ගෑණියෙක්ව උස්සන්න කලින් තමුන් ස්වයංපෝෂිත කියලා මුලින්ම හිතලා බලපල්ලා අවංකවම. අම්මාගේ තාත්තාගේ සල්ලිවලින් ගෑණු ගේන්න හිතන්න එපා. අනික පවුලක් නඩත්තු කරන්න සල්ලි විතරක්ම මදි. ඒකට කැපවීම, අද්දැකීම් වගේ දේවල් තියෙන්න ඕන. අවු- 21ක් කියන්නේ ඔය කියපු කිසිම දෙයක් තියෙන වයසක් නෙමෙයි. මුලින්ම නිසි වයස එනකන් හිදපල්ලා. 21 කියන්නේ තවම ඉගෙන ගන්න සහ ජොලියෙන් ඉන්න වයසක්. ඔය වයසෙදි උඹලා කසාද බැදලා එහෙම නැත්නම් තාත්තලා වෙලා හිටියහම කොහොමද ඒ වයසට අදාල ආතල් එක ගන්නේ. අවු 28 - 30 වගේ වෙනකොට පවුල් ජීවිතේ එපා වෙනවා. මොකද සල්ලි තිබුණත් නිදහස කියන දේ නැහැ කියලා හිතනවා.
අනික මේ සීන් එක උඹගේ හොදම යාලුවගේ කේස් එකක් වෙන්න පුලුවන්. නමුත් ඔය සීන් එක උඹලා කලොත් ඊට පස්සේ වෙන්න පුලුවන් අතුරැ ආබාධ සියල්ලටම උඹට මූණ දෙන්න පුලුවන්නම් විතරක් සප් එක දීපන්. උදාහරණයක් විදිහට අපි හිතමු වැඩේ ගැස්සිලා උඹලා ඇතුලට ගියා කියලා. අපි හිතමු අවුරැදු 2 - 3 ක් උඹලා හිරේ ගියා කියලා. උඹට අන්න ඒ දේටත් මූණ දෙන්න පුලුවන්ද කියලා මුලින් හිතලා බලපන්. උඹලගේ ගෙවල් වල තත්ත්වයත් හිතලා බලපන්. එතනදි උඹට උදව් වෙන්න ඔය කියන යාලුවගේ ගෙවල් වල අය එන්නේ නෑ. ආවත් උන්ට කරන්න පුලුවන් දේකුත් නෑ.
අනික කවදාවත්ම කෙල්ලෙක්ව උස්සන්න කෙල්ලගේ ගෙදරට යන්න එපා. උන් උඹලගැන බොරැ චෝදනා දානවා. ගෙදර තව ගෑනු හිටියොත් උඹලා උන්ව දූෂණය කරන්න ආවා කියලා අනිවා පොලිසි එන්ට්රියක් දානවා. තව මංකොල්ල කෑවා ගැහුවා ඕවතා කියනවා. සීන් එක උඹලට සෑහෙන්න අවාසි වෙනවා. කෙල්ලව ඕනමනම් කෙල්ලට කියපන් ගෙදරට ලියුමක් ලියලා තියලා විශේෂයෙන්ම ඇදුම් ටිකක් අරගෙන මගට එන්න කියලා. එහෙම උනොත් මම කිව්ව අවදානමෙන් ගැනවෙන්න පුලුවන්. කෙල්ලව අරන් ආවගමන් යාලුවට කියපන් කසාද බදින්න කියලා.
හැබැයි සේරටම කලින් ඌට කොලු ජීවිතේ හා කසාද ජීවිතේ කියන්නේ මොකක්ද කියලා තේරැම් කරලා දීපන්.
ඔහොම බය කරන්න එපා සිහල්ලු

අපිත් උට කිව්වා බං 21න් බදින්න එපා කියලා එත් කෙල්ලව ගෙදරින් බන්දල දෙන්න යන හින්ද වෙන කරන්න දෙයක් නැති හින්දා තමා ඌ බදින්නෙ.....අඩෝ ඔහොම හිතලා බලනකොටනං ඇග වෙවුලවල යනව යකෝ කොහොමත් මොන මගුල උනත් ගේ වැටමායිම නං පනින්න යන්නෑ කෙල්ල එන වෙලේ ඉදන්ම රෙකෝඩ් පාරකුත් දාන්න ඉන්නෙ....ඒ සාක්ෂි ඇතිනෙ බං ඇතුලට නොගිහිං බේරෙන්න





