මටත් තියන ලොකුම ප්‍රශ්නෙ ඔක තමයි. අපි එකතු වෙලා දවසක භාවනා කරමුද? ඉට පස්සෙ තනියම ප්‍රගුන කරමු . ඔබ ගාව තියන ඔය පොත් පත් ටික අපි ස්කෑන් කරල නෙට් එකෙ බෙදා දෙමු පින් සිද්දවෙයි
මිනිසාගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තියක් ගැන යෝග දර්ශනයේ සඳහන් වෙනවා. කුන්ඩලීනි කියන්නේ සංස්කෘත භාෂාවෙන් නාගයාට කියන තවත් නමක්. ඔය ශක්තිය අපේ කොඳු නාරටියේ bottom එකේ නාගයෙක් දරණ ගහගෙන වගේ සැඟවිලා තියෙන නිසා තමයි ඕකට කුන්ඩලීනි ශක්තිය කියලා කියන්නේ.(ඇත්තටම ශක්තිය කියන එකට shape එකක් නැහැ).
අපේ කොඳු ඇටපෙලේ තියෙනවා චක්‍ර කියලා දෙයක්, කුන්ඩලීනි ශක්තිය ඒවා පහු කරන තමයි එන්නේ. ඒ ශක්තිය එක චක්‍රයකට ආවාම ඒ පුද්ගලයා ඒ ශක්තිය එක චක්‍රයකට අවිදි කරගත්ත කෙනෙක්. දෙවැනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනෙක් පලවෙනි චක්‍රය දක්වා අවදි කරගත්ත කෙනාට වඩා බලවත්.
![]()
ඔය චක්‍ර කියන්නේ වෙන මොනවත් නෙවෙයි, අපේ ස්නායු පද්ධතියට තමයි ඔය චක්‍ර කියන්නේ
( Each of the seven chakras is associated with one of the seven endocrine glands, and also with a group of nerves called a plexus. Thus, each chakra can be associated with particular parts of the body and particular functions within the body controlled by that plexus or that endocrine gland associated with that chakra.)
ඔය චක්‍ර අපි හඳුන් වන්නේ මෙහෙම.
1) මූලාධාර
2) ස්වාධිශ්ඨාන
3) මනිපූර
4) අනහත
5 ) විශූඪ
6) ආඥා
7) සහස්රාර
ඔය කුන්දලිනි යෝගය ගැන අකාල සන්ද්‍යා කියන ටෙලිනාට්‍ය යේ ගියා, අපේ ඉස්සර අංගම්පොර කරන කට්ටිය ඕක practise කරා. කුන්දලිනී යෝගය ලබා ගත්තම ඒ පුද්ගලයා ඉතා ශක්තිවන්තයෙක් වෙනවා. psychic powers එහෙම ලැබෙනවා.
ඔය ගොල්ලොත් දන්නා දේවල් පොස්ට් කරන්න කෝ!!!
හොඳ නම් රේප්+++++
මම පොඩි ක්‍රියාකාරකමක් කියල දෙන්නම්.මේක ආනාපානසති භාවනාවක්..පොඩි උනාට මේක ප්‍රභල භාවනාවක්.හැබැයි විශ්වාසයෙන්,ඉවසීමෙන්,නිවැරදිව කරන්න ඕනෙ..මේක ඔයාගේ 6 වෙනි චක්‍රය(ආඥා චක්‍රය)පුබුදු කිරීමට අදාල භාවනාවක්.
1.කකුල් දෙක හරස් කරගෙන කොන්ද කෙලින් තියාගෙන ඉදගන්න..
2.හුස්මට සිත යොමු කරගෙන ටික වෙලාවක් ඉන්න..
3.දැන් ඔබේ නාස්පුඩු දෙකෙන් නෙමයි,ඔබේ නළලෙ මැදින් හරියටම දෙබැම මැදින් හුස්ම ඔබේ ශරීරයට ඇදිල යනවා කියල හිතන්න.එතනින්ම හුස්ම පිට වෙනවා කියල හිතන්න..
4.ටික වෙලාවක් මේක කරගෙන යන්න,ඔයාට සංසාර පුරුද්දක් තියනවනම් ඔයාගේ නළල මැද නලියන්න වගේ වෙයි,පුපුරු ගහන්න වගේ වෙයි.
5.එකට බය වෙන්න එපා,දැන් ඔහොමම දිගටම කරගෙන යන්න,
6.නිවැරදිව ඕක කරගෙන යද්දී ඒක වේලාවකදී ඔයාගේ ඇග දෙපැත්තට පැද්දෙන්න පටන් ගන්නවා..(සමහර විට ගොඩක් වේගෙන් වෙන්නත් පුළුවන්)මෙහෙම වෙන්නෙ ඔබේ ශරීරය අභ්‍යන්තරේ තියන කුණ්ඩලිනි බලය සුෂුම්නා නාඩිය දිගේ ඉහලට එසවෙනකොට..දැන් බය වෙන්න එපා පැද්දීම බලෙන් නවත්තන්නත් එපා එහෙම උනොත් ඉහල නගින කුණ්ඩලිනි බලයට බාදාවක් වෙනව..
7.පැද්දීම ගොඩක් වැඩිනම් දරාගන්න බැරිනම්,සිතින් අන කරන්න පැද්දෙන එක නතර වෙන්න කියල.
8.දැන් දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න.(ඇස පියාගෙන) ඔහොම ඉදිද්දී ඔයාට පොඩි පොඩි එලි වගේ ඒවා පෙනයි..සමහරක් වලාකුළු වගේ..ගිනි පුපුරු වගේ,පීත්ත පටි වගේ පෙනේවි..
9.දිගටම නළල මැද දිහා බලාගෙන ඉන්න දැන් ඔයාට නළල මැද නිල් පාට (හරියටම කියනවනම් ඉන්ඩිගෝ පාට) ආලෝකයක් පෙනෙයි..එක දිහා බලාගෙන ඉන්න.
10.දැන් ඒ එලිය ටික ටික වැඩි වෙලා දීප්තිමත් ඇසක් බවට පත් වෙනව පෙනේවි..
ඔය ඇස තමයි තෙවෙනි ඇස,ආඥා චක්‍රය කියන්නෙ..දැන් ඔය ඇසින් ඔයාට රැටත් දවල් වගේ පෙනේවි,දෙවිවරු ,භූතයෝ යක්ෂයොත් පෙනෙව් තව ගොඩක් දේවල් කරන්න පුළුවන්...
*වැදගත්ම දේ..මේ හැකියාව යහපතට පමණක් භාවිතා කරන්න..(මම ඉස්සර පොස්ට් වල දාපුව බලන්න)
*සියල්ල නිවැරදිවම කරන්න.වැරදියට කරොත් ඔලුවේ කැක්කුම්..කරකැවිල්ල වගේ ලෙඩ තදින්ම හැදේවි..
*සියලු පියවරවල් මනා සිහියෙන්ම කල යුතුයි.කරන දේ ගැන අවධානයෙන්..නැත්නම් ප්‍රතිපල නැති වේවි..
මෙහෙම ලේසියට පියවරවල් මම දැම්මට අවසාන පියවරට එන්න ගොඩක් කැපවීම කරන්න ඕනෙ..දවසින් දෙකින් අමාරුයි..කෙනෙක්ට සතියෙන් කරන්න පුළුවන් දෙයක් තවත් කෙනෙක්ට මසෙකින්වත් බරිවිවී..අධහිර්යට පත් වෙන්න එපා ඉවසීමෙන් කරලා බලන්න..

