කුණ්ඩුමණී

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
:):)කුණ්ඩුමණී:):)

මන්නාරම් පිටි වැල්ලේ - මදටිය වැල් ඔන්චිල්ලේ

කොණ්ඩෙ කඩන් හදට හඬන් - සිංදු කියන්නේ
කුණ්ඩුමණී . . .

නැහැයෙ කරාබුව දෙකණේ කඩුක්කම් දමා සියොලඟ
මොට්ටැක්කිළියෙන් හැඩකොට වසා ඉඟ නමා
උළුඳු කොටා තල වේලා තල් පත් මත ගිණි අව්වේ ලා
කුණ්ඩුමණී . . .

සෙම්බු කලේ උකුලෙ හොවා ආඬි ලිඳෙන් දිය ඇදලා
ලූණු පාත්තියට දමා විඩාපත් වෙලා
හැන්දෑවට කෝවිල් ගොස් පොල් ගහලා නළලේ අලු ගා
කුණ්ඩුමණී. . .

ගොම ඉහලා හැදූ ගෙබිම පිච්ච මලින් සරසාලා
කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා
කුම්බු ඝටම් මෘදංග නද මුළු ගමටම හඩවා දීලා
කුණ්ඩුමණී. . .

සණ්ඩු කරල බැණුම් අහල හැංගි හැංගි බැන්ද ප්‍රේමෙ
මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
කුණ්ඩුමණී. . .


සංගීතය: වික්ටර් රත්නායක
පද: ප්‍රේමකීර්ති ද අල්විස්
නද: ෆ්‍රෙඩී සිල්වා


ෆ්‍රෙඩී අප හඳුනන්නේ 1960 - 1990 කාලය අතර වූ දශක තුනක් තුල සිටි අපගේ අසහාය විකට නලුවා ලෙසය. එසේ වුවද ඔහුගේ රඟපෑම විකට චරිත වලට පමණක් සීමා නොවීය. සූකිරි කෙල්ල චිත්‍ර පටයේ ඔහු මන්ද බුද්ධික තරුණයකුගේ භූමිකාවද රැඟ පෑවේ කොටන කුකුළාට කොයි කොටුවත් එකය යන්න සනාථ කරමිනි. එසේ වුවත් ෆ්‍රෙඩී සිල්වා අප හඳුනා ගත්තේ ඔහුගේ ගායනයෙනි. ඔහු මුලින්ම ගුවන් විදුලි සංස්ථාවට පැමිණියේත් ගායනයේ මහිමයෙනි. ෆ්‍රෙඩී එතරම් ගීත සංඛ්‍යාවක් ගයා නැත. අප අතරින් වෙන් කරනු ලැබූ ඒ සහෘදයා, ප්‍රේමකීර්ති ගේ පද වැල් වලට ෆ්‍රෙඩී ගීත දුසිමක් පමණ ගැයීය. මේ සියල්ලම එකල අතිශය ජනප්‍රිය වූ ගීත විය. කුණුඩුමණී වනාහි ෆ්‍රෙඩී ගීතය සමග එක්වූ අවස්ථාවන්ගේ කූට ප්‍රාප්තියයි.

මේ ගීතය සංගීත සම්ප්‍රදාය දෙකක සම්මිශ්‍රණයකි. එකක කතරගම හා ඉන්දියානු ද්‍රවිඩ ජනයා අතර ප්‍රචලිත කාවඩි නැටුම් වල එන තාලයයි. නමුත් සංගීත භාණ්ඩ වැයෙන්නේ කෝවිල් වල හා හින්දු මංගලෝත්සව වල වැයෙන් ගැටම්, මෘදංග හා නළා වර්ග භාවිතයෙනි. මේ සංගීත සම්ප්‍රදාය තුලට ප්‍රේමකීර්තිගේ පද වැල මනාව ගලපා තිබේ. සංගීතය සමග ගැයෙන ආකාරයට ද්‍රවිඩ වදන් මෙහි යොදා තිබෙන හැටිද අපූරුය.

