කුඩම්ම පොඩි කෙල්ලෙක්ට ගහනව බල්ලට වගේ...

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ඔය වගේ ඉස්කෝලෙක සර් කෙනෙක් ළමයිට ගුටි දෙන වීඩියෝ එකක අපිට ගුරුවරු දඩුවම් කරලා හැදුව නිසා තමයි අද අපි මෙහම දියුණු වෙලා හැදිලා ඉන්නේ කියලා කෙනෙක් කොමෙන්ට් කරලා තිබ්බ.

    බලද්දී හංදියක ත්‍රිවිල් එකක් පදින හාදයෙක්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    මේක comments වල තිබුණේ, ඒක upload කරලා දැම්මා
    සංවේදි අය බලන්න එපා, මුල් වීඩියෝ එකට වඩා අවුල්


    අඩු කුලේ ගෑනියෙක් කියලා හැසිරීමෙන් කියන්න පුළුවන්
     
    • Like
    Reactions: Any.key

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බුකි පිටුවක් තියෙන්නෙ චයිල්ඩ් ප්‍රොටෙක්ක්ශන් ෆොස් කියලා, එකෙ දාපල්ලා, මගෙ බුකි ඔක්කොම බ්ලොක්, කැරි ජෙප්පො රිපොර්ට් ගහලා මාසෙයක් දහම්පාසල්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    පොලිසියේ උන්ගෙන් නම් මීට වැඩිය දෙයක් expect කරන්න බෑ. වයිරල් උනොත් නම් උන් ඇක්ශන් එකක් ගනී මීඩියා වලින් කේස් නිසා.




