අමාරු සීන් එකක්.
1. කෙල්ලව චැට් එකට හරි call වලට හරි ටිකක් වැඩියෙන් සෙට් කරගන්න. හැබැයි දැන්ම ඔය love සීන් කියන්න එපා.
PHD එක ගැන විස්තර අහන්න වගේ... ඇමරිකාවෙන් මොනවා හරි ගෙන්නා ගන්න වගේ... etc
2. ඒ අතරේ කොල්ලෙක් ඉන්නවද කියලා හොයපන් හෙමිට.
3. කොල්ලෙක් නැත්නම් පහල තියෙන විදිහට අහලා බලප. ඒ මගේ අත්දැකීම
(යට ටික මමම කලින් වෙන ත්‍රෙඩ් එකකට දැමු ටිකක්. )
//
මම මේ කියන්නේ අත්දැකීමෙන්. මම දරුවෝ ඉන්නේ තාත්තා කෙනෙක්. බැඳලා දැන් අවරුදු 8 යි . මම මගේ කෙල්ලට ගිහින් කතා කලේ එක පාරටම කැම්පස් එකේදී. මම ගිහින් කිවේ
1. මම කව්ද කියල කිවා කෙටියෙන්.
2. මම හොයන කෙනාගේ ලක්ෂණ ඔයා ළඟ තියෙනවා කිවා.
3. හැබැයි මම ඔයාට ආදරේ නෑ කිව.
4. අපි කතා කරලා බලා ඔයාට මම ගලපෙනවානම් , මට ඔයා ගලපෙනවානම් ආදරේ කරමු කිවා.
5. ඒ අදහසට කැමති නම් මෙන්න මගේ නම්බරේ කියල දුන්නා.
6. හිතලා බලලා කතා කරන්න කිවා.
ඒ වෙලේ කෙල්ල අන්දුන් කුන්දුන් වුනා. හැබැයි දවස් 4 යනකොට කතා කළා. කෙල්ලට මගේ ඇත්තම විස්තර කිවා. කෙල්ලත් ඇත්තම කිවා. ඒ කෙල්ල තමයි මගේ ආදරණිය බිරිඳ දැන්.
හැබැයි කෙල්ලොන්ගේ ජිවිතත් එක්ක සෙල්ලම් කරන්න නම් එපා කොල්ලෝ. සිරාවටම කරනවනම් විතරක් love කරපන්. උබේ අම්ම වගේම කාන්තාවක් ඒ කෙල්ල කියලත් හිතපන්.
//
ඔය ටික මගේ අත් දැකීම. උබ සුදුසු විදිහට plan එක ගහපන්. කෙල්ලගෙන් අහපන් . එකී අකමැතිනම් අහපු එක ගැන සමා වෙලා ඒ ගැන සියල්ල අමතක කරමු කියපන් මුලින්ම. ඒකිගේ තියෙන ගතිගුණ වලට කැමති නිසා අහන්නේ කියපන්.
මේ වැඩේ හොඳයි. සහෝදර ෆිට් එක හදාගන්න ඕනි. ඊට පස්සෙ ඕනි දෙයක්. කෙල්ල ප්‍රමුඛත්වය දෙන්නෙ ඉගෙනීමට. ඒකි ටාගට් එකේ ඉන්නෙ. වැඩ වැඩියි කියන එක මට කිව්වා දැන් දෙපාරක් විතර. බලමු ටෝක් කරලා.
කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහන්න ඒකිගේ තත්වය වැදගත් වෙන බව දැන් තමා දන්නේ. අපේ කාලේ නම් ඔහොම නැ ඉතින්. දැන් උනත් චැට් කරන්න සහ අහවල් දේවල් වලට මට කෙල්ලගේ හෝ ගැනිගේ තත්වය නම් අදාළ වෙලාම නැ
නම්බුව සම්බන්දව තියෙන බය සාධාරණ බයක්. හැබැයි උබ එයා ගැන උනන්දුව පෙන්වන්න ඕනේ එයාට කරදරයක් නැති වෙන්න. දැනටමත් උබගේ චැට් වලට රිප්ලයි පරක්කුයි නම් වැඩේ කාගෙනද දන්නේ නැහැ.
කැම්පස් ගිහිල්ලා පිට රටක PHD එකක් කරනවා කියන්නේ පොඩි සල්ලියක් වෙන්න බැහැ . එක නිසා තනි දුව නම් ඒ අම්මලා හොයන්නේ එයාගේ දුවගේ උගත්කමට හරියන කෙනෙක්. ඕක සාමාන්‍ය දෙයක්. එත් තව ප්‍රශ්න කිහිපයක් තිබෙනවා.
කසාද ජීවිතේදී කෙල්ල කොල්ලට වඩා උගත් නම් ප්‍රශ්න ඇතිවීමේ සම්භාවිතාවය වැඩි. අත්දැකීමෙන් කියන්නේ. මගේ යාළුවො ඉන්නවා උන්ගේ නිදහසත් නැති උන. ලොකු pHD ගහපු ගැනු නෙමේ ගත්තේ හැබැයි ගැනී උගත්. එහෙමත් කිහිපදෙනෙක් ගේ විවාහ ජිවිත තමා සමාන්‍ය විදියට ගෙවන්නේ. එත් පිරිමියාට තියෙන තැන, සමාන හෝ ඉවසීමෙන් කටයුතු කිරීම බහුල තත්වයක්. මොකද වලියක් දාගත්තත් PHD ඉස්සරහට දාලා කතා කරන්න පුළුවන් සම්භාවිතාවය වැඩි. එත් සමහර විවාහයන් තිබෙනවා උගත් කම අදාළ වෙලාම නැහැ. එච්චරටම සතුටින් ගෙවන ජිවිත. තමන්ගේ වෙලාව, තේරුම් ගැනීම සහ සරලබව තමා ඉතින්
එහෙම කියල උබ try එක අතාරින්න අවශ්‍ය නැහැ. උබගේ කැමැත්තක් තියෙනවා නම් කෙලින්ම ප්‍රකාශ කලත් අව්ලක් නැහැ. කැම්පස් ජිවිත තුල අනිවාර්යෙන් ආදර සම්බන්දතා එකක් හෝ කිහිපයක් තිබීම ස්වාභාවිකයි. එය සමහර විට සිමාවන් පැනපු ඒවා වෙන්නත් පුළුවන්. ඒවා තේරුම් ගන්න පුළුවන් විශේෂ හැකියාවකුත් උබ තුල තිබිය යුතුයි. දැන් ඇමරිකාවෙත් තිබෙන්න බැරි නැහැ.
