හරි හරි බං ඔයතරම් හේතු දෙන්න ඵපා.අද.සජිත් ජනාධිපති වෙලා හිටියනම් උඹ ඔහොම හේතු දෙන්නෙ නෑ කියල මම දන්නව.
ඔන්න ඉතිං පටලවගත්ත නේහ්. ඇත්තම කතාව උඹ දන්නෙ නෑ. නිකං මෙතැනට දේශපාලනයක් ඇදල අරගෙන අනවශ්‍යම පැත්තකට අරගෙන යනව. උඹෙ එලකිරි ජොයින් වෙලා තියෙන්නෙ 2016 නේද. ඕන නම් හොයල බලපං 2014 රාජපක්ෂලගෙ ආණ්ඩුව තියෙන කාලෙත් මම මේකෙ වාහන නීතියක් ගැන මේ වගේම විවාද කරා. පොඩි කාර් එකක සයිඩ් ග්ලාස් එක ගෑණියෙක්ගෙ ඇඟේ වැදිල සීන් එකකට. මේ ත්‍රෙඩ් එකේ පළවෙනි පෝස්ට් එක දාද්දි මගේ තුන් හිතකවත් තිබ්බෙ නෑ දේශපාලන සීන් එකක් ගැනවත් පවතින රජයක් ගැනවත්. මම මුල ඉඳලම කිව්වෙ මූට මැච් එකක්වත් හෙට අනිද්ද නැතුව මෙහෙම ඇප දීපු එක වැරදියි. හරියට නීතිය ක්‍රියාත්මක වෙලා නෑ කියල.
මම හිතුවෙ ගෝඨ අාවහම මේව වෙනස් වෙයි කියල.ඵයත් වැඩක් නෑ..සිරිසේනම තමා..අන්තිමට අපි තමා රැවටුනේ.උඹට තාම හොඳ නම් කමක් නෑ..
Off topic. මේ ගැන කතා කරන්න ඕන නම් වෙනම ත්‍රෙඩ් එකක් ඇරපං මම ඕන තරම් කරුණු එක්ක ඔප්පු කරල පෙන්වන්නම් 2019 ගන්න තිබ්බ හොඳම තීරණය මම ගත්තෙ කියල.
අර මම කලින් කිව්ව වගේ උඹටත් ඔය වගේ දෙයක් උනොත් තේරෙයි.
ඒකෙම අනිත් පැත්ත මම කිව්ව වගේ දෙයක් උඹට වුණොත් තේරෙවි.
මම මෙහෙ ඩ්‍රයිවින් කරල තියෙන නිසා මගේ අතින් උඹ ඔය කියන විදිහේ අැක්සිඩන්ට් වෙන්නෙ නැහැ කියල මට ෂුවර්..
ෂුවර්? මොනවද බං මේ ලෝකෙ ෂුවර්. විශේෂයෙන්ම පාරක වාහනයක් පදිද්දි?
මේ ළඟදි මට වුණ සරළම අත්දැකීම් දෙකකින් මම පැහැදිල කරන්නම්.
ගිය සතියෙ හොඳ කාපට් පටු පාරක යද්දි ගොඩක් ඉස්සරහින් ස්කූටර් එකක් ආව. පාර අයිනෙ හිටපු බල්ලො සෙට් එකක්ම වාහනේට කඩාගෙන පැන්න. මගේ අතින් එකපාරටම වාහනේ දකුණු පැත්තට කැපුන. වාසනාවට අර ස්කූටර් එක ගොඩක් දුරින් ආවෙ ඒක ළඟ ආව නම් අනිවා එතැන ලොකු ඇක්සිඩන්ට් එකක්. එහෙම දෙයක් වෙලා අවු 15ක් මට හිරේ යන්න වුණොත්?
