හරි. උබ මුලු දවසම කෙල්ල ගැන හිතනවනේ. ඒ කියන්නේ නිදියන වෙලාව හැර අපි හිතමුකෝ පැය 15ක් අවම හිතනවා කියල. දැන් මගේ දෙවෙනි ප්රශ්නය
ප්රශ්න අංක දෙක? උබේ මාසික ආදායම 28000යි කිව්වනේ, දැන් මට කියපන් ඒ 28000ට අඩුම තරමේ තව රුපියල් 6000ක් (දවසකට රුපියල් 200 x 30 = 5000, උදේට අම්මට කියලා බත්මුල් 4ක් වැඩිපුර බැදන් ගිහින් ඔෆිස් එකේ ටින් ටින්ලා 4ර දෙනෙක්ට දෙන්න තියාගත්තනම් සරලවම ලාභය 200යි) මාසෙකට එකතු කරගන්න ක්රමයක් ගැන උබ දවසකට කොච්චර වෙලා හිතනවද?
මට උත්තරේ එපා. උබ හිතින් ගනන් හදලා තීරනේ කරපන්. ඔන්න ඕක තමයි බන් ලංකාවේ සිංහල කොල්ලන්ට වෙලා තියෙන හෙනේ.
කිව්වට තරහ වෙන්න එපා මචන්
යකෝ ලංකාව වගේ රටක දුප්පත් කොල්ලෙක් ඉන්නවනම් අනිවා ඌ කම්මැලියෙක් නැත්නම් උත්සාහයක් නැති එකෙක්.නැත්නම් කිව්වට තරහ වෙන්න එපා, ඌ ලැබෙන දේ කාලා වෙනදේ බලාන මාසේ ගෙවන කාලකන්නියෙක්. හිතපන් දවසකට අතිරේක රුපියල් 1000ක් හොයනවා කියන්නේ මහලොකු ගේමක්ද? අද ෆ්රයිඩ් රයිස් දෙකක් හොද කඩේකින් 1000කට කෑවැහැකිද?
හම්බයෝ කෙලින්න කලින් සිංහලයාට කෙලවෙන්නේ දැන් ඉන්න කොල්ලෝ නිසා බන්. මෙහෙම කිව්වට මාත් එක්ක අහිතක් හිතන්න එපා, හෙට ඉදන් හිතන විදිහ වෙනස් කරපන්. කිබි සම්බන්දව තියෙන ආත්ම විශ්වාසය උනන්දුව සහ කැපවීම ස්වයන් දියුනුවට කැපකරපන්. මට උබ දාපු ත්රෙඩ් එකෙන් පෙනුනේ එකම දෙයයි "මට අව්රුදු 30යි ආදායම 28000යි" මට වැදගත් ඒ සාදකේ කතා කරන්න විතරයි. ඔය කිබි සීන් ජංගි සීන් මට අදාල නෑ මචන්. ජීවිතේ ප්රභලම දේ විවාහය නෙමේ බන්
ඉස්කෝලේ යන කාලේ බස් එකේ යන්න මාරු සල්ලි එකතු කරන් ගිය එකෙක් මම.අද වෙනකොට මාසෙකට ලක්ශ 8න් එහා හොයනවා
මී හරකෙක් වගේ මැරීගෙන වැඩ කරන්න එපා. නාඩියෙන් හම්බ කරපන්, ඔලුවෙන් හම්බ කරපන් සූත්තරෙන් හබ්බ කරපන්.. මොන මගුල කලත් ආර්ය අශ්ථාංගික මාර්ගයේ පිහිටලා වැඩකරපන්
නැගිටපන් පකෝ නැගිටපන්
වානේ පන්නරේ අරන් නැගිටපන්
සිංහලයෙක් වගේ නැගිටපන්
එලාරයව දෙකට කැපුව ගැමුනු වගේ නැගී ඉදපන්
ජීවිතේ ගොඩ දාගනින්...ඔලුව පාවිච්චි කරපන්.... කල්පනා කරපන්...
නැගිටපන් ඩෝ නැගිටපන්... වැටි වැටී කාගෙන නැගිටපන්
ගෑනිව බදින්න බැයිනම් මරන් කාපන්. ඒවා අදාල නෑ. මෙච්චර වෙලා මම කෙටුවේ අර මම මුලින් කිව්ව වැකිය දැකලා - "මට අව්රුදු30යි ආදායම 28000යි"
තව අව්රුදු 5කින් PM එකක් එවපිය, "රත්තරං ඇක්සියෝ එකක් ගන්නද ඇලියොන් එකක් ගන්නද ප්රෙමියෝ එකක් ගන්නද කෝකද හොද" කියලා. ඒ වෙනකන් මම බලන් ඉන්නවා.....
උබට ජයෙන් ජය....