බණ්ඩාර නිළමෙ;20047122 said:
වැදුන එකකට තිබුනෙ කැම්පස් එක ආදර කතාව තමයි. මුල් කාලේ හැමදාම යාලුවන්ට හොරෙන් සරසවි උයන ස්ටේශන් එකේදි හම්බ උනෙ. මුලින්ම ලිව්වෙ "හමුවෙන්නට වෙන් වන්නට ඇවිත් යන එන. දුම්රිය පොළ පෙම්වතුන්ට සරසවි උයන". ඊට පස්සෙ "හන්තානෙ කදු මුදුන සිසාරා" ආදරය ගලාගෙන ගියා. දවසක් වලේ නාට්‍යක් බලන්න ගිහින් වැස්සට රොබරෝසියා ගහක් යට හුග වෙලාවක් තෙමි තෙමි හිටියා අදටත් "බලා වැලපෙමි නෙලා ගනු බැරි හන්තාන් හීනේ" අහද්දි හුගක් සංවේදී වෙනවා. විශේෂයෙන් "වැහි පබළු යට - රගමඩල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට, - බිසෝ හැර ගිය ලසෝ රගහල අමාවක අදුරේ, නොයනු මැන ලදුනේ" කොටසට. කොන්වකේශන් වෙද්දි ඒක ඉවර උනා මගෙත් වැරදි තිබ්බා, කොන්වකේශන් ගිහින් ඔක්කොම ගෙදර යනකන් ඉදලා ඉස්සර හම්බවුනු යකාපාලම, සරසවි උයන ස්ටේශන් එක පැත්තෙ නිකමට වගේ ගියා. ස්ටේශන් එකේ හැමදාම වාඩි වෙලා හිටපු බංකුවෙ ඉදන් පරන කතා මතක් කරද්දි ස්ටේශ්න් මාස්ටර් ඇවිත් ඇහුවා කෝ මහත්තයා නෝනා කියලා ( ස්ටේශන් එකේ කපල් වලට ඉන්න දෙන්නෙ නෑ. හැබැයි අපි අවුල් නෑ කියල දන්න නිසා ඒ දවස් වල ස්ටේශන් මාස්ටර් අවුල් දාන්නෙ නෑ.) . මට දෙන්න උත්තර නැති වුනා. දැන් වලේ වැස්සට යට නැවතුන ගහත් නෑ. පස්සෙ කාලෙක දැනගත්තා එයා වෙන කෙනෙක් මැරි කලා කියල, දැන් පොඩි දුවෙක්ගෙ අම්මා කෙනෙක්. අදටත් මම තනිකඩයි.
මේක ජාලේ දැක්කේ..
මගේ විශ්ව විද්‍යාලේ පේරේ නෙවෙයි.
හන්තාන කන්ද,මහවැලි ගඟ,ආදරවන්තයින්ට පමණක් වෙන් වූ පාරවල්,ඔවුන්ට පමණක් වෙන්වූ ගල් බංගලා වගේම මේ බිම්කඩේ තියෙන සෑම ගහක් ගලක්ම ඇත්තටම හරිම ආදරණියයි කියලා හිතෙන්නේ මොකද්දෝ නොතේරෙන හේතුවකට.ආදරය කරන්න පිනක් තියෙන්න ඕන.පේරාදෙණිය සරසවි බිමේදී ආදරය කරන්න,ලබන්න ඊටත් වඩා ලොකු පිනක් තියෙන්න ඕන.ගලහ පාර,එළිමහන් රංග පීඨය,ලවර්ස් ලේන්,රූස්ස ගස්,ගල් බංගලා,ගලන මහවැලිය විතරක් නෙවෙයි නොසෙල්වෙන හන්තානත් ආදරයටම වෙන් වුන සත් සතිය වගේ.
"මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි.." කියලා ආරම්භ වෙන මේ බිමේ ආදර කතා ලක්ෂ ගණනක් දිහා රූස්ස මාරගස් බලාගෙන ඉන්න ඇති.
ගලහ හංදියෙන් ඇරඹිලා වෛද්‍ය පීඨය,විද්‍යා පීඨය පහු කරගෙන අල්විස් පොකුණ ළඟින් යන ගලහා පාරේ කොච්චර බස් දිව්වත් අපි ආස කලේ ඇවිදගෙන යන්න.පිට්ටනියට එහා පැත්තේ පේන ගස් යටත් ආදරවන්තයෝ.
ජෙනිස හෙවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හදපු සර් අයිවෝ ජෙනින්ග් නමින් නම් කල ශාලාව දිහාට යන කඳුපාරේ හැමදාම වගේ ආදරවන්තයෝ..
