Simulation තියරිය අනුව බැලුවොත් Prediction කරන්න පුළුවන් වෙන්න ඕනි. නවීන තාක්ෂණය අනුව බැලුවත් ලොකු කාලයක්, ලොකු ඩේටා සෙට් එකක් ඇනලයිස් කලොත් එන්න පුකුවන් නිගමන වගේ තමයි මේකත්.
මෙතනත් 100% හරි නෑ.. හැම කෙනාටම සාපේක්ෂව මෙච්චරක් හරි වගේ කතාවක් කිගන්න වෙන්නෙ අපි දන්න දැනුමය සාපේක්ෂව. අපි හෙට හොයා ගන්න ඡායා ග්‍රහයෙක් හරි ලොකු කාලෙකට සැරයක් බලපෑමක් කරන්න පුලුවන් කියලා සැලකෙන තරමට ලං වෙන ග්‍රහකයක්, ග්‍රහ වස්තුවක් විතරක් නෙමෙයි නිහාරිකාවක බලපෑමක් නිසා නිගමන වල වෙනස්කම් වෙන්න පුළුවන්.
ගොඩක්ම දේවල් ඒකාකාරීව, එකම විදිහට කාලාන්තරයක් වෙනකොට ඒ ඒ කාලවල එක එක මිනිස්සුන්ට ලබන්න වෙච්ච අත්දැකීම්, සිදුවීම් එක්ක මේවා ගලපලා තියෙන්න පුළුවන්.
Simulation තියරියෙ කියන්නෙ අපි හැමෝම program එකක් ඇතුලෙ ජීවත් වෙනව වගේ කතාවක් සර්ළව කිව්වොත්... ඒ උනාට ඒක සංකීර්ණයි ලෝකෙ මිනිස්සු ඒ ගැන පළ කරන මත එක්ක බැලුවහම.