ඔහොම කලාම ඌට එළකිරිය එපා වෙනවා බං.. මට පහුගිය ටිකේ උගෙ කතාවෙන් ඒක තේරුම් ගියා.. කාලයක් ඌ එළකිරි නෑවිත් හිටියා ඔය සීන් නිසා..
උඹ දැකලා ඇතිනේ රේඩියෝ ඇක්ටිව්ගෙන් කවුරුහරි උදව්වක් ඉල්ලුවොත් පිටු පිරෙන්න රිප්ලයි කරනවා පැය ගණන් අපතෙ යවාගෙන.. ඌට ඇත්තටම එහෙම කරන්න උවමනාවක් නෑනේ බං.. තමන්ගෙ වෙලාව අපතෙ යවන්.. ඒත් ඌගෙ හිත හොඳකම නිසයි එහෙම කරන්නෙ.. මේකෙ කාටවත් ඌ වැරැද්දක් කරල තියෙනවා මං දැකල නෑ බං.. ඉතිං ඔහොම එකෙක්ව කිරියෙන් පන්නන්න ට්රයි කරනව කියන්නෙ චාටර් වැඩක්..
මොකද අන්තිමට මේකෙ ඉතුරු වෙන්නෙ අපි වගේ හාල්පාරුවො විතරයි.. කවුරුහරි උදව්වක් ඉල්ලලා ත්රේඩ් එකක් දැම්මත් අපිට තේරෙන්නෙ නෑ ඌට කොහොම උදව් කරන්නද කියලා.. ඉතිං බම්ප් කරලා නිකන් ඉන්නවා.. සමහර උන් ඌව විහිලුවකට ගන්නවා.. ඒත් අරූ පැය ගණන් අපතෙ යවාගෙන ඒවට රිප්ලයි කරනවා..
මේකෙ රේඩියෝ ඇක්ටිව් වගේ උන් ටිකදෙනයි ඉන්නෙ.. උන් ටිකත් ගියා කියන්නෙ කිරියට පැවැත්මක් නෑ බං.. අපි හැමදාම කරන්නෙ මොකක් හරි එකක් අල්ලන් කුණුහරුප කියන එකයි ගොන් ආතල් දෙන එකයි විතරයි..
අනිවා රෙඩියෝ ඇක්ටිව් මීට කලින් වෙනත් නම් වලින් කිරියේ ඉඳලා තියෙනවා ඌ මම හිතන එකාම නම්. මූව මට සෙට් උනේ ලඟදි මම කාලයක් ආවේ නැතිව හිටිය නිසා. නමුත් මොකෙක් හරි එකෙකුට උදව්වක් ඉල්ලුවම පිටු ගණන් ලියලා ඌට උදව් කරන එකම එක බුවයි හිටියේ. උගේ පරණ ඒවල මමත් VM දාලා ඇති මොකද නැත්තේ කියලා. මොකෙක් හරි උදව්වක් ඉල්ලුවොත් ඌ අනිවා වෙලාව නාස්ති කරගෙන උදව් කරන එකෙක් බං. ඌ නොදන්න දෙයක් තියෙනම් නෙට් එකේ හොයලා බලලා හරි අනිවා අහලා තියෙන එකාට සාධාරණ පිලිතුරක් දෙනවා.
හැබැයි මේකේ අම්මලා තාත්තලගෙන් නිකන් ගෙදරට කකා ඉන්න කිසි දෙයක් තමුන්ගේ කියලා කරන්නේ නැති පිං ගොන්නු හිටං ඌව බයිට් එකට ගන්නවා. කිරියේ එදා මෙදා මිනිස්සුන්ට උදව් කරපු හැමෝටම මේකේ උන් කලේ ඇරපු එක. අරින්න හදපු එක ඒ නිසා උන්ට කිරිය එපා වෙලා ගියා, ඉස්සරහට එහෙම උන් යනවා. එකක් කුහක කම හෝ ඉරිසියාව, නැත්නම් හීනමානේ නිසයි උන්ට අරම දේවල් කරන්නේ. අන්තිමට වැඩකට නැති උන් විතරක් ඉතිරි වෙනවා. උදව්වක් කරන්න පුලුවන් යම් ක්ශේත්රයකින් හොඳ තැන් වල ඉන්න උන් මේකේ ඕනේ තරම් ඉන්නවා සද්ද නැතිව. හේතුව මේකේ උන්ට එහෙම උන්ව දිරවන්නේ නෑ. උදව්වක් කලා කියලා කිසි කෙලෙහිගුණයක් නෑ.