තව ගිය මාසෙ, ගොඩගම හයිවේ එකෙන් එක්සිට් වෙලා 70ට වාහනේ ආවෙ(නීත්‍යානුකූල වේගය ඒ පාරෙ). එකපාරටම මම ගියපු වම් පැත්තෙ ලේන් එකේ SLT හෝ Water Board එකෙන් හාරල හරියට වහපු නැති වලක්. දැක්ක පාරටම කලබල වෙලා වාසනාවට එදා වල ඇතුලෙම දැම්ම. එදා වාහනෙ එහේ මෙහේ කැපුව නම් මාරාන්තික අනතුරක් වෙන්න තිබ්බ. පාරෙ තිබ්බ දෝෂයකට අවුරුදු 15ක් හිරේ යන්න වුණා නම් මට මොනව හිතෙයිද?
දැන් උඹ හිතනවද වෙන කෙනෙක් ඔය අවස්ථා දෙකේම හිටිය නම් හරිම විදියට මුහුණ දෙයි කියල?
මේ අවුරුදු 20 ට මම විසි පාරක් ලංකාවට අැවිත් ඒ ඵක පාරකට මාසේ ගානේ ලංකාවෙ ඩ්‍රයිවින් කරල තියෙනව.අඩු ගානේ බලු පැටියෙක්වත් හැප්පිලා නැහැ.
ඒක උඹේ ලක් එක වෙන්න පුලුවන්. හැබැයි වාසනාවට මටත් තාම එහෙම කිසිම ඇක්සිඩන්ට් එකක් වෙලා නෑ පොලිසි ගානෙ රස්තියාදු වෙන මට්ටමෙ. අනතුරු වෙන්න ගිහිල්ල වැලැක්විලා තියෙනව. මම හැබැයි පිට රටක ඩ්‍රයිව් කරල නම් නෙමෙයි එහෙම වෙලා තියෙන්නෙ. ඉපදුන දවසෙ ඉඳල ලංකාවෙ ඉඳල මෙහේ වාහන පැදල.
ඒකයි මම කියන්නෙ ඕවා සේරම වෙනස් වෙන්න ඕන කියලා.
මාත් ලංකාවෙම හිටියනම් හරකෙක් වගේ පාරේ යන්න ඉඩ තිබ්බ උඹේ මතයෙම ඉඳලා..උඹ වගේම මටත් excuse හොයන්න තිබ්බ.ඒ තමා ලංකාවේ හැටි..
නෑ ඒ රටේ හැටි නෙමෙයි ඒක උඹේ Attitudes වල ප්‍රශ්නයක්.
උඹ අහපු හැම දේටම මම හරියටම උත්තර දුන්න. සරළවම කියන්න තියෙන්නෙ අපි මෙතැන රණ්ඩු වෙලා වැඩක් නෑ. දියුණු රටවල් වල හොඳ මාර්ග පද්දතියක් තියෙනව. සත්තු කැලෑවල් වල ඉන්නව පාරෙ වාහන යනව.
පාරෙ පලුදු වීම් අනං මනං නෑ මාර්ග පද්ධතිය හොඳටම දියුණුයි.
පොඩි කාලෙ ඉඳල ළමයින්ට මාර්ග නීති උගන්නනව. ගොඩක් ටෆ් විදියට ලයිසන් දෙනව. අන්න ඒ Infrastructure එක මේ රටේ හැදෙන්න ඕන.
ලංකාවෙ නීතිය ගැන කතා කරොත් මෙහේ තියෙන නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නැති එකනම් ප්‍රශ්නයක්. ඒක එහෙම ක්‍රියාත්මක වෙනව නම් කුසල්ට ඇප හම්බවෙන්න විදියක් නෑ නේහ්? මම කියපු දේවල් පටලවාගෙන තේරුම් අරගෙන උඹේ තියෙන දේශපාලන සීන් එකක් නිසා.
Anyway ආයිත් මේ ගැන උඹ එක්ක Argue කරන්නෙ නෑ මේ කිව්ව ටික හොඳටම ඇති දෙයක් තේරුම් ගන්නව නම්. එල!
අන්න ඒක තමයි ප්‍රශ්නය. නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නෙ නෑ