කෙලෙස්ටරෝල් වැඩි වෙලා මචන්ලා...

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්‍රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..

    rice thamai ban api hamoma kanne... :confused: :shocked:
    idala hitala burger wage jathith kanawa
     

    RAT 16F88

    Well-known member
  • Aug 27, 2010
    1,131
    86
    48
    ඕව මොනවද බං මට 26ඉ bypass එකක් කරන්ඩ general එකේ ලිස්ට් එකේ ඉන්නේ, හොදට ෂොට් එකක් දාල pork කැල්ලක් කාල ඉදින් :)
     

    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    mage SGPT/ALT 129.5 h, SGOT/AST 52.3 h. cholesterol and sugar monawath naha, habai me SGPT/SGOT deka wadiy. adu karaganna widihak dannawada kattiya?
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වි්‍යායාම කරන්න.
    කැම පාලනය කරගන්න.

    කෙලෙස්ටර්රෝල් අරවා මෙිවා වැඩිවෙන්නෙ පිට කැම/කඩෙි ජරා තෙල් කැම,බිම හැමදාම කාලා.පැනි රසත්/තෙල්/මස්/මිරිස් කැම අඩුම කරන්න මචං.කොලෙස්ටර් අඩු කරගන්න ආයුර්වෙිද සිංහල ස්භාවික ඖෂධ ක්‍රමවලට යන්න.උදාහරන කරපිංචා බිම හදලා බොන්න/කැද වර්ග හදලා බොන්න.

    කැද වර්ග

    https://www.google.lk/webhp?ie=utf-8...B7%8A%E0%B6%9C

    කොලෙස්ටර්රෝල් ගැන

    https://www.google.lk/webhp?ie=utf-8...B6%BD%E0%B7%8A



    බුදු සරණයි.:)


     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචං ,කෙටි උත්තර නෑ ඕකට ..අවුරුද්දක ,එකහමාරක වගේ වැඩපිළිවෙලක් තියෙන්නේ ..හැබැයි 200% sure උඹට ගොඩයන්න පුළුවන් ..
    කොච්චර උඹ නෑ කිව්වත් උඹට කොහෙන් හරි තෙල් කැවෙනවාමයි …

    දවසක් ඇර දවසක් 3-4 KM jogging කරපං ..එහෙම නැත්නම් GYM එකක treadmill එකක දුවපන් ...එකපාරටම අමාරු වෙයි . නැවතී නැවතී හරි දුවපන් ... පාන් ,pizza ,fried rice කන්න එපා ..
    බත් පොඩ්ඩක් (1 Tea cup ) වැඩිපුර එළවලු එක්ක කාපං ...තව කඩල වගේ ධාන්‍ය වලින් බත් වේල් 2-3ක් replace කරපං ..

    ලොකු විනයක් ඕනි මචං ..එත් පුළුවන් කරන්න හිතට ගත්තොත් ...!!

    මීට අවුරුදු 5කට උඩදී මන් ඔහොම කලා ..ඇත්තම කිව්වොත් මං කරපු විදිහ අන්තිම දරුණුයි ..අන්තිමට මන් මගේ බර 35KG අඩු කරගත්තා ..එච්චර ඕනි නෑ උඹ ඔය උඩ තියෙන විදිහට කරපං ...කව්ද දාල තිබ්බා කඩෙන් කන්න එපා කියලා ...එකත් හරි ...එත් ඉඳලා හිටලා ආසම නම් කාපං ..එත් මතක තියාගන්න මචං උඹ ඒ කාපු ටිකට හරියන්න පහුවදා දුවන්න ඕනි කියලා ...එකයි discipline matters කියන්නේ ..

    කොල්ලෝ ඔහොම ලෙඩ වෙලා හරියනවද මචං ….ඕක වයසක්ද ?..ගොඩ දාගමු 1 year වලින් .readings වෙනස් වෙන්නේ නෑ මචං ඊට අඩුවෙන් ..Good Luck !
     
    මචං ,කෙටි උත්තර නෑ ඕකට ..අවුරුද්දක ,එකහමාරක වගේ වැඩපිළිවෙලක් තියෙන්නේ ..හැබැයි 200% sure උඹට ගොඩයන්න පුළුවන් ..
    කොච්චර උඹ නෑ කිව්වත් උඹට කොහෙන් හරි තෙල් කැවෙනවාමයි …

    දවසක් ඇර දවසක් 3-4 KM jogging කරපං ..එහෙම නැත්නම් GYM එකක treadmill එකක දුවපන් ...එකපාරටම අමාරු වෙයි . නැවතී නැවතී හරි දුවපන් ... පාන් ,pizza ,fried rice කන්න එපා ..
    බත් පොඩ්ඩක් (1 Tea cup ) වැඩිපුර එළවලු එක්ක කාපං ...තව කඩල වගේ ධාන්‍ය වලින් බත් වේල් 2-3ක් replace කරපං ..

