කුමන රක්ෂිතයෙන් ...................

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කුමන රක්ෂිතයෙන් අඩි 7ක් උස ශෛල්‍යමය බුද්ධ ප්‍රතිමා කිහිපයක් හමුවෙයි

    ba7c2d39981099872b3406c087ae66ffa7fd60ef.png


    කුමන රක්ෂිත වනාන්තරයේ සිදු කළ ගවේෂණයකදි බුදු පටුන්ගල ප්‍රදේශයේ විශාල ගල් පර්වතයක ශෛලමය අයුරින් නෙළා තිබෙන හිටි බුද්ධ ප්‍රතිමාවක් සහ ඊට දෙපසින් අවලෝකීතේෂ්වර සහ මෛත්‍රි බෝධිසත්වයන්ගේ ප්‍රතිමා දෙකක් තිබී පසුගිය දින සොයා ගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා පිළිබද මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසීය.

    මෙම ප්‍රතිමා ක්‍රිස්තු වර්ෂ හත්වන හෝ අටවන වර්ෂ වලට අයත් බවත් මෙම ප්‍රතිමා රුහුණු ප්‍රදේශයට ආවේණික සම්ප්‍රදායන් පෙන්නුම් කරන බව මහාචාර්යවරයා කීය.

    සොයාගත් ප්‍රතිමා අඩි හය හතක් උස බවත් ප්‍රතිමා දෙකක කොටස් කඩා බිද තිබෙන බවත්මෙම පිළිම පිළිබදව මෙතෙක් කිසිදු තැනක සදහන් නොවන බවද මහාචාර්යවරයා කියයි.

    මොණරාගල වෙල්ලස්සේ හඩ සංවිධානයේ දායකත්වයෙන් මහාචාර්ය්‍ය රාජ් සෝමදේව මහතා ඇතුලු පශ්චාත් උපාධි ආයතනයේ ශිෂ්‍යයින් මෙම සොයා ගැනීමට සහභාගි වී තිබෙන අතර වැඩිදුර පරීක්ෂණ පවත්වති.



    http://nethgossip.lk/article/36858
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oyage threadwalata reply mn dakala thiyenawa heen nulen buddagamata apahasa karanawa kelani gage ekanam patta boruwa hiru eke.ube as penne nadda oya thiyena prathimawa galaka abapu ekak kiyala.


    hahah heen nulen denna ona ne mama dakina eka mama kiuwe.
    hiru eke boruwak kiyanna epa eka pohottuwe boruwak.

    mama ahuwe mechara kalekata meka nedakka eka, ekata erozan reply karala thibuna ithin mama pili gaththa.
     
    • Like
    Reactions: D_Mad

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කුමන වන රක්ෂිතයේ කළ ගවේෂණයකදී බුදු පිළිම තුනක් හමුවේ..........

    kumana.jpg


    කුමන රක්ෂිත වනයේ සිදු කළ ගවේෂණයකදී ශ‍්‍රීලාංකීය මෙන්ම පුරාණ රුහුණු දේශයේ ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් රුහුණට ආවේණික කලා ශිල්පයෙන් නිර්මිත ප‍්‍රතිමා තුනක් සොයා ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පුරාවිද්‍යාව පිළිබඳ ජේෂ්ඨ මහාචාර්ය රාජ සෝමදේව මහතාගේ නායකත්වයෙන් යුත් පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායමක් සමත් විය.

    ”බුදුපටුන් ගල” නැමති ස්ථානයක විශාල ගල් පර්වතයක ශෛලමය ලෙස නෙලා ඇති හිටි ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප‍්‍රතිමාවක් සහ ඊට දෙපසින් අවලෝකිතේශ්වර මෛත‍්‍රී බෝධිසත්වයන්ගේ ප‍්‍රතිමා දෙකකි.

    ඇතිමලේ ප‍්‍රදේශයේ සිට කිලෝමීටර් පහළොවක් පමණ දුරකින් කුමන රක්ෂිත වනාන්තරය තුළ පිහිටා ඇති මෙම ප‍්‍රතිමා ක‍්‍රිස්තු වර්ෂ හත්වන හෝ අට වන සියවසට අයත්වේ.


    kumana1.jpg


    වැල්ලවාය සහ බුදුරුවගල මීට සමාන ප‍්‍රතිමා ඇති අතර ඒවා සමඟ සසඳන විට බුදුපටුන්ගල නැමති ස්ථානයේ ඇති මෙම ප‍්‍රතිමා රුහුණු ප‍්‍රදේශයට ආවේණික සම්ප‍්‍රදායන් පෙන්නුම් කරන බව පුරාවිද්‍යාව පිළිබඳව ජේෂ්ඨ මහාචාර්ය රාජ සෝමදේව මහතා ප‍්‍රකාශ කරයි.

    ප‍්‍රතිමා අඩි 6 සහ 7 යන ප‍්‍රමාණවලින් යුක්ත වන අතර මෙම ප‍්‍රතිමා අතරින් ප‍්‍රතිමා දෙකක කොටස් කිහිපයක් නිධන් සොරුන් විසින් කඩා බිඳ දමා විනාශ කැර ඇත.

    මේ පිළිබඳව අදහස් දැක්වූ මහාචාර්ය රාජ සෝමදේව මහතා මෙසේ කීය.

    රුහුණේ භූ දේශපාලනික ව්‍යාප්තිය එහි වර්ධනීය අවස්ථාවේදී කළු ගෙඟ් සිට මහවැලි ගඟ දක්වා පැතිර තිබූ බව ඓතිහාසික වංශකථාවන් වල පෙන්වාදී තියෙනවා.ශ‍්‍රී ලංකාවේ සමස්ත බිම් ප‍්‍රමාණයෙන් 50% ක් ආවරණය කරන පුරාණ රුහුණු රාජධානියේ අගනුවර වූයේ මාගමයි. තිස්සමහාරාමයේ සිට පොතුවිල් දක්වාත් අම්පාර සිට සේරුනුවර දක්වාත් ප‍්‍රදේශ වල පුරාවිද්‍යාත්මක නටබුන් රුහුණේ තිබෙන සමෘද්ධිය පෙන්නුම් කෙරෙන හොඳම සාක්ෂියි. එබැවින් මෙම ස්ථානය විනාශවී යාමට ඉඩ නොදී සංරක්ෂණය කැර ගැනීමට අදාළ බලධාරීන් ක‍්‍රියා කළ යුතුව තියෙනවා.

    මෙම පුරාවිද්‍යා ගවේෂණය මොනරාගල දිස්ත‍්‍රික්කය පුරාවට ක‍්‍රියාත්මක කරන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ශිෂ්‍යයන්ද මෙයට සහභාගී විය.

    මොනරාගල ”වෙල්ලස්සේ හඬ” සංවිධානය මේ සඳහා පූර්ණ දායකත්වය දරයි.


    බඩල්කුඹුර රවිඳු ගුණතිලක .


    https://divaina.com/daily/index.php/main-news/47317-16-7-96