කෘතිම හිරු
ජර්මනියේ විද්‍යාඥයන් විසින් ලොව විශාලතම කෘතිම හිරු පරීක්ෂා කරමින් සිටිනවා. මේ සදහා ඔවුන් Synlight නමින් bright film projector spotlights 149 කින් සමන්විත පද්ධතියක් නිර්මාණය කරමින් සිටිනවා. ඔවුන් හරිත ඉන්ධන ලෙස හයිඩ්රජන් ලබා ගැනීමටයි මෙය සැලසුම් කරන්නේ.
මෙය පිහිටා ඇත්තේ ජර්මානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේය. මෙහි ආලෝකය සාමාන්‍ය හිරු එළිය මෙන් 10,000
ගුණයක් ක් ශක්තිමත් බව මෙහි නිර්මපකයින් පවසනවා.
"අපි හිරු පෘථිවියට ගෙන ඒමට කටයුතු කරනවා" යැයි ජර්මානු සූර්ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ.Bernhard Hoffschmidt Reuters වෙත පවසනවා.
මෙහි සියලුම පහන් එකම ස්ථානයකට නබිගත කිරීම මගින් සෙල්සියස් අංශක 3,000 කට අධික උෂ්ණත්වක් ජනනය කිරීමට හැකියාව ඇත. එමගින් ජලය රත් කිරීමෙන් අතිවන වාෂ්ප hydrogen සහ oxygen වලට බෙදා වෙන් කළ හැකි බවද ඔහු සදහන් කළා. වෙන් කරගත් hydrogen වායුව කාබන්-ඩයොක්සයිඩ්-නිදහස් ඉන්ධනයක් ලෙස වාහන සහ ගුවන් යානා සදහා බාවිතා කළ හැකි.
කොහොම නමුත් අනාගතයේදී ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මේ වෙනුවට සොබාවික හිරු එළියම බාවිතයට ගන්න. මොකද කියනවනම් මේ ආලෝක යන්ත්‍රය පැය 4ක් වැඩ කරන විදුලි බලය සමාන වෙන්නේ සාමාජිකයන් 4 ක් ඉන්න ගෙදරක අවුරුද්දක් පාවිච්චි කරන විදුලි බලයට.
source the sundaytimes
Last edited:
නෑ! මේක කරන්නේ controlled area එකක. මේකේ ආලෝකේ බොහොම පොඩි තැනකට නාබි ගත කරලා ජලය රත් කරලා ජාල වාෂ්ප වලින් hydrogen වෙන් කර ගන්නයි මේක කරන්නේ.