ඔයවගේ දේවල් ඔච්චර කල් අරින්න අවශ්‍ය නැහැ. දැන් අහන්නේ නැතුව පස්සේ දවසක කතා කරද්දී ඔයා ඒ කාලේ ඇහුවේ නැනේ මගෙන් කියන කතාව අහන්න ඕනෙත් නැහැ. අවශ්‍ය topic එකට එයාව අරගෙන ඇවිල්ලා චැට් එකෙන් ඊට පස්සේ කෝල් එකක් දීලා අහපන්. පිරිමිකම කියන්නේ එකයි. ඒ කෙල්ල කැමති උනේ නැහැ කියන එක තව කෙල්ලෙක් ට තියෙන චාන්ස් එකක් කියන එක ඔලුවේ තියාගෙන හැම වෙලාවේම වැඩ කරපන් . එතකොට ඔය ලජ්ජා බය නිකන්ම ඇරිලා යනවා.
තමන්ගේ ජිවිතේ සම්බන්දව තීරණ ගැනීමේදී දෙමව්පියන්ගේ අවවාද අත්දැකීමක් කර ගනින්. ඒ අනුව කල්පනා කරලා හොදම දේ කරපන්. අම්මා ෆිට් නම් ඔය සම්බන්දව අම්මත් එක්ක කතා කරලා බැලුවත් අව්ලක් නැහැ කසාද බදින්නම නම් කරන්න යන්නේ. කෙලින් කතා කරලා කෙලින් වැඩේ ගොඩ දාපන්. බැහැ කිව්වොත් පස්සෙන් යන්න අවශ්‍ය නැහැ. නොර්මල් casual චැට් එකක් තියාගෙන පලයන්. කියන්න බැහැනේ පස්සේ friends with benefit වෙයිද දන්නේ නැහැනේ.
මිට වඩා මොනවා හෝ දැනගැනීමට අවශ්‍ය නම් මට msg එකක් දාපන්.
Reply පරක්කු වෙන්න හේතු 3 ක් තියෙනවා.
1. මන් ගැන උනන්දුවක් නැතිකම.
2. කොල්ලෙක් සිටීම. (සුවර් නැහැ)
3. සමහර කෙල්ලො ඉන්නවා, උන්ට ඕනි වෙලාවට තමයි අර හිතුනොත් reply කරන්නෙ. වැඩ වැඩි නිසා Inbox msg & notification වත් හරියට read කරන්නෙ නැහැ.
මේ හේතු වලින් එකක් හෝ කීපයක් වෙන්න පුලුවන්. මන් කෝකටත් casual චැට් එකක් තියාගෙන යනවා.
පොඩි ට්‍රික් එකක් අහු වුණා. කෙල්ලට msg එකේ අතර මැදට emoji ටිකක් දාළා msg එක දැම්මහම, ඒ පැත්තෙනුත් එහෙම එනවා. Empty යවන එක අවුල්.
Online ඉන්න වෙලාවට msg කරන එක තමයි හොඳම. ලංකාවෙ වෙලාවට වැඩිය 12h & 30 min පස්සෙන් time zone තියෙන්නෙ. මෙහෙන් පාන්දර msg දාන්න බැහැ. හිතයි මූ නිදාගන්නෙවත් නැද්ද කියලා.
සල්ලි නම් තියෙනවා තමයි. ඒත් සල්ලි වලට වැඩිය වැදගත් ගතිගුණ සහ හැදිච්චකම. හොඳටම දන්නවා. එහෙම කෙල්ලො දැන් අඩුයි.
ජීවිතේ ගෙනියනකොට උගත්කම අනිවා ප්‍රශ්නයක් වෙන්න පුලුවන් තමයි. වලියක් ගිය වෙලාවට ඕක කිව්වොත් කටවහ ගන්නයි වෙන්නෙ. ගෙවල් වලින් නම් ෆුල් ගේමෙ ඉන්නෙ. මාර රන් එකක් දෙන්නෙ වැඩ වලට. යාලු වුණත් ගෙදරින් කැමතිවෙලා කරලා දෙන දෙයක් or ගෙදරින් හොයලා කරලා දෙන දෙයක් තමයි අනිවාර්යෙන්. තාත්තා සහ අම්මා හොඳට හැමදේම හොයනවා.
අහන්න දැන්ම හදිස්සි වෙන්න බැහැ. නෝන්ඩි වෙන්නයි වෙන්නෙ. මුලින් ෆිට් වෙලා ඉන්න ඕනි. අර කිව්වා වගේ කතාව අවශ්‍ය තැනට ගෙනත් අහන්න ඕනි. ඒ වෙනකන් ඉවසන්න ඕනි. බලමු. කාලය තමයි ඕනි.
මෙයාව කතාවට අල්ලගන්න ක්‍රම ටිකක් කියන්න. චැට් එක දිගට ඇදගෙන යන්න.