    ලොකු විනයක් ඕනි මචං ..එත් පුළුවන් කරන්න හිතට ගත්තොත් ...!!

    මීට අවුරුදු 5කට උඩදී මන් ඔහොම කලා ..ඇත්තම කිව්වොත් මං කරපු විදිහ අන්තිම දරුණුයි ..අන්තිමට මන් මගේ බර 35KG අඩු කරගත්තා ..එච්චර ඕනි නෑ උඹ ඔය උඩ තියෙන විදිහට කරපං ...කව්ද දාල තිබ්බා කඩෙන් කන්න එපා කියලා ...එකත් හරි ...එත් ඉඳලා හිටලා ආසම නම් කාපං ..එත් මතක තියාගන්න මචං උඹ ඒ කාපු ටිකට හරියන්න පහුවදා දුවන්න ඕනි කියලා ...එකයි discipline matters කියන්නේ ..

    කොල්ලෝ ඔහොම ලෙඩ වෙලා හරියනවද මචං ….ඕක වයසක්ද ?..ගොඩ දාගමු 1 year වලින් .readings වෙනස් වෙන්නේ නෑ මචං ඊට අඩුවෙන් ..Good Luck !

    :nerd::nerd::nerd:

    ඉදිරියේ රාළ;20646135 said:
    ඔය මොනවා නොකා හිටියත් වැඩක් නෑ රතු මිරිස් කැවෙනවා නම් - ඒක තමා මේ ලෙඩ ඔක්කෝටම මුල.
     
    ගැටතුඹ හොයාගෙන ඒවාගෙන් මැල්ලුම් හෝ සම්බෝල (ගොටුකොළ වගේ) හදලා කාපං. කොලෙස්ටරෝල් වැඩි නම් නෝමල් වෙනවා. අඩු නම් නග්ගලා නෝමල් කරල ගන්නවා.

    DSC_0036.jpg

     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    කොලෙස්ටරෝල් රෝගීන්ට අධික රුධිර පීඩනය හැදෙනවාද

    බෝ නොවන රෝග ගනයට අයත් වන කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග තරමක් සමාන ලක්‍ෂණ පෙන්වයි. මේ හේතුවෙන් මේ රෝග සඳහා ලබා ගන්නා පිළියම් යම් සමාන බවක් පෙන්වයි.

    එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෙද්‍ය අසංග විජයරත්න

    බෝ නොවන රෝග ගනයට අයත් වන කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග තරමක් සමාන ලක්‍ෂණ පෙන්වයි. මේ හේතුවෙන් මේ රෝග සඳහා ලබා ගන්නා පිළියම් යම් සමාන බවක් පෙන්වයි.

    කොලෙස්ටරෝල් යනු
    හදවතින් මොළයට රුධිරය සපයන නාළ හදවතට සම්බන්ධ නාළවල පීඩනය අධික රුධිර පීඩනය ලෙස හඳුනා ගැනේ. එලෙස රුධිරය ගමන් ගන්නා වේගය එහි පීඩනය ලෙස මැන බැලෙයි. එම නාළිකා ඇතුළත අවහිර වීම කොලෙස්ටරෝල් ලෙස හඳුනා ගනියි. මෙම රෝග දෙකම රුධිර නාළිකා හා සම්බන්ධ වෙයි.
    කොලෙස්ටරෝල් රෝගීන්ට අධික රුධිර පීඩනය ඇති වුවද අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට නම් කොලෙස්ටරෝල් අවදානමින් අත් මිදීමට හැකිය. කොලෙස්ටරෝල්වලදී නාළවල අවහිරතා නිසා රුධිර ගමනාගමනයේ පීඩනය ඇතිවීම මෙයට හේතුවයි.
    අධික රුධිර පීඩනයට හේතු
    කොලෙස්ටරෝල් වැලඳී නැතත් ඔබට අධික රුධිර පීඩනය ඇතිවීමට මෙවැනි හේතූන් බලපෑ හැකිය.