    රාගම , කුරුකුලාව පදිංචි දිනූෂා ආරච්චි යන කාන්තාව විසින් සිය සැමියාගේ පළමු විවාහයේ 1. හැවිරිදි ගැහැණු ළමයාට වාචික / ශාරීරික හිංසා සහ මරණීය තර්ජන කරනා වීඩියෝ 2ක් ඊයෙ (09/03) සවස් කාළයේ සිට මුහුණු පොත කලඹා ඇත.
    වයස අවු 17 වන මෙම ගැහැණු ළමයාගේ පියා විදේශ රැකියාවක නියතුය . පියාගේ දෙවෙනි විවාහයෙන් ඇයට වයස අවුරුදු 11 පමණ නැගණියක්ද වෙති.
    වීඩියෝවේ කුඩම්මාගෙන් පහර කන , අසභ්‍ය වචන අසන, මරණ තර්ජනය ලබන මෙම ගැහැණු ළමයා හදවත් රෝගියෙක් බවද මීට පෙර ශල්‍ය කර්ම 2ට භාජනය වී ඇති බවද , තවත් එක් ශල්‍ය කර්මයක් සඳහා පියා විසින් මිලියන 5ක මුදලක් එකතු කරන බවද , එම මුදලට තන්හාවේ මෙම කාන්තාව මෙසේ සණ්ඩු සරුවල් කරනා බවද කියැවේ.
    වත්තල ප්‍රා.ලේ. කාර්‍යාලයේ නිළධාරින් 2ක් සහ රාගම පොලීසියෙ නිළධාරිනිය මෙම නිවසට ගොස් ඇත.
    දොර ජනෙල් හොඳින් ඉබ්බො දමාගෙන මෙම කාන්තාව ඉතා ආරක්ෂිතව වෙසෙන බවත් පොලීසියෙන් පැමිණි විට පවා දොරවල් විවෘත කරවා ගැනීමට අසල්වාසින් ඇයව දු.ක. සම්බන්ධ කරගත යුතු වූ බවත් කියැවේ.
    අදාල ගැහැණු ළමයාගෙන් කට උත්තරයක් ගෙන රාගම රෝහලට ඇතුළත් කර ඇත. ළමයා මේ වන විටත් රෝහලේය.
    වයස අවු 11 ගැහැණු ළමයා "අම්මාව ගෙනියන්න එපා " හඬා ඇති බැවින් , පොලීසියට ගෙන ගිය කාන්තාවව යළි නිවසට එවා ඇත. (?) මෙය මහා විහිළුවකි . රාගම පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකෙරුවේ ඇයි ?? මහා ගැටළුවකි.
    මෙතරම් පැහැදිලි ලෙස ක්‍රියා, වචන , දෙබස් ඇති CCඨ්V දර්ශන ඇති සිදුවීමකදීත් රාජකාරිය නිසි ලෙස නොකිරීම , රටේ ළමයින් විනාශ කිරීමකි .
    රාගම රෝහලේ වෛද්‍ය වරයෙක් මෙම මවට වාසි වන අයුරින් ඉතා තදින් කතා කර යම් නිලධාරින්ව අධෛර්යමත් කල බවක්ද කියැවේ. (?)
    තිත්ත ඇත්ත කතාව මෙයය. මෙම අත් අඩංගුවට ගැනීම සිදු වූයේ අප නි.පො.ප. රේණුකා ජයසුන්දර මහත්මියව දැනුවත් කිරීමෙන් අනතුරුවය . පොලීසිය මෙම නපුරු කුඩම්මාගේ නිවසට අද දින පිටත් වූයේ නි.පො.ප.තුමියගේ උපදෙස් වලට අනුව පමණි.
    අද උදෑසන වන විට මෙම කුඩම්මා නිවසින් බැහැර ගොසිනි. කෙසේ හෝ පෙ.ව. 11.30ට ඇයව පොලීසියට ගෙන්වාගෙන අත් අඩංගුවට ගන්නා ලදී.
    1. මෙම කාන්තාවට උපරිම දඬුවම් ලබා දිය යුතුය (ඇයගේ වචන ඉතා පැහැදිලිව ඇයගේ මනසේ වඓරය හුවා දක්වයි .)
    2. මෙම කාන්තාවගේ වයස අවු 11 ගැහැණු ළමයාවද වහාම රෝහල් ගත කරවා ශාරීරික සහ මානසික වද හිංසාවන්ට භාජනය වී ඇත්දැයි පරීක්ෂා කළ යුතුය .
    3. අවු 11 ගැහැණු ළමයාව වහාම පරිවාස භාරයට ගත යුතුය . ඇය මෙම ළමයාගේ ජීවිතයටද කරදරයක් කිරීමට ඇති ඉඩ කඩ බොහෝය.
    4. මෙහි එක් වීඩියෝවක සිටින පිරිමි පුද්ගලයාවද ප්‍රශ්න කළ යුතු වන්නේ ඔහු ඉතා පැහැදිලිව මෙම 17 වියැත් ගැහැණු ළමයාට " පානදුරේ යන්න , මේ ගෙදරින් පිටවන්න" කියන්නේ ඇතුලාන්ත තොරතුරු දන්නා නිසාවෙනි.
    ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිළි කළෙමු. යොමු අංකයක් දීමට ඔවුන්ට නොහැකිය. ඒ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බැවිනි . ඊයේ සිට කර ඇති කාර්‍යය :- පොලීසිය දැනුවත් කිරීම සහ තවත් පොඩි ළමයින් ඇති හේතුව නිසා පොලීසියෙන් අත් අඩංගුවට ගෙන නැති බව පිළි ගැනීම , අද දින අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ඇත. (?? )
    වෙනත් ළමයින් නිවසේ සිටීම හේතුවෙන් ඕනෑම වැරැද්දක් කල හැකිය, අත් අඩංගුව්ට ගත යුතු නැත ??? (අපේ ළමයි පවූ
    පොල්ස් ළමා හා කාන්තා කාර්‍යංශයට 0112 444 444 පැමිණිළි කළෙමු. අංකය 93/2023/HLTR
    නි‍යෝජ්‍ය පොලිස් පති රේණුකා ජයසුන්දර මහත්මියව දැනුවත් කළෙමු.
    මෙම වීඩියෝව මුදා හැර ඇති නීතිඥ මහතාට රටම ස්තූති කල යුතුමය.
    මුහුණු පොත හරහා (අපව සඳහන් කරනා ලද , පණිවුඩ එවනා ලදා , වට්සැප්ප් මාර්ගයෙන් තොරතු ලබා දුන් කතා බහ කල හා පැමිණිළි කල සියළු දෙනාට ස්තූතියී
    මේ පිළිබඳව සමාජය දැනුවත් කරනා ලද හදවතක් ඇති මහතාටද අපගේ ගෞරවය .
    ඔක්කොම ඒවා උඹේ පිටින් යවන්නෙ. මොකද තෝ තමයි මේ ඔකොටම මුල. අලවංගුව අරං මෙහෙම කුඩු කරන්නෙ , ඔය ඔක්කොම.
    තෝ මෙච්චර වෙලා ..........ද?
    තෝ පට්ට ...../\.
    තොට ගහනවා උණු වතුර
    උඹව මම , තෝව පෙති ගහහල මරලා මං පාර්සල් කරලා තියනවා පාරෙ, අරූට ඇවිල්ලා බලන්ඩ කියලා. බලපංකො මම මේ පාර නටන නාඩගම .
    මට කරපු දේවල් වලට මං පළි අරගෙනමයි ..... උසාවි.... ? මං යන්න බයයි උසාවි...? මං යන්ඩ භයයි ??? පො.... මං ලංකාවට ගෙන්නලා , මං උසාවි යන්නෙ කොහොමත් මරලා තමයි ...එතකොට අනිවාර්‍යයෙන් ලංකාවට එන්න වෙනවනෙ. මරනව තමඉ, මේකිව අනිවාර්‍යයෙන් මං මරනවා , මරනවා කිව්වොත් මරනවා, , නිකං නෙවෙයි සාහසික විදියට ... ඇයගේ වචන වලින් යම් ප්‍රමාණයක් පමණි.
    12.35ට අප පොලීසිය හා සම්බන්ධ වන විට හිරු මාධ්‍යය රාගම පොලීසියට පැමිණ සිටිනා ලද අතර , නිවැරදි තොරතුරු සමාජ ගත කරනු ඇති බවට අපි විශ්වාස කරන්නෙමු
    ගරු නි‍යෝජ්‍ය පොලිස් පත් තුමියණි, ඔබට අපගේ ස්තූතිය හා ගෞරවය .
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    බඩු අල්ලලා ඇතුලේ... මෙන්න

