කෙල්ලෝ කොල්ලොන්ගේ ලස්සන මනින්නේ මොකෙන්ද 😴

priyade

Well-known member
  • Dec 2, 2017
    10,636
    6,184
    113
    යහපත් ගුණාංග සහිත කොල්ලන්ට තැනක් නැද්ද මේ කාලේ 😋
    fb_img_1657909154145_1-jpg.178479
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    570
    508
    93
    කෙල්ල 25 පැනපු ලස්සන (මෙතන ලස්සන කියන්නෙ නිකං ඇවරේජ් ලුක් නෙවෙයි සිරාම ලස්සන හරි) ඉගෙන ගත්ත හොද ජොබ් එකක් කරන හොද ෆැමිලි බැග්‍රවුන්ඩ් එකක් තියන හතර වටේ ගිහින් චොර වෙච්ච නැති ඩීසන් කෙල්ලෙක් නං ඒකි කොල්ලෙක්ගෙ බලන්නෙ


    1.පෙනුම :-මේකෙ උන් කොච්චර කිව්වත් එකටම බලන්නෙ සල්ලි කියලා සිරාම ලස්සන අර මං කිව්ව කොලිටිස් ඔක්කොම තියන කෙල්ලො ( විශේෂයෙන්ම වටේ ගිහින් චොර නොවී ඩීසන් ඉන්න කෙල්ලො)මුලින්ම බලන්නෙ කොල්ලගෙ පෙනුම.සල්ලිත් බලනවා අනිවා හැබැයි එකට එන්නෙ පෙනුම.මොකද උන් දන්නවා උන් සිරාම ලස්සන + අර උඩ කිව්ව සියලුම කොලිටිස් තියන නිසා උන්ට ලංකාවේ පට්ටම ඩිමාන්ඩ් එකක් තියනවා කියලා. ඒනිසා උන් කොල්ලෙක්ව තෝරගන්න පලවෙනි ෆිල්ටර් එක විදිහට තෝරගන්නෙ උන්ගෙ පෙනුම. මොකද උනුත් ලස්සන නිසා උන් කැමති කපල් එකක් විදිහටත් ලස්සනට ඉන්න.අනිත් කෙල්ලොන්ට හීල්ලෙන්න ගැම්මට කොල්ලා එක්ක ඉදලා ෆොටෝ ස්ටෝරි දාන්න.මෙතන පෙනුම කියලා උන් බලන ගොඩක් දේවල් මහන්සි උනොත් + සල්ලි තිබ්නොත් ඕන කොල්ලෙක්ට හදාගන් පුලුවන් කීපයක් ඇර.


    i.උස + පලල් උරහිස් (මේක ගෑනුන්ගෙ ජානවලම තියන ආදි මානව කාලෙ ඉදන් එන කැමැත්තක් හරියට අපි ගැනුන්ගෙ පස්ස + තන් දෙකට කැමතී වගේ)


    ii.ඇගේ ශේප් එක :- මේකෙන් තමා 70%ක්ම කොල්ලෙක් ගෙ ලුක් එක එන්නෙ. උස තිබ්බත් වැඩක් නෑ බඩ දාලා මහත් වෙලා චොර වෙලා හිටියොත්.අනික ඇගේ ශේප් එක හැදෙනවා කියන්නෙ මසල්ස් 6පැක්ස් හැදෙන එක විතරක් නෙවෙයි හොදට බලපන් යූටියුබ් එකේ එහෙම weight loss transformation කරපු උන්ගෙ වීඩියෝ එහෙම. Weight loss වෙලා එනකොට මූණෙ බෙල්ලෙ ෆැට් එක එහෙම අයින් වෙලා jawline එහෙම ශේප් වෙලා එද්දි,බඩ ටයර් නැතිවෙලා හොද ශේප් එකක් එනකොට පට්ට ලුක් එකක් එනවා හිතාගන්නවත් බැරි.(මේ දාල තියෙනෙ මහත් වෙලා ඉන්න උන්ට ෆැට් බර්න් කරලා ඇග හදාගෙන ලුක් එක හදාගන්න හැට්.කෙට්ටු උන්ගෙ නම් ඇග හදලා ගන්න විදිහ මම දන්නෑ.දන්න එකෙක් දාහන් ඒක.)ස්කින් කලර් එක කලු උනත් කිසි අව්ලක් නෑ ඇගේ ශේප් එක හරියට හදාගෙන ගැම්මට හිටියොත් ඕන කෑල්ලක් නමාගන්න පුලුවන්


