කොට්ට උඩින් පැනලා යන්න
රෑ පානේ රේස් යන්න නුවර වීදී වෙන්කරන්න
බේබිලා ගේ ෆන් කඩන්න,එපා අනේ එරෙහිවෙන්න
රටක ඉදන් ආපු සුද්දෝ මල් වට්ටිය ගත්තා ඔන්න
මාලිගාව ලගින් යත්දී නයිට් රේස් බලන් යන්න
මාලිගාවේ තේජස දැක දළදා හිමි පිහිට ගන්න
යුරෝපයෙන් සුදු ඇදගෙන ආපු ආයෝ මේ අහන්න
මල් පුදලා තෙල් පුදලා දළදා හිමි වැදලා එන්න
යමින් ගමන් බීර බිබී නයිට් රේස් බලලා යන්න
මොනාරාගල ඉදන් ආපු නාකි නඩේ මේ අහන්න
දළදා හිමි වැන්දානම් ඉක්මනින්ම ගෙදර යන්න
නාකි නේද නුවර නැතේ කිසිවක් නුබලට බලන්න
තව ටිකකින් නයිට් වෙනවා බේබි ඒවි කොඩි වනන්න
ඔලමොට්ටල මි හරකෝ,කාකි සුට් කියයි ඔන්න
ඔය කරත්ත,මල් සයිකල් පාරෙන් අහකට කරන්න
තව ටිකකින් කැන්ඩි ටවුන් සුරපුරයක් මෙන් දිලෙන්න
බාධාවක් තොපි හිටියොත් ඕවා අරන් ගෙදර යන්න
පාර දෙපස අඩි දහයේ පෙට්ටි වෙළදසැල් වහන්න
ඕවා එක්ක බැහැනේ යකුනේ කැන්ඩියේ රේසිං පදින්න
මේ දින තුන කඩේ වහලා ගෙදර ඉදන් බුදිය ගන්න
කන්න බොන්න නැතුවත් ඇති අපි ඒවාට මක් කොරන්න
උදේ වරුවේ ඕනෑ නම් දළදා හිමි වැදලා යන්න
පාර පුරා වැලි පුරවපු ගෝනි තියලා ඇතිනේ ඔන්න
සුදු ඇදගත් ඔය අම්මා නුවර ටවුන් පහු කරන්න
ඕනෑ නම් යන්න ඔන්න කොට්ට උඩින් පැනලා යන්න
.
---------------------
-දසුන් වානගුරු-
-2014-06-30-
උපුටා ගැන්ම - බුකියෙන්

.... jaya ha sathuta!