    allal.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113

    සමාජ මාධ්‍ය කැළඹූ දැරියට පහර දුන් සිද්ධියේ කාන්තාව අත්අඩංගුවට​



    Friday, මාර්තු 10, 2023 - 16:14
    පුවත්

    කාන්තාවක් දැරියකට අතින් පයින් පහරදෙන ආකාරය දැක්වෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවට අදාළව එම පහර දීම සිදු කළේ යැයි කියන කාන්තාව අද(10) අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය සදහන් කරයි.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරකෑමට ලක්වු දැරියගේ කුඩම්මා වන කරවිට ආරච්චිලාගේ දිනූෂා නමැති රාගම කුරුකුලාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.

    පහරකෑමට ලක්වූ දැරිය රාගම පොලිසියේ පොලිස් නිලධාරීනියකගේ අධීක්ෂණය යටතේ රාගම ශික්ෂණ රෝහලේ 42 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටීයි.

    දැරියගේ පියා විදේශගතව රැකියාවක් කරන බවත් පියාගේ දෙවන විවාහයේ බිරිව වන මෙම කාන්තාව සමග මෙම දැරිය ජීවත්වන බවත් පොලිසිය පවසයි.

    වින්දිත දැරියගේ පියා විදේශගතව සිට නිවසේ සවි කර තිබෙන සීසීටීවී කැමරා වල දර්ශන සිය ජංගම දුරකථනය ඔස්සේ ලබාගෙන ඔහු විසින් මුහුණු පොත ඔස්සේ දැරියට පහරදෙන මෙම වීඩියෝව මුදා හැර ඇති බවට පොලිස් විමර්ශනවලින් කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    දැරියගේ පියා සහ කුඩම්මා අතර යම් විරසකයක් තිබීම හේතුවෙන් මෙම වීඩියෝව මෙසේ සමාජ මාධ්යට මුදාහැරිය ඇති බවට පොලිසිය සැක කරයි.

    අත්අඩංගුවට ගත් සැකකාරිය වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

    බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග අනුව කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බැසිල් ක්‍රිෂාන්ත මහතාගේ සහ කැලණිය සහකාර පොලිස් අධිකාරී පෙරමුණ මහතාගේ උපදෙස් මත රාගම වැඩබලන පොලිස් ස්ථානාධිපති අසේල පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් කාන්තා පොලිස් පරීක්ෂක වත්සලා , කා. පො. කො.8230 කාංචනා යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුකරති.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මිනිහටත් දැන් ඩිවෝස් එක ගන්න ඕනනන් වැඩේ ලේසි.
    ඔව් දැන් උට දිකසදෙදි ගැනිට නඩත්තු ගාස්තු ගෙවනන්ත් ඕන වෙන එක නැ සමහර විට. එත් පව් අර අනිත් අවරුදු 11 දරුවට.
     
    • Like
    Reactions: sachith19920726