මේ බිමේ තියෙන නිදහස හා සැනසීම එක්ක තමන් පරිස්සමින් බලාගන්න අත් දෙකකට වාරුවෙලා ගලහ පාරේ එක කුඩයක් යටින් යන ආදරවන්තයෝ සියගණනක්.ඔවුන්ට හැමදාම පෙබරවාරි 14 වගේ.ගල් බංගලාවල කුඩයක් තියලා ඈතදීම කියනවා මේක අපේ..අපි අපේ ආදරය විඳිනව..කරුණාකරලා බාධාකරන්න එපා කියලා.ඒ මේ පොලොවේ එක නීතියක්.
ගලහ පාරේ දිගටම ඇවිල්ලා ශ්රාස්ත්ර පීඨයත් පහුකරලා ආවම කිසිංග් බෙන්ඩ් එක නැතිනම් සිප ගැනීමේ වංගුව ළඟින් පහලට බැහැලා ගියාම මහවැලිය ඉවුරට යන්න පුළුවන්.මේක එක්තරා හොර පාරක්.හැබැයි පේරාදෙණිය බිමේ ආදරවන්තයෙක් මේ පාරේ තමන්ගේ ආදරවන්තියත් තුරුළු කරගෙන ගිහිල්ලා නැත්තම්...අනේ මන්දා..ආදරය සොයාගන්න තැනක් නොතැනක් නැති වුනාට මෙහෙම ආදරය විඳින්න තැනක් නම් මුලු ලෝකෙම තියේද කියලා කියන්න බැරි තරම්.
ආදරයේ නිවුන් සොහොයුරා විරහව කියලා කියන්න දෙයක් නැති තරම්.ආදරය උපදිද්දීම විරහව කඳුළත් තුරුළු කරගෙනම උපදිනවා.පේරාදෙණිය සරසවි භූමිය ආදරය විඳින්න කොතරම් උත්කෘෂ්ඨ වන්නේද,එලෙසින්ම ඒ ආදරය අහිමි වුනාම ආදරවන්තිය,ආදරවන්තයා හඬවන්නත් පුදුම තරම් දක්ෂයි.එතෙක් කල් ආදරය පිරිලා ඉතිරෙනවා වගේ දැකපු හැමදේම එතැන් පටන් පේන්නේ තමන්ගේ බිඳුණු ප්‍රේමයේ සිහිවටන වගේ.
මට මතකයි මම ඔයත් එක්ක මහවැලිය ඉවුර දිගේ හැන්දෑවට දේශණ ඉවරවෙලා ගිය හැටි.
මම දන්නවා ඔයා අද තනියම නෙවෙයි.ඔයාව වත්තන් කරගෙන ගලහපාරදිගේ යන්න තව පිරිමි ළමයෙක් ඉන්නවා.හැබැයි ඔයාගේ සුවඳ,ඔයාගේ අතොරක් නැති කියවිල්ල මතක් කරගෙන මම තාමත් හවසට මහවැලිය ඉවුර දිගේ තනියම ඇවිදිනවා.මගේ ඇස්වල කඳුලු.මට පාර පෙන්නෙත් නෑ.ඒත්....අපි සියවතාවක් ඇවිදිපු මේ පාර මගේ දෙකකුල් හොඳට අඳුරනවා.
සංසාර පුරුද්දට දෝ මන්දා
ගංගාව ශෝකයෙන් වැලපෙනවා
මං තාම මහාවැලි ගං ඉවුරේ
වැලි පාර දිගේ හවසට යනවා....
