කුසුමක් වුව නුඹ

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    කුසුමක් වුව නුඹ

    කුසුමක් වුව නුඹ




    නෙක නෙක සිහින සිත පුරවන අතරමග
    දිවි කතරෙහි අහඹු විලසක නෙත ගැටුණ
    සිහිනෙන් වත් නොසිතු ලෙසකින් හද බැඳුන
    සඳ කිඳුරියෙ නුඹයි සැනසුම සිත සොයන

    පෙර කෙදිනක නොවිඳි සෙනෙහස් පෑ සේයා
    මා හද සසර හුරුවෙන් සැලුණා චායා
    රෑ ඝන අඳුර තරුපති විනිවිදි සේයා
    මා සිත් අඹරෙ සැතපෙන් සොමි සේ පායා

    පෙර අත් බවෙක එක සිත් වී ඉන්ට ඇති
    ඒ හුරුවෙන්ම නැවතත් හමු වන්ට ඇති
    එනමුදු නුඹේ සුළැඟිලි සරසන්ට බැරී
    පෙර අකුසලෙක බල මහිමය වෙන්ට ඇති

    පමා වී පිපුණ මුත් නුඹ මා නෙතු මානේ
    උයනකි ඒ රුදුරු නුහුසෙකු හිමි පෑයේ
    එමලෙහි රුව සුවඳ විඳගමි සිත රහසේ
    හද වේදනා දියකරලමි හිස් අහසේ

    සිහින් සරින් හැඬවෙත්දී හදෙහි සර
    විදසුන් වඩන්නට සිතුවිලි ඉඩ නොදෙත
    මොර දී හඬන්නට සිතුණත් යම් විටෙක
    ඔබෙ සෙනෙහස නමින් මියැදෙමි දිනෙන් දින

    ළතැවුල් තෙරපුණත් මා නෙතු පිය අස්සෙන්
    නහවමි හද මඬල උණු සුසුමන් වැස්සෙන්
    සිත් මල පෙළා ලන රුදු හැඟුමන් ඔස්සෙන්
    සඟවමි සෝ සුසුම් මුව ඇඳි මදහාසෙන්...

    මලිත්තා........෴