    iii.රැවුල & හෙයා ස්ටයිල් එක :- සුපිරි රැවුලක් කොන්ඩයක් තිබ්බත් වැඩක් නෑ හරියට මේන්ටේන් කරලා ලස්සනට තියාගත්තෙ නැත්තං.මූනෙ ශේප් එකට පර්සනැලිට් එකට හරියටම මැච්වෙන හෙයා කර් එකක් රැවුල් කට් එකක් දාල තියාගනිං


    iv.අදින පලදින විදිහ :- මේක කොල්ලො වැඩිය ගනන් ගත්තෙ නැති උනාට අදින ඇදුම් ඒවගෙ පාට, ෆිටෝන් එක හරියටම ෆිට් වෙන,සපත්තු බෙල්ට් අනං මනං එක්ක මැච් කරලා අදින විදිහ එක්කත් ලුක් එක පට්ට විදිහට වැඩි කරගන්න පුලුවන්. යූටියුබ් සර්ච් කරලා බලපියව්.


    2.පර්සනැලිට් එක :- පෙනුමට පස්සෙ බලන්නෙ පර්සනැලිට් එක.මොඩ්ල් කෙනෙක් වගේ පෙනුම හදන් තිබ්බත් වැඩක් නෑ.සතියක් මීට් වෙනකොට කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙ පර්සනැලිට් එක මැනගන්න පුලුවන්.කොල්ලෙක් වගේ ගැම්මට ඉන්නවද කොන්ද පණ තියනවද වගේ දේවලුත් අනිවා බලනවා.


    3.සල්ලි සහ ආර්ථික ස්ථාවර භාවය :- අර මං උඩකී ජාතියෙ කෙල්ලො ඊලගට බලන්නෙ කොල්ලෙක්ගෙ සල්ලි සහ ස්ටේබල්ද කියලා.හොද ජොබ් එකක් (අර මම උඩ කියලා තියන පට්ටම ලස්සන + අනිත් කොලිට්ස් තියන කෙල්ලො නං ජොබ් ටයිට්ල් එකත් බලනවා ටිකක් ඉන්ජෙක් ,ඩොකෙක් වගේ ලංකාවෙ හෙන ඩිමාන්ඩ් එකක් තියන ජොබක් නං හෙන චාන්ස් එකක් තියනවා ) එහෙම නැත්තං හොද ස්ටේබල් බිස්නස් එකක් කරන හොද ගෙයක් හොද වාහනයක් තියනවද කියලා අනිවාරෙන් බලනවා.


    4.ෆැමිලි බැග්‍රවුන්ඩ් එක :- ඊලගට බලන්නෙ කොල්ලාගෙ ෆැමිලි බැග්‍රවුන්ඩ් එක.කුලේ එහෙමනං දැන් කෙල්ලො බලනවා ගොඩක් අඩුයි.(සමහරවිට ගෑනිගෙ මහ උන් නං බලන්න ඉඩ තියනවා ඒකත් ගොඩක් අඩුයි දැන් නං)හැබැයි අනිවාරෙන් කොල්ලගෙ පවුල/නෑදෑයො ඩීසන්ද ,පවුලෙ අය කරන රස්සා , ව්‍යාපාර , ජීවත් වෙන විදිහ එහෙමනං හොයලා බලනවා.


    5.ඊටත් පස්සෙ තමා කොල්ලගෙ ගති ගුණ බලන්නෙ.කෙයාරිං + ආදරේ දෙනවද , තරහා යනවද, අවංකද , ඕනවට වඩා බොනවද අනං මනං (ලංකාවෙ ගොඩක් වෙන මෙලෝ දෙයක් නැති අවංකව.ආදරේ කරන රත්තරං හිත් තියන අයියලාට කෙලවෙන්නෙ ,අපි මෙච්චර ගුණ යහපත් අපිට කෑලි නෑ කියලා නාහෙන් අඩන්නෙ ඒකයි .ඒක කෙල්ලො බලන්නෙ අන්තිමට)

    ප.ලි :- දැන් ඉතිං රෙදි උස්සන් එන්න එපා ඈ.මෙන්න බලපන් අර ඉටිකිරිස් කෑල්ල අර නාකි බඩතඩි බිස්නස් කාරයා බැන්දා,සල්ලි තියන හින්දා අන්න අර කිසිම පර්සනැලිට් එකක් නැති පෙන්දා එක්ක අර පට්ට කෑල්ල ඉන්නවනෙ කිය කිය ෆොටෝ දදා ඈ. හොයලා බලපන් මම අර උඩ දාල තියන කොලිට් සෙට් එකම තියන උන්ද ඒ ගෑණු කියලා.ගොඩක් වෙලාවට ඒ එකම මාකට් කරන්න පුලුවන් වැලිව් එක ලස්සන විතරක් වෙච්ච උන්.
    bump

    Kohomada mune fat adu kara ganne