කොකාගෙ කතාව
ඔන්න දවසක් කොකෙක් ගියාලු ගෑනු නාන තැනකට
කොකා දැක්කම ගෑනු අයට තරහ ගිහින් කිවවලු "පල කොකා"
කියල.ඉතින් පව් කොකාට දුක හිතුනලු.ඉතින් කොකා ගියාලු පාලමක් උඩට.
එතකොට පාලම යට හිටපු කොල්ලො ටිකක් කෑගැහුවලු "අන්න පාලම් කොකෙක් අන්න පාලම් කොකෙක්" කියල.
මේක ඇහුවම කොකාට තවත් දුක හිතුනලු....දිවි නහගන්න කියල කොකා පාලමෙන් පහලට පැන්නලු.
කොකාගෙ පාදයක් කැඩුනලු...
කොල්ලොන්ට දුක හිතුනලු.
.කොකාවත් අරගෙන පාරට ආවලු.බස් එකක් නවත්තල කොන්දට කිව්වලු"මල්ලි පාදයක් කැඩිච්ච කොකෙක් ඉන්නව.බැරිද ඉස්පිරිතාලෙට එක්කන් යන්න" කියල.
එතකොට කොන්ද කිව්වලු
"අපෝ දැන් නම් බෑ දැන් නයි විතරයි පටවන්නෙ කියල" එයා යන්න ගියාලු.

ඊලග බස් එක නැවැත්තුවලු.කොන්දට කිව්වලු
"මල්ලි පාදයක් කැඩිච්ච කොකෙක් ඉන්නව.බැරිද ඉස්පිරිතාලෙට එක්කන් යන්න" කියල.
එතකොට කොන්ද කිව්වලු "ආ කොකාව පස්සෙන් ගහන්න කොකාව පස්සෙන් ගහන්න" කියල.

හරිම හොද කොන්දෙක්.
ඉතින් ඉස්පිරිතාලෙට ගියාම නර්ස් නෝන කොකාට පත්තුවක් දුන්නලු

-නිමි-
කතාව හොදට කල්පනා කරල කියවන්න.
හොදයි කියල හිතෙනවනම් රෙප්ස් දෙන්නත් අමතක කරන්න එපා
හොදයි කියල හිතෙනවනම් රෙප්ස් දෙන්නත් අමතක කරන්න එපා

