ඉන්දියානු.....

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    සෝවියට් නායක කෘෂයෙව් ඉන්දියානු සංචාරයකට සහබාගී වුනාලු. නේරුත් එක්ක කාර් එකේ නව දිල්ලි නගරයේ යද්දි පාර පුරා මිනිස්සු රෙනව ලු. කෘෂයෙව් ෆුල් අවුල් වුනාලු මේක දැකල.
    "ඇයි මේ මිනිස්සුන්ට මේ වගේ පාරෙ රෙන්න දීල තියෙන්නෙ?"
    නේරු දැඩි අපහසුතාවයට ලක් වෙලා දීර්ඝ විස්තරයක් කරාලු මේක ඉන්දියාවෙ සංස්කෘතියේ කොටසක් එක පාරටම වෙනස් කරන්න අමාරුයි, ටික ටික මිනිස්සු වැසිකිළි වල රෙන්න පුරුදු කරනව කියල.
    කෘෂයෙව් බඩ අල්ලගෙන හිනා වෙලා නේරුව හොඳටම බයිට් එකට ගත්තලු. "මගේ රටේ එහෙම ඔහොම කරා නං ඌව සයිබීරියාවට යවනව" කිව්වලු.
    මාස කීපයකට පස්සෙ නේරු ගියාලු සෝවියට් දේශයේ සංචාරයකට.
    කෘෂයෙව් එක්ක මොස්කව් නුවර කාර් එකේ යද්දි නේරු එක පාරටම දැක්කලු එකෙක් පාර අයිනෙ රෙනව.
    "ආන්න ඔහේගෙ රටෙත් මිනිස්සු පාරෙ රෙනව දැන් මොකද කියන්නෙ?" කියල කෘෂයෙව් ගෙන් ඇහුවලු.
    කෘෂයෙව් ට යකා නැග්ගලු.
    වහාම ආරක්‍ෂක භටයො කැඳවල කිව්වලු එතනම වෙඩි තියල පාරෙ රෙන එකාව මරන්න කියල.
    ආරක්‍ෂක භටයො රෙන එකා ළඟට ගිහින් ඌත් එක්ක කතා කරල, මොකුත් නොකරම ආපහු ආවලු.
    කෘෂයෙව් වියරු වැටුනලු.
    "ඇයි තොපිට මගේ අණ පිළිපදින්න බැරිද? මම තොපි යවනව සයිබීරියාවට"
    "සහෝදරයා, ඒ ඉන්දියානු තානාපති තුමා"