කොට්ට උඩින් පැනලා යන්න

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
කොට්ට උඩින් පැනලා යන්න

14360874537_2f8044aaf4_o.jpg


රෑ පානේ රේස් යන්න නුවර වීදී වෙන්කරන්න
බේබිලා ගේ ෆන් කඩන්න,එපා අනේ එරෙහිවෙන්න
රටක ඉදන් ආපු සුද්දෝ මල් වට්ටිය ගත්තා ඔන්න
මාලිගාව ලගින් යත්දී නයිට් රේස් බලන් යන්න

මාලිගාවේ තේජස දැක දළදා හිමි පිහිට ගන්න
යුරෝපයෙන් සුදු ඇදගෙන ආපු ආයෝ මේ අහන්න
මල් පුදලා තෙල් පුදලා දළදා හිමි වැදලා එන්න
යමින් ගමන් බීර බිබී නයිට් රේස් බලලා යන්න

මොනාරාගල ඉදන් ආපු නාකි නඩේ මේ අහන්න
දළදා හිමි වැන්දානම් ඉක්මනින්ම ගෙදර යන්න
නාකි නේද නුවර නැතේ කිසිවක් නුබලට බලන්න
තව ටිකකින් නයිට් වෙනවා බේබි ඒවි කොඩි වනන්න

ඔලමොට්ටල මි හරකෝ,කාකි සුට් කියයි ඔන්න
ඔය කරත්ත,මල් සයිකල් පාරෙන් අහකට කරන්න
තව ටිකකින් කැන්ඩි ටවුන් සුරපුරයක් මෙන් දිලෙන්න
බාධාවක් තොපි හිටියොත් ඕවා අරන් ගෙදර යන්න

පාර දෙපස අඩි දහයේ පෙට්ටි වෙළදසැල් වහන්න
ඕවා එක්ක බැහැනේ යකුනේ කැන්ඩියේ රේසිං පදින්න
මේ දින තුන කඩේ වහලා ගෙදර ඉදන් බුදිය ගන්න
කන්න බොන්න නැතුවත් ඇති අපි ඒවාට මක් කොරන්න

උදේ වරුවේ ඕනෑ නම් දළදා හිමි වැදලා යන්න
පාර පුරා වැලි පුරවපු ගෝනි තියලා ඇතිනේ ඔන්න
සුදු ඇදගත් ඔය අම්මා නුවර ටවුන් පහු කරන්න
ඕනෑ නම් යන්න ඔන්න කොට්ට උඩින් පැනලා යන්න
.
---------------------
-දසුන් වානගුරු-
-2014-06-30-


උපුටා ගැන්ම - බුකියෙන්
 

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
ආස්චර්‍ය.....

ආන්ඩුව මේ වගෙ පීචන් වැඩ කරද්දි ඌරො පිනුම් ගහන එක අහන්න දෙයක්ද? හැම ලබ්බෙම හොඳ විතරක් දකින් උන්ට නන් මේකත් රටට මරු ආදායමක්. හැබැයි හත් පොලේ ගාගෙන හම්බ කරගෙන තියෙන්නේ කෝටි දෙකයි. විලි ලැජ්ජයි.
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකෙන් ආන්ඩුව මිනිස්සු ගැන කොච්චර හිතනවද කියලා මොනවට පැහැදිලි වෙනවා. :lol: මොකද එය කොට්ට දාලා තියන්නේ පාරේ යන වාහන මිනිස්සුන්ගේ ඇගේ වදී කියලනේ. ඕක තමයි ආස්චර්යය
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    මේකෙන් ආන්ඩුව මිනිස්සු ගැන කොච්චර හිතනවද කියලා මොනවට පැහැදිලි වෙනවා. :lol: මොකද එය කොට්ට දාලා තියන්නේ පාරේ යන වාහන මිනිස්සුන්ගේ ඇගේ වදී කියලනේ. ඕක තමයි ආස්චර්යය

    :yes::yes:

    ashcharya

    mewata thama kiyanne hingaa kaala jogy daanawa kiyalaa :lol:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේකෙන් ආන්ඩුව මිනිස්සු ගැන කොච්චර හිතනවද කියලා මොනවට පැහැදිලි වෙනවා. :lol: මොකද එය කොට්ට දාලා තියන්නේ පාරේ යන වාහන මිනිස්සුන්ගේ ඇගේ වදී කියලනේ. ඕක තමයි ආස්චර්යය

    ආස්චර්යය :yes: :yes: