
මචන් මට සැලෝන් එකේ කෙනෙක් කීව හිස් හොරි වලට හොඳටම හොඳයි කියල කුඹුක් කොල.

ඒක කරන්නෙ මෙහෙමයි. කුඹුක් කොල අරන් (ගොඩක් ම මෝරපුව නෙවෙයි, දළුම කොලත් නෙවෙයි, සාමාන්‍ය කොල) බ්ලෙන්ඩර් එකක හරි ඇඹරුම් ගලක හරි තියල තලපයක් වගේ වෙන්න අඹරහන්.

yes: ගොඩාක් ඝණකමට එනව නම් වතුර බින්දු 5, 6ක් දාන්න සාමාන්‍ය ගාන මට්ටමට එන්න ඕන, ජෙල් එකක් වගේ තමයි අන්තිමටම ඒ තලප වගේ එක හැදෙන්න ඕන)

පස්සෙ නාන්න විනාඩි 10කට වගේ කලින් ඒක ගාහන් ඔලුවෙ.

sorry: ඔයා පුළුවන් නම් කොණ්ඩෙ කොටට කපන්න. මොකද හිස් හොරි තියෙනව නම් බෙහෙත් කරන්න ලේසියි කොණ්ඩෙ කොටට තිබ්බාම)

සීතල වෙලා යනව ඔලුව. පස්සෙ විනාඩි 10ක් වගේ ඉඳල නාන්න.

හැබැයි මේක කලාම ටිකක් සෙම ගතිය ඇවිස්සෙයි.

ඔයාට සෙම රෝග තියෙනව නම් මේක කරන්න එපා.

මම තට්ටෙ ගෑව දවසෙ නිකමට කලා.

විනාඩි 40ක් විතර හිටිය මම.

පහුවදා හෙම්බ හැදුන. ඒ නිසා ඒ තරම් වෙලා ඔළුව සීතලෙන් තියන්න එපා, විනාඩි 8ක්, 10ක් වගේ හොඳටම ඇති.

ඕක මම නම් එක පාරයි කලේ, යන්තම් තිබ්බ හිස්හොරිත් අයින් වෙලා ගියා.

ඔයා දවසක් හැර දවසක් වගේ දවස් 5ක් විතර කරල බලන්න.

තව දෙහි ගාල නාන එකත් හොඳයි ලු,

හැබැයි ඔලුව තුවාල වෙනව සහ දනව එතකොට.

ඒක ට කලින් මේ විදිය කරල බලන්න.

තව උළුහාල් වලින් කරන සීන් එකකුත් තියෙනව වෙන්න ඕන.

ඒ ගැන නම් දන්නෙ නෑ.