මචං ,කෙටි උත්තර නෑ ඕකට ..අවුරුද්දක ,එකහමාරක වගේ වැඩපිළිවෙලක් තියෙන්නේ ..හැබැයි 200% sure උඹට ගොඩයන්න පුළුවන් ..
කොච්චර උඹ නෑ කිව්වත් උඹට කොහෙන් හරි තෙල් කැවෙනවාමයි …
දවසක් ඇර දවසක් 3-4 KM jogging කරපං ..එහෙම නැත්නම් GYM එකක treadmill එකක දුවපන් ...එකපාරටම අමාරු වෙයි . නැවතී නැවතී හරි දුවපන් ... පාන් ,pizza ,fried rice කන්න එපා ..
බත් පොඩ්ඩක් (1 Tea cup ) වැඩිපුර එළවලු එක්ක කාපං ...තව කඩල වගේ ධාන්‍ය වලින් බත් වේල් 2-3ක් replace කරපං ..
ලොකු විනයක් ඕනි මචං ..එත් පුළුවන් කරන්න හිතට ගත්තොත් ...!!
මීට අවුරුදු 5කට උඩදී මන් ඔහොම කලා ..ඇත්තම කිව්වොත් මං කරපු විදිහ අන්තිම දරුණුයි ..අන්තිමට මන් මගේ බර 35KG අඩු කරගත්තා ..එච්චර ඕනි නෑ උඹ ඔය උඩ තියෙන විදිහට කරපං ...කව්ද දාල තිබ්බා කඩෙන් කන්න එපා කියලා ...එකත් හරි ...එත් ඉඳලා හිටලා ආසම නම් කාපං ..එත් මතක තියාගන්න මචං උඹ ඒ කාපු ටිකට හරියන්න පහුවදා දුවන්න ඕනි කියලා ...එකයි discipline matters කියන්නේ ..
කොල්ලෝ ඔහොම ලෙඩ වෙලා හරියනවද මචං ….ඕක වයසක්ද ?..ගොඩ දාගමු 1 year වලින් .readings වෙනස් වෙන්නේ නෑ මචං ඊට අඩුවෙන් ..Good Luck !