කුකුළා ද පොර

phj

Member
Nov 1, 2008
1,292
367
0
Home
ඔන්න එකමත් එක කාලෙක ගමක් ලඟ තිබුන කැලෑ පාරකින් කුකුලෙක් ගමනක් ගියාලු. ඔහොම ටික දුරක් යනකොට ඔන්න කුකුලට හම්බ වෙනවලු පාර අයිනෙ වැටිලා තියෙන අරක්කු බෝතලයක්. කුකුලත් මොකද කලේ, බෝතලේ ඇරල කට ගාවට වෙනකන් පිරිලා තිබිච්ච බෝතලෙන් මූඩියට එකක් වක්කරගෙන බිව්වලු.
ෂාහ්... මාර ගතිනෙ කියලා කුකුලා තව මූඩියක් ගැහැව්වලු.... ඔහොම තුන්වෙනි මූඩියත් ගැහැව්වා විතරයි කුකුලා කරපට් වෙලා ඇදගෙන වැටුනලු..."

ඔය අතරෙ ඔතනින් යන්න ආවලු නරියෙක්. මෙන්න බොලේ මූ දැක්කලු අරක්කු බෝතලේකුයි, ඒ ලඟ වැටිලා ඉන්න කුකුලවයි. ඒ පාර නරියත් හිතුවලු,

"ෂාහ්... නියමයිනෙ බොලේ. අදනම් මගේ වාසනාව. බයිට් එකකුයි, බෝතලේකුයි දෙකම තියෙනවා.. කියලා කුකුලා දිහා බලාගෙන, "දෙකක් දාගෙනම බයිට් එක ගන්නවා" කියලා ලඟ ලඟ දෙකක් නවා ගත්තලු.......වැඩි වෙලා ගියේ නැහැල්ලු, නරියත් කට් වෙලා එතනම ඇදගෙන වැටුනලු.

තව ටිකකින් ඔතනින් යන්න ආවලු සිංහයෙක්. අප්පට සිරි සිංහයා දැක්කලු මේ සීන් එක. ඌ හිතුවලු,

"ෂාහ්... බෝතලේකුත් තියෙනවා, බයිට් එකකුත් තියෙනවා, මදි නොකියන්න ඩයට් එකත් තියෙනවා.." කියලා. එහෙම හිතලා ඌත් බෝතලේ කටේ තියාගෙන එක හුස්මට බීගෙන බීගෙන ගියාලු. වැඩි වෙලාවක් ගියේ නැහැල්ලු සිංහයත් එතනම කට් වෙලා ඇදගෙන වැටිලා දපලා බුදිලු.

ඔන්න ටික වෙලාවකට පස්සෙ අර මූඩි තුනක් බීපු කුකුලට සිහිය ආවලු. සිහිය ආපු ගමන් ඌ දැක්කෙ හිස් වෙච්ච බෝතලෙයි, වැටිලා ඉන්න නරියවයි සිංහයවයිලු. ඒ පාර කුකුලා හිතුවලු,

"අප්පද බොල, බෝතලයක් ගැහැව්වහම මාත් මාර වැඩ කාරයෙකෙනෙ බොලේ.... නරියෙකුයි, සිංහයෙකුයි දෙන්නෙක්ටම ගහලා බිම දාලනේ...
 
  • Like
Reactions: lkkanika