    * ආරයට
    * හෘද නාළිකාවල දුර්වලතා
    * හෘද ස්පන්දන වේගය වැඩිවීම
    * ශරීරයේ යෝග්‍යතාවයේ අඩුබව
    * ගර්භනී සමයේ ඇතැම් අවධි
    * තරබාරුකම
    * මේදය වැඩිවීම
    * අවිධිමත් ආහාර රටාව සහ විවිධ බෝ නොවන රෝග වැලඳීමත් මෙයට හේතු වීමට පුළුවන. දියවැඩියාව, අම්ලපිත්ත රෝගය, හෝමෝන ගැටලු, කොලෙස්ටරෝල් වැනි රෝග මේ අතර වෙයි. තරුණ වියේ පසුවන අයට අධික රුධිර පීඩනය වැඩි අවදානමක් ඇත්තේ අවිධිමත් ආහාර රටාව නිසයි.
    මේ හේතුවෙන් සෑම පස්දෙනකුගෙන් එක් අයකුටම බෝ නොවන රෝග සෑදීමේ අවදානමකට ලක්ව ඇත. ව්‍යායාම් නොමැති වීම, වායුසමීකරණය කරන ලද කාමරවල සිටීම හා ආතතියද මේවාට බලපෑම් කරයි.


    පාලනයට උපදෙස්
    කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යයි නම් සති 2ත් 4ත් අතර ව්‍යායාම් කරමින් එය පාලනය කර ගන්න හැකියි. තෙල්, සීනි හා ලුණු පාලනයක් සහිතව ආහාරයට එක්කර ගන්න. ඇඹුල් හා මිරිස් අඩංගු චට්නි වර්ග එතරම් සුදුසු නොවේ. මෙවැනි ආහාරවලින් අෑත් වෙමින් වෛද්‍යවරුන් නිර්දේශ කරන ඔෟෂධ ගන්නේ නම් ඔබට මෙය පාලනය කර ගන්නට හැකි වෙයි.


    කොලෙස්ටරෝල් රෝගයට ආහාර පාලනය
    කොලෙස්ටරෝල් හා අධික රුධිර පීඩනය යන රෝග නිහඬ මාරයන් ලෙස හඳුනා ගනියි. කොලෙස්ටරෝල් පාලනය කර ගැනීමට මේ ආහාර රටාව අනුගමනය කරන්න.
    * සත්ත්ව තෙල්වලට වඩා ඔලිව් තෙල්, සෝයා තෙල් හා එළවළු තෙල් භාවිතයට ගන්න.
    රතු ලූනු, සුදු ලූනු හා කරපිංචා තරමක් තම්බා ආහාරයට ගන්න.


    අධික රුධිර පීඩනය පාලනයට
    අධික රුධිර පීඩනය ඇති රෝගීන්ට නම් බර එසවීමේ ව්‍යායාම සුදුසු නොවේ. සෑම දිනම විනාඩි 20ක් පමණ ඇවිදීමේ ව්‍යායාමවල යෙදෙන්න. හෘදයට හිතකර වූ ඇරමික්ස්, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාමවල යෙදෙන්න.
    කොලෙස්ටරෝල් රෝගීන්ටද දියවැඩියාව රෝග අවදානම ඇතිවිය හැකි නිසා පැණි රස කෑමවලින් අෑත් වන්න. දිනකට වතුර ලීටර් 3ක්වත් පානය කරන්න.
    මොනරකුඩුම්බිය, වැල්පෙනෙල හා කරපිංචා මිශ්‍ර කොළ කැඳ පානය කරන්න.
    තේ පානය වෙනුවට ඔෟෂධීය කුරුඳු හෝ බෙලිමල් පානය කරන්න. මෙවැනි ආහාර ගනිමින් තෙල්, සීනි හා ලුණු අඩුවෙන් ලබාගන්න.
    ඔබ වෛද්‍යවරයා ළඟට ප්‍රතිකාර ලබා ගැනීමට යන විට අධික රුධිර පීඩනය මැන බැලීමට සිහි තබා ගන්න.
    කොලෙස්ටරෝල් හා අධිකර රුධිර පීඩනය ඇති රෝගීන් ඔෟෂධ නියමිත මාත්‍රාවට ගෙන පාලනය වුවද එය නිසි ලෙස මැන බලා ගැනීමෙන් තොරව ඔබට ඒ පිළිබඳ හරියාකාර තීරණයකට ඒමට අපහසුය.

    ශාලිකා රංගනී සමරදිවාකර
     

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    ඉදිරියේ රාළ;20646135 said:
    ඔය මොනවා නොකා හිටියත් වැඩක් නෑ රතු මිරිස් කැවෙනවා නම් - ඒක තමා මේ ලෙඩ ඔක්කෝටම මුල.
    ඇයි එහෙම කියන්නේ රතු මිරිස් කිව්වම මිරිස් කෑලි මිරිස් කුඩු එහෙමත් අයිති වෙනවද ?
     

