මුඩුක්කු සීන් එකක් වගේමමයි යාලුවෙකුයි ඒ දවස් වල ගියා උගේ කෙල්ලගෙ ගෙදර නැන්දම්ම එන්න කියල. පුට් සයිකලෙන් තමා ගියේ දෙන්නම. අපි යනගමන් කතා උනෙ ගිහින් මොකක්ද බන් කියන්නෙ අපි කවුරු කියලද කියන්නෙ? නැන්දම්මා ලෙඩේ දාවිද? ඔහොම ප්රශ්න කෝටියයි.ගෙවල් තිබුනෙ ටිකක් අවුල් පැත්තක ඊටත්. කොහොම හරි ගේ ගාවට ගියාම ගේ තියෙන්නෙ ඉඩම මැද මායිමට වැටක් ගහල කඩුල්ලක් දාල. මන් අරූට කිව්ව කෝකටත් බයික් එක කඩුල්ලෙන් එලියෙ තියපන් අවුලක් උනොත් ඉක්මනට කැපෙන්න කියල.දැන් අපි දෙන්න හෙමීට පයින් යනව ගේ දිහාට අපි දෙන්නට තාමත් අවුල් අපි ක්වුරු කියල අදුන්නල දෙනවද කියල. ඒ දවස් වල පෝන් ඇත්තෙත් නැ. එහෙනම් කෙල්ලට කියනවනෙ ඉස්සරහට එන්න කියල කෝල් කරල. කොහොම හරි යනකොටම ඉස්සරහ ජම්බු ගහක කෙල්ලගේ මල්ලි නැගල ඉදියා. මූ අරූව දැක්ක ගමන් කෑගැහුවනේ අම්මෙ අම්මේ මෙන්න අක්කට ලියුම් දෙන අයිය එනෝ කියල.
නැන්දම්ම ආවෙ දියරෙද්ද පිටින්. එන්න පුතෙ කියල ඇතුලට වාඩිවෙන්න කිව්ව.
![]()
![]()
![]()


