රාගම , කුරුකුලාව පදිංචි දිනූෂා ආරච්චි යන කාන්තාව විසින් සිය සැමියාගේ පළමු විවාහයේ 1. හැවිරිදි ගැහැණු ළමයාට වාචික / ශාරීරික හිංසා සහ මරණීය තර්ජන කරනා වීඩියෝ 2ක් ඊයෙ (09/03) සවස් කාළයේ සිට මුහුණු පොත කලඹා ඇත.
වයස අවු 17 වන මෙම ගැහැණු ළමයාගේ පියා විදේශ රැකියාවක නියතුය . පියාගේ දෙවෙනි විවාහයෙන් ඇයට වයස අවුරුදු 11 පමණ නැගණියක්ද වෙති.
වීඩියෝවේ කුඩම්මාගෙන් පහර කන , අසභ්‍ය වචන අසන, මරණ තර්ජනය ලබන මෙම ගැහැණු ළමයා හදවත් රෝගියෙක් බවද මීට පෙර ශල්‍ය කර්ම 2ට භාජනය වී ඇති බවද , තවත් එක් ශල්‍ය කර්මයක් සඳහා පියා විසින් මිලියන 5ක මුදලක් එකතු කරන බවද , එම මුදලට තන්හාවේ මෙම කාන්තාව මෙසේ සණ්ඩු සරුවල් කරනා බවද කියැවේ.
වත්තල ප්‍රා.ලේ. කාර්යාලයේ නිළධාරින් 2ක් සහ රාගම පොලීසියෙ නිළධාරිනිය මෙම නිවසට ගොස් ඇත.
දොර ජනෙල් හොඳින් ඉබ්බො දමාගෙන මෙම කාන්තාව ඉතා ආරක්ෂිතව වෙසෙන බවත් පොලීසියෙන් පැමිණි විට පවා දොරවල් විවෘත කරවා ගැනීමට අසල්වාසින් ඇයව දු.ක. සම්බන්ධ කරගත යුතු වූ බවත් කියැවේ.
අදාල ගැහැණු ළමයාගෙන් කට උත්තරයක් ගෙන රාගම රෝහලට ඇතුළත් කර ඇත. ළමයා මේ වන විටත් රෝහලේය.
වයස අවු 11 ගැහැණු ළමයා "අම්මාව ගෙනියන්න එපා " හඬා ඇති බැවින් , පොලීසියට ගෙන ගිය කාන්තාවව යළි නිවසට එවා ඇත. (?) මෙය මහා විහිළුවකි . රාගම පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකෙරුවේ ඇයි ?? මහා ගැටළුවකි.
මෙතරම් පැහැදිලි ලෙස ක්‍රියා, වචන , දෙබස් ඇති CCඨ්V දර්ශන ඇති සිදුවීමකදීත් රාජකාරිය නිසි ලෙස නොකිරීම , රටේ ළමයින් විනාශ කිරීමකි .
රාගම රෝහලේ වෛද්‍ය වරයෙක් මෙම මවට වාසි වන අයුරින් ඉතා තදින් කතා කර යම් නිලධාරින්ව අධෛර්යමත් කල බවක්ද කියැවේ. (?)
තිත්ත ඇත්ත කතාව මෙයය. මෙම අත් අඩංගුවට ගැනීම සිදු වූයේ අප නි.පො.ප. රේණුකා ජයසුන්දර මහත්මියව දැනුවත් කිරීමෙන් අනතුරුවය . පොලීසිය මෙම නපුරු කුඩම්මාගේ නිවසට අද දින පිටත් වූයේ නි.පො.ප.තුමියගේ උපදෙස් වලට අනුව පමණි.
අද උදෑසන වන විට මෙම කුඩම්මා නිවසින් බැහැර ගොසිනි. කෙසේ හෝ පෙ.ව. 11.30ට ඇයව පොලීසියට ගෙන්වාගෙන අත් අඩංගුවට ගන්නා ලදී.
1. මෙම කාන්තාවට උපරිම දඬුවම් ලබා දිය යුතුය (ඇයගේ වචන ඉතා පැහැදිලිව ඇයගේ මනසේ වඓරය හුවා දක්වයි .)