    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    කොලෙස්ටරෝල් අවම කරගැනීමේ පස් වැදෑරුම් ප්‍රතිකාර

    ස්ත්‍රී පුරුෂ වශයෙන් සලකා බැලීමේදී පුරුෂයන්ට රෝග අවදානම වැඩිවේ

    සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වයස් ගත වනවිට ඇස වටා සුදු පැහැති රවුමක් දැකගත හැකි වුවත් පුද්ගලයෙකුගේ තරුණ වයසේ කළු ඉංගිරියාව වටා මෙවැනි රවුමක් ඇති වුණොත් ඉන් ඇඟවෙන්නේ අදාළ තැනැත්තා කොලෙස්ටරෝල් අධික අයෙක් බවයි

    මෙවර Meet Your doctor වැඩසටහනට සහභාගී වූයේ හෝමාගම මූලික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා.

    කොලෙස්ටරෝල් පිළිබඳව කථාබහ කළ යුත්තේ ඇයි?

    මේ කාලය තුළ මිනිසුන්ට බරපතළ මට්ටමේ ගැටලු ඇති කරන රෝගයක් වශයෙන් මේ පිළිබඳව පැහැදිලි කර දිය හැකියි. මේ වනවිට ලොව පුරා බෝ නොවන රෝග නිසා මිනිසුන් බහුල වශයෙන් මිය යනු ලැබේ. ඒවාට උදාහරණ ලෙස දියවැඩියාව, අධි රුධිර පීඩනය, අංශභාගය, පිළිකා ආදිය හදුන්වා දිය හැකි වේ. ඉන් දියවැඩියාව ලෝකය පුරා වසංගත තත්ත්වයෙන් පැතිරීගෙන යනු ලැබේ. සියලුම බෝනොවන රෝග නිසා මිනිසුන් විශාල ප්‍රමාණයක් ද මිය යනු ලැබේ.

    ලෝකයේ අංක එකට මිනිසුන් මිය යාමට හේතු වී තිබෙන්නේ හෘදයාබාධයි. මෙහිදී රුධිර නාලවල ඇති වන අවහිරතාවයක් නිසා රුධිර නාලවල කොටසක් මිය යා හැකියි. එම රෝගී තත්ත්වයේ බරපතලකම මත රෝගියා මිය යාම හෝ ජීවත්වීම තීරණය කළ හැකි වේ. මේ තත්ත්වයට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස කොලෙස්ටරෝල් බලපෑ හැකි අතර රුධිර නාලවල කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් හෘදයාබාධ ඇති විය හැකියි. නමුත් මෙහිදී රෝගය පිළිබඳ නිවැරදි අවබෝධයක් තිබේ නම් එය වැළඳීම කල්තියා වළක්වා ගත හැකියි.

    කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍යම අංගයක්ද?

    අපගේ ශරීරයට අවශ්‍ය කොලෙස්ටරෝල් අක්මාව මඟින් 80%ක් නිපදවනු ලබන අතර ඉතිරි 20% පමණක් ආහාර මඟින් ලබාගත යුතුයි. මෙම කොලෙස්ටරෝල් ශරීරය පුරා රුධිරය මඟින් ප්‍රවාහය කරනු ලැබේ.

    කොලෙස්ටරෝල් ශරීරයට අත්‍යවශ්‍ය දෙයක් නම් රෝගී තත්ත්වයකට බලපාන්නේ කෙසේද?

    අපගේ ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉක්මවා යාමෙන් ඒවා රුධිර නාලවල තැන්පත් වීමක් සිදු වේ. මේ තත්ත්වය රුධිර නාල ඝන වීම ලෙස හැඳින්වේ. මෙසේ රුධිර නාලයක් තුළ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා ඒ හරහා රුධිරය ගමන් කිරීමට ඇති ඉඩකඩ අඩු වේ. මේ නිසා රුධිරය ගමන් කිරීම අඩුවිය හැකියි. මෙවැනි රුධිර නාලයක අවහිර වීමක් මොළයේ ඇති වූණොත් එය අංශභාගය විය හැකියි. ඒ වගේම එය හෘදයේ ඇති වුණොත් එය හෘදයාබාධයක් ලෙස හැඳින්වේ. කකුලක ඇති වූවොත් කකුලේ ඇති පටක මිය යාම දක්වා වර්ධනය විය හැකියි. ඒ නිසා කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් ගැටලු ශරීරයට ඇති වනවා නම් ඊට හේතු වන්නේ රුධිර නාලවල සිදුවන අවහිරතාය.

