කෙල්ලෙක් සමග ප්‍රථම කථා බහා ------------

chin sara

Member
Aug 3, 2013
142
37
0
කෙල්ලෙක් සමග ප්‍රථම කථා බහා ------------

කෙල්ලෙක් සමග ප්‍රථම කථා බහා ------------
77wn.jpg


අද වඩාත් වැදගත් දිනයකි. ඉවසුමි නැති දිනයකි. මාස ගණනාවක් එක දිගට හමුවන්නාවු මා හිතාදර ප්‍රේමිය සමග පළමු වදන තෙපලන්නට යන දිනය අදයි. ඇය රැකියාව නිමවි නිවස බලා එන විට දැන් මාස ගණනක සිටම එක වෙලාවකදිම නිතරම හමුවේ. මුලින් මුලින් මා දෙස බලා රැවිවද ? දැන් දැන් ඒ රැවීම අඩුවි ඇති නිසාත් විටෙක සිනාවක් ලබා දෙන නිසාත් කථා කරන්නට සුදුසුම වු දවස අද යැයි මම තිරණය කලේ අද උදේය. එබැවින් අද ඇත්තේ යුද්ධයකි. කෙසේ වෙතත් නියමිත වෙලාව ළගා වුවිට මාද සුපුරැදු පරිදීම ගමන් ඇඹුවෙමි.

ඇ... ඈත එනු පෙනෙයි. නිරන්තරයෙන් ඈ සමග එන හිතවත් අක්කා කෙනෙක්ද ඇය සමග සිටි. දැන් දැන් මාගේ පපුව ගැහෙන්නේද මියැදෙන්නට ලං වුවාක් මෙන් වේගයෙනි. කකුල් ද ඊට වඩා වෙනසක් නැත. කෙළද නොගිලෙයි. ඇ ලංවන්නට ලංවන්ට මෙය තවත් දැඩි වෙන ආකාරයද මට හොද හැටි දැනුනෙමි. කෙසේ වුවද අද කථා කළ යුතුම යැයි දැඩි තිරණයක මා සිටි බැවින් මැරැනත් එය කළ යුතුම දෙයක් වන බවද මා සිතට ගත්තේය. මන්ද නැතිනමි අන්තිමේට ඉතිරි වන්නේ හුලං පමණක් වන නිසය.

මා ඈ වෙතට ලංවත්ම “සෙරෙප්පු පාරක් වදිනා “ ආකාරයේ මනෝ දර්ශණයක් මට පෙනුනි. එනමුත් එය සැබැවක් නොවන අතර සිතින් සිතු දෙයකි. සමහර විට එය අනතුරැ ඇගවිමක් වන්නටද පුලුවන. එබැවින් පළමු වරම ඈ හා කථා නොකිරිමටත් ස්ථානොචිත ප්‍රංඥාව මෙහේයවා ඇයව කුල් කර පසුව කථාවට අල්ලා ගැනීමටත් මා තිරණය කලේය. එය අතිශය සැලසුමි සහගත වු දෙයකි. වට පිටාවද නිදහස් වු බැවින් බාධයක්ද නැත. ඇය ලංවු සැනින්ම ස්ථානොචිත ප්‍රංඥාව මෙහේය වා මම කථා කලේ ඇයට නොව ඇය සමග සැමදා යන අක්කාටය.

“ මේ අක්කේ..පොඩි කෙස් එකක්. මට ඔයත් එක්ක පොඩිඩක් කථා කරන්න පුලුවන්ද ? “ මා අක්කාට “අක්කා “ ම යැයි සිනාමුසු මුහුණින් ඇමතු බැවින් අක්කාද සිනාමුසු මුහුණින් මාහා දොඩමලු විය. ප්‍රේමියද නතර වි සිද්ධ වෙන්නට යන දේ පිළිබදව බලා සිටි.

“ ඔවි මල්ලි කියන්න“

“ මේ අක්කේ මට අර නංගිත් එකක් පොඩිඩක් කථා කරන්න ඔනි. ඊට කලින් එයාට කියන්න පුලුවන්ද මම රස්තියාදු කාරයෙක් නෙවෙයි කියලා ඔහෝම හැම වෙලාවෙම රව රවා යන්නේ එයා. මං වෙනුවන් කියන්න පුලුවන්ද එයාට. මොකද මම බොහෝම වැදගත් විදියට ඉන්නේ. කථා කරන්න වෙන විදියක් ඇත්තේම නැති නිසයි මෙහේම ඇව්ල්ලා කතා කරේ. නැත්තං අරයා වැරදි විදියට තෙරැමි ගයි. ? “ මා පැවසුවේ අයට ඇසෙන්නටමය.

“ ආහ්..ඉන්නකෝ මල්ලි එහේනමි“

ඇය සිටියේ අප ළග සිට දුරක නොවේ. අක්කා එය කියන්ට ඇය අසලට ගියද ඇගේ උත්සහය වුයේ අක්කාවද ඇදගෙන හැකි ඉක්මනින් මාරැ වන්ටය. නමුත් අක්කා මට උදවි කරන බවක් පෙනෙන්නට තිබුනි. ඇයගේ මුහුණ රතු වෙලාය. බයේ ගැහෙන ආකාරයක්ද පෙනෙන්නට තිබුනි. පසුව නැවතත් අක්කා මා වෙත පැමිණි අතර එය උදවිවක් කර ගත් මා ක්ෂණයකින් ඇ අසලට ගියෙමි. මාද වෙවිලයි. ඇයද වෙවිලයි. නමුත් එය එසේ යැයි මා වෙතින් දර්ශණය විම නුවණට හුරැ නොවන බැවින් මා ධෛරය රැගෙන ඇ හා කථා කලෙමි. අක්කා පිටපසට වි අප දෙදෙනාට අවස්ථාව දුන්නේය.

“ මොකක්ද නංගි ඔයා හැම වෙලාවෙම රව රවා යන්නේ. මං රස්තියාදු කාරයෙක් නෙවෙයි මෙහේම ඇව්ල්ලා කථා කරාට“
ඇය කථා නැත

“හ්මි මෙ අහන්න නංගි. මට ඔනි වුනේ ඔයත් එක්ක පොඩිඩක් කථා කරන්න විතරයි. මාත් එක්ත වචනයක් කථා කලා කියලා ඔයාට මොක්තු වෙන්නේ නැනේ“

“ ඉතින් ඇයි ඔයා මාත් එක්ක කථා කරන්නේ “

“ හ්මි හොද ප්‍රශ්ණයක්..එත් මං දන්නේ නැ. සමහර විට.......“

හොදම ටික පටන් ගන්නේ මෙතැන් සිටය. මෙම සිදුවීම ඇත්තකුත් නෙවෙයි බොරැවකුත් නෙවෙයි. නමුත් .....
 
Last edited:

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ටිකක් ලොකු අකුරෙන් දාපන්කෝ ඇහේ පොට යනවා නැත්තං:rolleyes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    ඉතුරු ටික මම ලියන්නද? :rofl::rofl:

    අඩේ ඉතුරු ටිකක් නැද්ද මංදා. මේ ටයිප් කතා ඉවර වෙන්නේ නම් ඔහොම තමා ගොඩක් වෙලාවට :sorry::sorry:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඉතුරු ටික මම ලියන්නද? :rofl::rofl:

    අඩේ ඉතුරු ටිකක් නැද්ද මංදා. මේ ටයිප් කතා ඉවර වෙන්නේ නම් ඔහොම තමා ගොඩක් වෙලාවට :sorry::sorry:
    ane me uba patthakata wela idapan...:growl: