අද 14ය,
එම නීතිය උල්ලංඝණය නොකරමින් මෙසේ ලියමි.
1956 විසින් ජනිත කොට 1977 විසින් පෝෂණය කළ යමක් වීද එය 2009 කූඨප්‍රාප්ත විය. එම "කූඨප්ප්‍රාප්තිය" විසින් හිස් බවක් ජනිත කළේය. වීරත්වය හිස්වීය. සටන් පාඨ හිස්වීය. හිස්බව රජයන්නට වීය. පාළු වීය. මූසල වීය. අනතුර හිස්බව තුල සැඟව ගත්තේය. 56 සහ 77 විසින් නිධන් කළ පිළිකාව මතුපිටින් සුවව යටින් ඔඩුදුවන්නේය. "මරණය හෙවත් පිපිරුම" ඉතා නුදුරේය.
"ඔහු" ජයග්‍රහණය කළ "යුතු" යයි මම කියන්නේ එබැවිනි. එවිට 56 ජනිතකල "අවස්තාවාදී ජාතිකත්වය" වමතින්ද, 77 ජනිතකළ "ත්‍රාඩත්වය" දකුණතින්ද ගෙන ඔහු හෙට දින "එම අසුන" මත අසුන්ගත යුතුය. "ඔහු" අත්පොඩි ගැසීමට අත්ළංකරනා හැමවිටම "වමත" දකුණත මත ගැටී ගින්දර නගිනු ඇත. ඒ ගින්නෙන් බොහෝදේ "පිළිස්සී" යනු ඇත. නිරන්තර ගිනි ගැනීම විසින් සමස්තයටම ගින්න බෝවනු ඇත. ඒ ලැව් ගින්නෙන් සියල්ල දැවී යනු ඇත. "ඔහු" වීරයෙක් හෝ දුෂ්ඨයෙක් නොවේය. ඔබ විසින් උක්ත ආකර දෙකින් ජනිත කරගන්නා ලද ගින්නෙන් පිළිස්සෙන "වින්දිතයෙකි".
පිළිස්සී එළිවෙන බිම මතට වැටෙන පළමු වැස්සෙන් නගින "ළපටි දළුවලට" උණුසුම් සූර්‍යාලෝකයක් වීමට කොට, රතු රැවුල්කාර "ලපයා" ප්‍රමුඛ සගයන්ට(කැඩී බිඳී වෙන්වී සිටින) නොහැකිවුවහොත් "එදළු" එතැනම වියළී එබිම කාන්තාරයක් වනු ඇත. පිළිස්සී පොහොර වුණු සාරවත් පොළවක පැලවෙන පළමු "දළුව" මරා දැමීමට තරම් උන් කුහක නොවනු ඇතැයි මම පුද්ගලිකව සිතමි......
මගේ සොයුරනි,
ඔබ බොහෝදෙනෙක් මා හා එකඟ නොවන බව දනිමි. එහෙත් උක්ත "දල්ල" නැග ඒමට නම් මෙය ගිණිගත යුතුමය... මන්ද "නව ශිෂ්ඨාචාරයක්" යනු හැමවිටම ගින්නේ ප්‍රතිඵලයකි...... එබැවින් "ළඟ" නොබලන්න "දුර" බලන්න.....