    ශරීරයේ අනෙකුත් ස්ථානවලට සාපේක්ෂව රුධිර වාහිනීවල ඇතිවන අවහිරතා අතරින් හෘදය ආශි‍්‍රතව ඇතිවන අවහිරතා බහුලද?

    ඇත්තෙන්ම රුධිර නාල ආශි‍්‍රතව ශරීරයේ අනෙකුත් ස්ථානවල ඇතිවන අවහිරතාවට සාපේක්ෂව හෘදය ආශි‍්‍රතව දැකගත හැකි අවහිරතා ප්‍රමාණය තරමක් වැඩි ප්‍රතිශතයකි. ඒ වගේම ශරීරයේ ඕනෑම තැනක මෙසේ රුධිරනාල අවහිර විය හැකි අතර වකුගඩුවට ගමන් කරන රුධිර නාල අවහිර වූවොත් එමඟින් වකුගඩු අකර්මණ්‍ය වීම දක්වා රෝග තත්ත්වය වර්ධනය විය හැකියි. ඒ වගේම ඇස්වලට ගමන් කරන රුධිර නාල අවහිර වූවොත් එමඟින් අක්ෂි දුර්වලතා ද ඇතිවිය හැකියි. ඒවගේම අංශභාග තත්ත්වයට හේතුවන මොළයට ගමන් කරනා රුධිර නාලයක අවහිර වීම එක් ක්ෂණියකින් සිදුවන්නකි.

    කොලෙස්ටරෝල් පිළිබඳ කථාබහේදී හෘදයාබාධ පිළිබඳ කාගේත් අවධානය වැඩිපුර යොමුවන්නේ ඇයි?

    රුධිර නාල ආශි‍්‍රත කොලෙස්ටරෝල් තැන්පත් වීම විශේෂිත අවයවයකට පමණක් ආවේණික යැයි සොයාගෙන නොමැත. නමුත් හෘදයාබාධ පිළිබඳ විමසා බැලුවොත් ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දක්වන වෙහෙස ඉතා අධිකයි. බොහෝදුරට හෘදයාබාධ හේතුවෙන් මිය යන පිරිස අධික වීම ඊට හේතුවයි. හෘදයාබාධ අති වී පළමු පැය 24 තුළ රෝගීන්ගෙන් 1/3ක් මිය යනු ලැබේ. තවත් 1/3ක් රෝහලකට ඇතුල් කළත් ඊළඟ පැය 24 තුළ මිය යා හැකියි. තවත් 1/3ක් පමණක් ජීවත් කළ හැකියි. ඒ වගේම මෙවැනි රෝගයක් වැළඳුණොත් අදාළ පුද්ගලයා පමණක් නොව ඔවුන්ගේ පවුල් ද ඉන් විශාල කරදරයකට මුහුණ දෙනු ලැබේ. ඒ වගේම එම රෝගයෙන් මිදීමට අදාළ ප්‍රතිකාර සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වීමද විශේෂිතයි. ඒ නිසා වැඩි අවධානයක් හෘදයාබාධ සම්බන්ධයෙන් යොමු වේ. නමුත් මීට අමතරව අනෙකුත් රෝග තත්ත්ව වලට ද මෙසේ බලපෑම් ඇති විය හැකියි.

    කොලෙස්ටරෝල් ශරීරයට අවශ්‍ය නම් එය රෝගාබාධයක් බවට පත් වන්නේ කෙසේද?

    කොලෙස්රෝල් රුධිරනාල ඇතුළත තැන්පත් වී ඒවා අවහිර කරනු ලබන නිසා මෙම රෝගී තත්ත්ව ඇති වේ. නමුත් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි වූ බව හඳුනාගැනීමට ශරීරයේ බාහිරින් රෝග ලක්ෂණ දැක ගැනීමට නොහැකි වේ. බොහෝවිට මෙය බෝ නොවන රෝග ආශි‍්‍රතව දැකගත හැකි වේ. මෙම බෝ නොවෙන රෝග කාලයක් පුරා ශරිරයේ පැවතීමෙන් සංකූලතා දක්වා වර්ධනය වූ විට අපට පැහැදිලිව හඳුනාගත හැකි අතර ඒ නිසාම එවැනි රෝග ඉතාමත් භයානක රෝග ලෙස හැඳින්වේ. නමුත් ඇතැම් රෝගීන්ගේ ඇස් වටා කහ පැහැති ලප දැකගත හැකියි. ඒ වගේම ඇසේ කළු ඉංගිරියාව වටා සුදු පැහැති රවුමක් දැකගත හැකියි.

    මේ රෝග ලක්ෂණ සැමටම දැකගත නොහැකි වේ. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් වයස් ගත වනවිට ඇස වටා සුදු පැහැති රවුමක් දැකගත හැකි වුවත් පුද්ගලයෙකුගේ තරුණ වයසේ කළු ඉංගිරියාව වටා මෙවැනි රවුමක් ඇති වුණොත් ඉන් ඇඟවෙන්නේ අදාළ තැනැත්තා කොලෙස්ටරෝල් අධික අයෙක් බවයි. ඒ වගේම අත්වල කුඩා ගැටිති ඇතිවිය හැකියි. ඒවා වැළමිට ආශි‍්‍රතවත් ඇතිවිය හැකියි. තවද හෘදයාබාධවල මූලික ලක්ෂණ ලෙස පඩිපෙලක් නැඟීමේදී පපුවේ මහන්සිය, දැවිල්ල අතිවීම වගේම සාමාන්‍ය එදිනෙදා වැඩකදි හැරුණු විට අනෙකුත් කාර්යයන්වල නිරත වීමේදී පපුවේ කැක්කුමක් ද ඇතිවිය හැකියි.

    මොළයේ රුධිර අවහිරතාව නිසා කට පණ නැති වීම, කථා කිරීමට නොහැකි වීම, ශරීරයේ එක් අංශයක අප්‍රාණික බව ආදිය ඇතිවිය හැකියි. ඒ වගේම පාදවල රුධිර නාල අවහිරතාවක් නිසා ඒ ආශි‍්‍රත කොටස අඳුරු පැහැති විය හැකි අතර ඇතැම්විට අදාළ රෝගියාට ඒ පිළිබඳව අවබෝධයක් ද නොමැති විය හැකියි. ඒ නිසා ඉහත සංකූලතාවයන්ට පෙර රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකි නම් එය ප්‍රතිකාර කිරීමට පහසුවකි.

    ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යන්නේ කෙසේද?

    ඇතැම්විට වකුගඩු අකර්මණ්‍ය රෝගීන් මෙන්ම දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අන් අයට සාපේක්ෂව ඉහළ අගයක පවතියි. ස්ත්‍රී පුරුෂ වශයෙන් සලකා බැලීමේදී පුරුෂ අයට රෝග අවදානම වැඩිවේ. මෙය හඳුනා ගැනීමට රෝග ලක්ෂණ නොමැති නිසා පැය 12ක් නිරාහාරව සිටීමෙන් කරනු ලබන ලිපිඩ් ප්‍රොෆයිල් නැමැති පරීක්ෂණය මඟින් ඒ පිළිබඳ විමසා බැලිය යුතු වේ.

    පවුලේ බලපෑමක් නොමැති වීම හා තෙල් ආහාරයට නොගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණ වැඩි නොවීමට හැකි ද?

    සාමාන්‍යයෙන් අවුරුදු 20න් පසුව සෑම දෙනෙක්ම කොලෙස්ටරෝල් පරීක්ෂාවක් සිදු කර ගත යුතුයි. මෙය ලිපිඩ්ප්‍රොෆයිල් නම් වන අතර ඔබ ඒ සඳහා පැය 12ක් නිරාහාරව සිටිය යුතු නමුත් ඒ අතර තුළ ජලය පානය කිරීම වරදක් නොවේ. එම පරීක්ෂණයේ ප්‍රතිඵලය සාමාන්‍ය අගයක තිබේ නම් නැවත අවුරුදු 5කට වරක් කොලෙස්ටරෝල් මට්ටම පරික්ෂා කර බැලිය හැකියි. මෙවැනි වාර්තාවක කොටස් 4ක් සඳහන් වේ.

    එහිදී හොඳ කොලෙස්ටරෝල් එනම් HDL මෙන්ම නරක කොලෙස්රෝල් LDL කොටස් තුනක් ලෙසද දක්වා තිබේ. සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණය 200 වඩා අඩුවිය යුතුයි. එහිදී LDL ප්‍රමාණය 100ට වඩා අඩුවිය යුතුයි. ට්‍රයිග්ලිසරයිඩ් කොලෙස්ටරෝල් කොටස 150ට වඩා අඩුවිය යුතුයි. හොඳ කොලෙස්ටරෝල් කොටස පිරිමි අයගේ 50ට වඩා වැඩි විය යුතු අතර කාන්තාවන්ගේ 40ට වැඩි වැඩි විය යුතුයි. මෙහිදී හොඳ කොලෙස්ටරෝල් මඟින් රුධිර නාලවල අවහිර වී ඇති නරක කොලෙස්ටරෝල් ඉවත් කිරීමක් ද සිදු කරනු ලැබේ.