[FONT=helvetica, arial, sans-serif]ඔයාට මතක නැතිව ඇති සමහර විට අපේ අතීතය.මතක තිබුනත් ඔයා ඒක අමතක කරන්න දරුණු විදියට උත්සාහ කරනවා කියලා මම දන්නවා.ඒත් මතක තියාගන්න.මම ආදරෙයි ඒ අතීතෙට.ඔයා මට දීපු හැමදේටම.[/FONT]
[FONT=helvetica, arial, sans-serif]
[/FONT]
හන්තාන දෙසින් එන මුදු සීත සුළං රැුලි
ඔබ තාම හොඳින් හඳුනනවා නම්
මේ පහන ඔබේ සුරතින් දැල්වූ
මං බෝම ප්‍රවේශම් කර ගන්නම්...[FONT=helvetica, arial, sans-serif]
[/FONT]
[FONT=helvetica, arial, sans-serif]ප්‍රේමයෙන් බිදුණු හදවතක් ඇත්තෙකුට අඬන්න මේ පේරාදෙණිය සරසවිය තරම් තැනක් තවත් නැහැ.තාරදාලා දිගට දිවෙන පාරවල් දිගේ ඇවිදිද්දී පපුවට එන ගීත කොටස් විමානයයි.පේරාදෙණිය සරසවි මතකයන් ගැන වැඩිපුරම ලියැවිලා තියෙන්නේ විරහ ගීත.මාරගහක් යට වාඩිවෙලා හරි,සරච්චන්ද්‍ර රංගපීඨයේ වාඩිවෙලා හරි ඉන්න වෙලාවට අඬන්නේ නැතිව ඉන්න ප්‍රේමයෙන් බිඳුණු හදවතක් උත්සාහ කරනවා නම් මේ ගීතවලට පුළුවන් ඒ ඉකිය මොහොතකින් මුවින් එළියට දාන්න...[/FONT]
[FONT=helvetica, arial, sans-serif]
[/FONT]
දොඹ සූරන මහ වැස්සේ තනි කුඩයේ
අප තනි වී දොඩමළු වූ හැටි දෙණියේ
කොමල පපා මුකුළු හිනා පෑ දෙතොලේ
මතකද මහවැලි දෑලේ සපු සෙවණේ...[FONT=helvetica, arial, sans-serif]
[/FONT]
[FONT=helvetica, arial, sans-serif]සරසවියේ හෙට විතරයි හමුවන්නේ කියලා පපුවට තේරුම් කරන්නේ කොහොමද..අවුරුදු හතරක් හැම හුස්මක්ම බෙදාහදාගත් මතකය දාලා අපිට හෙට යන්න වෙනවා.ජීවිතේ මෙතෙක් කල් ගෙවුන සුන්දරම කාලය මේක,මේ හැමදාටම වෙන් වෙන වෙන්වීමක් නෙවෙයි කියලා දන්නවා.ඒත් මේකත් වෙන්වීමක්.සමහර විට මේ දුක අපි දෙන්නා ආයෙත් හමුවුනත් ඒ මේ තුරුසෙවනේදී ,මේ මහවැළි ඉවුරෙදි නෙවෙයි නිසා වෙන්න ඇති.මටත් දුකයි.ඔයා අඬනවා.ඔයා අඬද්දි තව දුකයි.ඔයාට මේ ඇත්ත කියලා දෙන්න මටත් බෑ.කමක් නෑ.අඬන්න.[/FONT]
[FONT=helvetica, arial, sans-serif]
[/FONT]
[FONT=helvetica, arial, sans-serif]පේරාදෙණිය සරසවියේ සුන්දරත්වය විඳින්න සංවේදී නැති හිතකට බැහැ.නිකම් ඇවිද්දත් පපුවට නිවනක් දැනෙන මේ ගස් කොලන් යට මැවුන ලෝකය දැනෙන්නේ කුහකකම් නැති හිත්වලට විතරයි.[/FONT]
අනෝරාවට වහිද්දී මේ ප්‍රේමයේ රාජධානිය තවත් ලස්සනයි.ඒ වගේම පාන්දරට මීදුම මහවැලිය වසාගෙන ඉද්දි මහවැලියට උඩින් වැටුන අක්බාර් පාලම දිගේ ප්‍රේමවන්තියගේ කුඩේ යටින් එන යුවලවල් ඕනෑතරම් දකින්න පුළුවන්.මෑතකදී ආදර කථා දස දහස් ගනනක් දැකලා වයසට ගිහින් මියැදුන වලේ රොබරෝසියා ගහයට ඉදගෙන නාට්‍ය බලන්න දැන් පින නැතත් ගහ අඩුවුනාට තවමත් වලේ නාට්‍ය නම් පෙන්නන්නවා.අඩ අඳුරේ තුරුලුවෙලා නාට්‍යයක් බලන්න,බලලා ඉවර වුනාම හිල්ඩා ශාලාව වෙනකම් තමන්ගේ පෙම්වතිය පරිස්සමින් එක්කගෙන යන්නත් කවුද අකමැති.
ඉතින් කොහොම කොහොම හරි සීත කඳුයාය පාමුල මේ ප්‍රේම රාජධානියේ තවත් බොහෝදේ සැඟවිලා තියෙනවා.
උඹේ කතාව උඹට ඕනෑකමක් තියෙනවා නම් තව ලස්සනට ලියන්න පුලුවන්.
මොකද ආදර කතාව ලියැවුන පොලොව පේරේ නිසා ඒ කතාවේ ගැඹුර ලස්සන තව වැඩිවෙනවා..



. Graduated this year with a class. No regrets.