2. මෙම කාන්තාවගේ වයස අවු 11 ගැහැණු ළමයාවද වහාම රෝහල් ගත කරවා ශාරීරික සහ මානසික වද හිංසාවන්ට භාජනය වී ඇත්දැයි පරීක්ෂා කළ යුතුය .
3. අවු 11 ගැහැණු ළමයාව වහාම පරිවාස භාරයට ගත යුතුය . ඇය මෙම ළමයාගේ ජීවිතයටද කරදරයක් කිරීමට ඇති ඉඩ කඩ බොහෝය.
4. මෙහි එක් වීඩියෝවක සිටින පිරිමි පුද්ගලයාවද ප්‍රශ්න කළ යුතු වන්නේ ඔහු ඉතා පැහැදිලිව මෙම 17 වියැත් ගැහැණු ළමයාට " පානදුරේ යන්න , මේ ගෙදරින් පිටවන්න" කියන්නේ ඇතුලාන්ත තොරතුරු දන්නා නිසාවෙනි.
ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි කළෙමු. යොමු අංකයක් දීමට ඔවුන්ට නොහැකිය. ඒ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බැවිනි . ඊයේ සිට කර ඇති කාර්යය :- පොලීසිය දැනුවත් කිරීම සහ තවත් පොඩි ළමයින් ඇති හේතුව නිසා පොලීසියෙන් අත් අඩංගුවට ගෙන නැති බව පිළි ගැනීම , අද දින අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ඇත. (?? )
වෙනත් ළමයින් නිවසේ සිටීම හේතුවෙන් ඕනෑම වැරැද්දක් කල හැකිය, අත් අඩංගුව්ට ගත යුතු නැත ??? (අපේ ළමයි පවූ
පොල්ස් ළමා හා කාන්තා කාර්යංශයට 0112 444 444 පැමිණිළි කළෙමු. අංකය 93/2023/HLTR
නියෝජ්‍ය පොලිස් පති රේණුකා ජයසුන්දර මහත්මියව දැනුවත් කළෙමු.
මෙම වීඩියෝව මුදා හැර ඇති නීතිඥ මහතාට රටම ස්තූති කල යුතුමය.
මුහුණු පොත හරහා (අපව සඳහන් කරනා ලද , පණිවුඩ එවනා ලදා , වට්සැප්ප් මාර්ගයෙන් තොරතු ලබා දුන් කතා බහ කල හා පැමිණිළි කල සියළු දෙනාට ස්තූතියී
මේ පිළිබඳව සමාජය දැනුවත් කරනා ලද හදවතක් ඇති මහතාටද අපගේ ගෞරවය .
ඔක්කොම ඒවා උඹේ පිටින් යවන්නෙ. මොකද තෝ තමයි මේ ඔකොටම මුල. අලවංගුව අරං මෙහෙම කුඩු කරන්නෙ , ඔය ඔක්කොම.
තෝ මෙච්චර වෙලා ..........ද?
තෝ පට්ට ...../\.
තොට ගහනවා උණු වතුර
උඹව මම , තෝව පෙති ගහහල මරලා මං පාර්සල් කරලා තියනවා පාරෙ, අරූට ඇවිල්ලා බලන්ඩ කියලා. බලපංකො මම මේ පාර නටන නාඩගම .
මට කරපු දේවල් වලට මං පළි අරගෙනමයි ..... උසාවි.... ? මං යන්න බයයි උසාවි...? මං යන්ඩ භයයි ??? පො.... මං ලංකාවට ගෙන්නලා , මං උසාවි යන්නෙ කොහොමත් මරලා තමයි ...එතකොට අනිවාර්යයෙන් ලංකාවට එන්න වෙනවනෙ. මරනව තමඉ, මේකිව අනිවාර්යයෙන් මං මරනවා , මරනවා කිව්වොත් මරනවා, , නිකං නෙවෙයි සාහසික විදියට ... ඇයගේ වචන වලින් යම් ප්‍රමාණයක් පමණි.
12.35ට අප පොලීසිය හා සම්බන්ධ වන විට හිරු මාධ්‍යය රාගම පොලීසියට පැමිණ සිටිනා ලද අතර , නිවැරදි තොරතුරු සමාජ ගත කරනු ඇති බවට අපි විශ්වාස කරන්නෙමු
ගරු නියෝජ්‍ය පොලිස් පත් තුමියණි, ඔබට අපගේ ස්තූතිය හා ගෞරවය .