    කොලේස්ටරෝල් නැති තෙල් තෝරා බේරා ගන්නේ කෙසේද?

    දිනකට වැඩිහිටි පුද්ගලයෙකු ආහාරයට ගත යුත්තේ මේස හැන්දක පමණ තෙල් ප්‍රමාණයකි. අපට හැකි නම් අපගේ ආහාර වේල් තුනෙන් එක් ආහාරයක් පමණක් තෙම්පරාදු කිරීමට හැකි නම් අවශ්‍ය කොලෙස්ටරෝල් ප්‍රමාණය ලැබෙන නමුත් ආහාරයට ගන්නා කුමන තෙල් ප්‍රමාණයක් වුවද වැඩි වීමෙන් කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යා හැකියි. අපි භාවිතයට ගන්නා තෙල් වර්ග අතුරින් සීතල කාලයේදී මිදෙන තෙල් වර්ග අහිතකර අතර ඊට වඩා හිතකර ගුණ වැඩි තෙල් භාවිතයට ගත යුතුයි. නමුත් ඒවා ද ප්‍රමාණාත්මකව අඩුවෙන් භාවිතා කළ යුතුයි.

    මීට අදාළ දින චර්යාව කුමක් විය යුතුද?

    ඖෂධ ලබාගත් පමණින් මෙවැනි බෝ නොවන රෝග වළක්වා ගැනීම අපහසු වේ. මේ සඳහා මූලික වශයෙන් 5 වැදෑරුම් චර්යාත්මක ප්‍රතිකාර ලබා දෙනු ලබන අතර ඕනෑම බෝ නොවන රෝගයක් සම්බන්ධයෙන් මෙය අදාළ වේ. ඉන් පළමු වැන්න වන්නේ නිවැරදි ආහාර රටාව හා නිවැරදි බරක් පවත්වාගෙන යාමයි. දෙවැන්න ව්‍යායාම, තුන්වැනුව දුම්පානයෙන් ඉවත් වීම හා හතර මත්පැන් පානයෙන් ඉවත් වීම මෙන්ම පස්වැන්න මානසික ආතතිය සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමයි. මේ ක්‍රම 5 අපගේ ජීවන රටාවට ඇතුල් කරගත හැකි නම් කොලෙස්ටරෝල් හොඳ පාලනයක් ඇති කර ගත හැකියි.

    ආහාර රටාවේ උපරිම සීමාවන් මොනවාද?

    අධික කාබෝහයිඩ්‍රේට්, මෙන්ම පැණි රස ආහාර අධිකව ගැනීමෙන් ඒවා අපගේ අක්මාවේදී කොලෙස්ටරෝල් බවට පත්විය හැකියි. හොඳ ආහාර වේලක් යනු පිෂ්ඨය හා තෙල් අඩු ආහාර වේලක්ය. ඒවා වැඩි වශයෙන් එළවළු හා පලතුරුවලින් යුතු නම් වඩාත් හොඳයි. මස් වර්ග නම් අධික වශයෙන් අහිතකර තෙල් අඩංගු නිසා සීමා කළ යුතුයි. මෙහිදී කුඩා මාළු පිස ආහාරයට ගන්නේ නම් වඩාත් යෝග්‍ය වේ. ඒ වගේම මාජරින්, බටර් වැනි දේ භාවිතයට ගැනීමත් සීමා කළ යුතුයි.

    මත්පැන් පානය කොලෙස්රෝල්වලට හොඳයිද? මත්පැන් පානය ශරීරයේ කොලෙස්ටරෝල් ඉහළ යාමට බලපාන සාධකයකි. මත්පැන්වල අධික සැර නිසා තෙල් පිච්චීමක් සිදු නොවේ. ඉතා සුළු ප්‍රමාණයක් ලබා ගත්තත් එය ඉතාමත් අහිතකර වේ.

    ව්‍යායාම පිළිබඳ පැවසුවොත්?

    හොඳම ව්‍යායාමය වන්නේ දිනකට කිලෝමීටර් 3ක් වත් දිවීමයි. ඒ වගේම අතපය ක්‍රියාශීලී වන ව්‍යායාම ද අනිවාර්යයෙන්ම කළ යුතුයි.