පිටිවැල්ල යනු මන්නාරම පෙදෙසේ ඇති සිහින් කහ පැහැති වැල්ලකි. හින්දු ගෙවල් වල ඇතුළු උයනේ බඳින ඔංචිල්ලාවක් ඇත. කුණ්ඩුමණී ගේ නිවෙසේ එය වැසී ඇත්තේ මදටිය වලින් කල සැරසිල්ලකිනි. කතා නායකයා මේ පැමිණ සිටින්නේ කුණ්ඩුමණීගේ විවාහ මංගල්‍යයටය. ඔහු ඇතැම් විට දුප්පත් පවුලක විය හැකිය, මන්ද උයනේ ඔංචිල්ලා බැඳීම ආදිය කරනුයේ ධනවත් පවුල් වල බැවිනි. කුන්ඩුමණී ගේ නැහැයේ කරාබුව, කඩුක්කම් දමා, මොට්ටැක්කිලියෙන් හිස වසා ගෙන තල වේලන අයුරු ඔහුට මතක් වේ. ආඬි ලිඳෙන් කළයට දිය ගෙන ලූණු පාත්තියට දමන අයුරු, කෝවිල් ගොස්, පොල් ගසා පූජා පවත්වන'යුරු ඔහුට මතක් වේ. එසේ වුවත් අද ඇගේ ගෙය ගොම ඉහ පිරියම් කර ඇත. කෙසෙල් ගස් දෙකක් කැන් පිටින් සිටවා ඇත (හින්දු මංගලෝත්සව වල කෙරෙන සැරසිල්ලකි). විවිධ බෙර වර්ග වැයේ. එනම් මංගල්‍යයක් එම ගෙදර පැවත්වේ. කලකට පෙර රණ්ඩු කරමින්, බැණුම් අහමින් සහ සැඟවෙමින් කරන ලද ප්‍රේමය අද අවසන්ය. කුණ්ඩුමණී ගේ අත ගන්නා පුද්ගලයා (ඔහු මහ රජකු ලෙස ඔහුට වැටහෙයි) එන කල ඔහුට සිදු වී ඇත්තේ කීකරු වී පසෙකට වී බලා සිටීමටයි. ගීතය තුල ප්‍රේමකීර්ති අලංකාර ලෙස වචන භාවිත කරයි. එසේම ද්‍රවිඩ ජනයගේ ඇවතුම්පැවතුම් ගැන ඔහුගේ ඇති දැනුමද මෙයින්ම ප්‍රදර්ශනය වේ.

පසු කලෙකදී ආර්ථික දුෂ්කරතා නිසා ෆ්‍රෙඩී සන්ෆ්ලවර් ආදී ගීත වනසන සංගීත කණ්ඩායම් සමග ගායනයේ යෙදුණි. අප අවාසනාවකට අද සුරැකී ඇත්තේ එම ගීත ද පමණි. එනමුත් අන්තර්ජාලය මඳක් පිරික්සීමේදී ෆ්‍රෙඩී "නන්දන වින්දන" වැඩසටහනට 1983 දී ගැයූ කුණ්ඩුමණී ගීතයේ කොටසක් හමු විය. බාගත කරන්නට ඇති ගීය හා සසඳන විට ෆ්‍රෙඩී එකල කොතරම් ප්‍රතිභා පූර්ණ ගායකයකුද යන්න වටහා ගත හැකි වනු ඇත.
එමෙන්ම මෙහි මුල්ම පටිගත කිරීමද මම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරමි. http://www.youtube.com/watch?v=oHt-a1J_WT0&feature=player_detailpage

බටහිර සංගීත භාණ්ඩ වලින් තොරව ඝටම්, මෘදංග, තබ්ලා සහ නළා වලින් මුල්ම ගීතය වාදනය වේ. මෙහි මා මුලින් සඳන් කල කාවඩි හා කෝවිලේ පූජාවන් යන දෙකෙහිම ඇති ශබ්ද හඳුනා ගන්නට හැකි වනු ඇත. ෆ්‍රෙඩී ලා, විජයලා, ප්‍රේමකීර්තිලා නැතිව ගියේ අප අවාසනාවටය. ඔවුන්ට මෙවන් නිර්මාණ බොහෝ කරන්නට ඉඩ තිබිණි. නමුත් දෛවය ඔවුන්ට හරස් විය. :):):):):):)

උපුටා ගත්තකි .

[FONT=&quot]මම මගේ එළකිරි යහළුවොත් එක්ක මේ සින්දුව බෙදාගන්න හිතුවා ... ...ඒ නිසයි දැම්මේ ..[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]Repost [/FONT][FONT=&quot]නම් සමාවෙන්න ඕ[/FONT][FONT=&quot]නෑ ...[/FONT][FONT=&quot]ඔයාටල ගොඩක් වටිනවයි කියලා හිතෙනවනම්[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]
[/FONT][FONT=&quot]Rep +++[/FONT][FONT=&quot]වලින් සලකන්න ...එහෙම බැරිනම් අඩුම ගානේ[/FONT][FONT=&quot] Bump[/FONT][FONT=&quot]එකකින් වත් පොඩි සහයෝගයක් දක්වලා[/FONT][FONT=&quot]Thread [/FONT][FONT=&quot]එක ඉහලට ගන්න උදව්[/FONT][FONT=&quot]කරන්න .[/FONT]:):):):):)

 

maheshlakshan

Active member
  • Aug 16, 2008
    457
    59
    28
    ඇත්තම කියනවනම් මම ඔය සිංදුව මුලින්ම ඇහුවෙ බස් එකක් හිගන්නෙක්ගෙන්
    වටින සිංදුවක්
     
    • Like
    Reactions: baamitha

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරැ හරි ගාම තියෙනවනමි freddy silva mp3 ටිකක් දෙන්ඩකෝ
    මම ගාව තියෙන එවා ඇහෙන්නෙ නැ :confused: