දැකපු ගමන් කියන්න අමාරුයි. ඩිප්‍රෙෂන් ටයිප්ස් තියනවා ඒවා පෙන්න විදි වෙනස්. පුද්ගලයාගෙන් පුද්ගලයාටත් වෙනස්. අමුවෙන්ම කිව්වොත් ප්‍රපෝසල් වගේ ඉතා කෙටි කාලයක් තුල සිදුවන මුනගැහිමකදි අමාරුයි.
උදා හරන ලෙස කෙනෙක්ට ලෝකේම එපා වෙද්දි, මැරෙන්න හිතෙත්දි තව කෙනෙක් හැපි එකේ ඉන්නවා. නමුත් ලෝක දෙක තුනක වෙන වෙනම. සිසනල් තියනවා.දරු උපතින් පසුව මතුවන අවස්ථා තියනවා. මෙවැනි ටයිප්ස් ගොඩයි. මේ සමහර කේසස් gp කෙනෙක්ටත් අමරුයි ඩිටෙක්ට් කරන්න. එතැනින් එහා ශික්ෂනයක් අවශයමයි.
ඩිප්‍රෙෂන් විතරක් නොවයි ඊට සමගාමි මෙන්ටල් ඩිසෝඩර්ස් තියනවා. සමහරක් මතුවන්නට උත්තේජයක් ලබාදෙනවා.
හොදම දේ ආශ්‍රය කරන එක. ලගින් ආශ්‍රය නොකර කිසිවක් තිරනය කරන්න එපා. ලගින්ඉන්නකොට මූඩ් එකෙන්, හැසිරිමෙන්, හැගිම්වල, නිදාගන්න යොදවන කාලයෙන්, ක්‍රියාශිලිත්වයෙන් ඔබට අදහසක් ඒවි.
ආතතිය එන්න බලපාන පවුල් පසුබිම, මනසට දැනුනු අධික පිඩනය, බෙහෙත් භාවිතය වගේ දේ ලගින් ඇසුරු කරද්දි තේරෙවි දැනේවි ඔබටත්.
අවසානයට කිවයුතුමයි විෂාදය තත්ත්වයක් තිබ්බා කියලා කොන් කරන්න එපා කාවවත්. අනුකම්පා කරන්නත් එපා. ඔවුන්ට ඕනා නිසි සහය පමනමයි.