතාන්‍යයට ඉහළ අහසේ වසරකට ගුවන් යානා මිලියන 2.5ක් පමණ සංඛ්‍යාවක් ගමන් ගන්නා බවත් ඒවායින් වසරකට නිල් අයිස් කැට 25ක් පමණ (කාන්දු වන මිනිස් අසූචි කුට්ටි) පතිත වන බවත් වාර්තා වේ.





    ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    15.gif

    හත්තිලව්වයි... බලහංකො ඒකෙත් හැටි...