    - නුවන්ති කුලරත්න
     
    • Like
    Reactions: sanjaya22
    ඇයි එහෙම කියන්නේ රතු මිරිස් කිව්වම මිරිස් කෑලි මිරිස් කුඩු එහෙමත් අයිති වෙනවද ?
    ඔව් - ඉස්සර ලංකාවේ මිනිස්සු රතු මිරිස් කට හරියෙ තිබ්බෙ නෑ. කෑවෙ තනිකරම ගම්මිරිස් හෝ අබ විතරයි. සුද්දො තමා රතු මිරිස් ගෙනල්ලා පුරුදු කෙරුවෙ. ඒකෙන් තමා මේ ඔක්කොම ලෙඩ එන්නේ.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    mage SGPT/ALT 129.5 h, SGOT/AST 52.3 h. cholesterol and sugar monawath naha, habai me SGPT/SGOT deka wadiy. adu karaganna widihak dannawada kattiya?

    මාසයක් බොන එක නවත්තපන්....ලිවර් එකේ එන්සයිම ලීක් එකක් තියෙන්නෙ....චිකන් කන්න එපා...කුකුල්ලුන්ට ගහන එන්සයිම් එක අපේ ලිවර් එකට විසයි.....වෙන අසනීපයක් නැත්නම් බොන එක මාසයක් නවත්තලා චෙක් කරලා බලන්න අඩු වෙලා තියෙයි ලස්සනට :yes::yes::yes::yes:
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Garlic and honey tamai treatment eka. hebei original beehoney uwamanai. Maasa 3k sudu luunu meepani bothalae tiyala tiyanna. eelangata dawasata 1 gaane kanna. Etakan kaema control karanna.
    Apee pereta kamai rassawalui tamai godak durata waga kiyanna oone me ledeta.
     
    Garlic and honey tamai treatment eka. hebei original beehoney uwamanai. Maasa 3k sudu luunu meepani bothalae tiyala tiyanna. eelangata dawasata 1 gaane kanna. Etakan kaema control karanna.
    Apee pereta kamai rassawalui tamai godak durata waga kiyanna oone me ledeta.
    රතු මිරිස් කැවෙනවා නම් ඕක කොච්චර කෑවත් වැඩක් නෑ. පවුලේ අත්දැකීම් මත කියන්නේ. අපේ ගෙදර ඕවාගෙ බෝතල් 5ක් විතර තිබුණා ඉස්සර. නමුත් හරි ගියේ නෑ. බලාගෙන ගියාම රතු මිරිස් තමා වහ. ඒ නිසා තමා ඔය සංයෝගය ඇඟ ඇතුලෙ වැඩ නොකළේ. රතු මිරිස් නැවැත්තුවට පස්සෙ කොලෙස්ටරෝල් නිකන්ම නෝමල් වෙන්න ගන්නවා.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සීනි, කොලොස්ටෝරෝල් වැඩි වෙන්න ප්‍රධානම හේතුව අද සමාජයේ බහුතරයක් වහ කාල කාල ඇඟේ තියෙන ස්වභාවික ෆිල්ටර් ක්‍රමය ලෙඩ වෙලා. මාස 6 කට සැරයක් වත් බඩ විරේකයක් ගනින්. ඇඟේ විස නසන Ganoderma, Ganocelium වගේ හතු වලින් හදපු පෙති, කෑම අරගෙන බීපන්.




    අනේ බන් මට තාම වයස 31 යි.... මම නිකමට කොලෙස්ටරෝල් , සීන බැලුවා...අම්මට සිරි සීනි නම් අව්ලක් නෑ...කොලෙස්ටරෝල් 229 යි බන්....200 ට අඩුව තියන්න ඕන....ප්‍රෙශර් එකත් 150 80 යි...130 යි 80 යි තියන්න ඕන බන්....මමනම් කවදාවත් හිතුවේ නෑ මෙහෙම වෙයි කියලා...දැන් උදේට නැගිටලා පැයක් විතර දුවලා එක්සසයිස් ටිකක් කරනවා....රයිස් එහෙම කෑව බන් මම සතියට දෙපාරාක් විතර...අනිවාර්යෙන්ම ඒක තමා මුල...නැතුව ගෙදර වැඩිය තෙල් දාන්නේ නෑ..මම වැඩිය මහතත් නෑ බන්...කිලෝ 80 යි ...උසට හරියන බර තියෙන්න ඕන 78 යි....මට නෝමල් වෙන්න බැරිද බන් බෙහෙත් වලට යන්නෙ නැතිව...බෙහෙත් වලට ගියෝත් ජීවිතකාලෙම බොන්න ඕන නේද..