කොටින්ට_වන්දිදීම
කොටියා නැගිටියිද?
මම තිස් අවුරුදු බිහිසුනු යුද්ධයේ බිහිසුනුම සමයෙහි අවුරුදු 16 ක පමණ සටන් පෙරමුණේ විවිධ මට්ටම්වල අණදෙන්නෙකු වශයෙන් ක්‍රියාකර අවසානයේදී බළඇණි අණදෙන්නෙකු වශයෙනුත් ක්‍රියාකර ඇත්තෙක්මි. එකී කාලසීමාව තුල බිහිසුනු ප්‍රහාරක ක්‍රියාන්විත වලට මෙන්ම, ආරක්ශා කරගැනීමේ ක්‍රියාන්විත Defensive Operations වලදී භට පිරිස් මෙහෙයවා තියෙනව. ඉතින් ඔහොම කරනකොට සුළු අවි, මෝටාර්, කාලතුවක්කු පමණක් නෙවෙයි ගුවන් ප්‍රහාර වලද සහාය අරගෙන තියෙනව. ඒවයින් මැරෙන්න ඇත්තෙ ත්රස්ථ්වාදීන් විතරක්ම නෙවෙයි. වනේ වන සතුන්, මහල්ලන්, කුඩා අත දරුවන් පවා මැරෙන්න ඇති. හරියටම අර දකුණේ ප්‍රදේශවලදි බෝම්බ පිපිරුනහම පාරෙ ගිය මිනිස්සු මැරුන වගේම උතුරෙත් එහෙම වුනා.
ඒ මැරුනෙ ඔක්කොම අපේ රටේ උපන් මිනිස්සු. විවිධ බෙදීම් හදාගෙන මරාගත්තට උන් ඔක්කොම මැරුනයින් පස්සෙ මහපොලොවට පස්වෙලා පණුවො ගහල දිරාපත්වෙලා යන්න ඇති. ඉතින් ඕක ඕනෙම යුද්ධෙක ස්වභාවය. ඔය යුද්දෙදි මැරුන කොටි ත්‍රස්ථවාදීන්ගෙන් බහුතරය එක්කෝ ලමා සොල්දාදුවන් හැටියට බලෙන් ගෙවල් වලට ඇවිත් අරගෙන ගිය වුන්, එහෙම නැත්නම් දේශපාලන අරමුණුදීල සුරoගනා ලෝකයක් මවාපාල රවට්ටල බඳවගත්ත එවුන්. කොහොම වුනත් උන් ඔක්කොම අපි වගේම ලේ ඇට මස් නහර වලින් හැදිච්ච මිනිස්සු.
මේ ටික ලිව්වෙ යුද්ධයෙන් හානියට පත් උතුරේ ජනතාවට වන්දි ගෙවන්න සූදානම් වනව කියල බුකියෙ කුණුහරප කියාගෙන යන යුද්දෙට කිසිම අන්දමකින් සහභාගි නොවුනු බොරු බුකි වීරයන්ගෙ වහසි බස් වලට ගොදුරුනොවී යතාර්ථය මතක් කරගන්න මධ්‍යස්ථ ශීලාචාර මිනිස්සු දැණුවත් කරන්නයි.
තව දෙයක් ඔය මැරිච්ච උන්ට සතයක්වත් දෙන්න එපා කියන උන්ගෙන් බහුතරය, වැඩිම හමුදා සාමාජික පිරිසකගෙ ජීවිත විනාශ කරන්න නායකත්වය දීපු එල්.ටී.ටී.ඊ එක බිහිකරපු හොඳම සටන්කරු වන සහ වර්ථමාන පොදුජන පෙරමුණේ උප සභාපතිද වන කරුණා අම්මාන් මැතිතුමා ගැන මොකද කියන්නෙ? එතුමාට පුනරුත්ථාපනය වෙලා ප්රජාතන්ත්රවාදී දේශපාලනයෙ යෙදෙන්න ලැබී තිබෙන අවස්ථාව අර මැරිච්ච කොල්ලන්ටත් ලැබුන නම් උන් වෙනස් වෙන එකක් නැද්ද? කේ.පී, දයා මාස්ටර් හොඳා.............යිද? ඇයි ඒ කරුණාව මැරිච්ච උන්ගෙ පවුල්වල මැරි මැරී ජීවත්වන මිනිස්සු ගැන නැත්තෙ?
විජිතපුර මහ සටනින් එළාර පරද්දපු දුටුගැමුණු මහරජු එළාරට රාජකීය ගෞරව සහිත රාජ්‍ය අවමoගල්‍යයක් පැවැත්වූවා. එතනිනුත් නවතින්නෙ නැතුව රාජකීය සොහොනක් ඉදිකලා. එතනින් ගමන් කරන මිනිසුන්ට එළාරගෙ සොහොනට ගරු කරන්න නියම කලා. මම එහෙම නම් කියන්නෙ නෑ ප්රභාකරන්ට. ඌ එළාර වගෙ ශ්‍රේෂ්ඨයෙක් නෙවෙයි. අමුම අමු ෆැසිස්ට් මිනී කාක්කෙක් නිසා. කොහොම වුනත් මියගිය සතුරාට මිනිහෙක් වගේ මිහිදන් වෙන්න ඉඩ දෙන එක නම් ඊට වඩා උසස් මහත්මා ගති පැවතුම් තියෙන ශිෂ්ඨ සම්පන්න බහුතරයේ වගකීම.
ඇමරිකානු සිවිල් යුද්ධයත් ටිකක් අපේ සන්දර්භයන්ට සමානයි. හේතුව වර්ගවාදී නොවුනත් ඒකත් රට බෙදාගන්න කරපු යුද්දයක් නිසා. ඉතින් යුද්දෙ ඉවරවෙච්ච ගමන්ම උතුරේ වැසි එක් උද්යෝගිවන්තයෙක් ලින්කන් ජනාධිපති තුමාගෙන් අහනව 'ජනාධිපති තුමනි. යුද්ධය අවසන් වූ පසුව ඔබ දකුණේ වැසියන්ට සලකන්නේ කෙසේදැයි? ලින්කන්ගේ පිළිතුර වූයේ 'ඔවුන් කිසිදිනෙක යුද්ධයක් නොකලාසේ අප ඔවුන්ට සලකනවා.................'
මේ බිහිසුනු යුද්ධය අවසන් වූ මොහොතේ උද්දාමයට පත් ලින්කන්ගේ එක් ආධාරකරුවෙකු, "ජෙෆර්සන් ඩේවිස් (දකුණු සන්ධානයේ ජනාධිපති ) එල්ලා මරා දැමිය යුතුයයි" ඉල්ලූවිට, ජනාධිපති ලින්කන් ඊට දැක්වූ ප්‍රථිචාරය වූයේ "ඔබවද කිසියම් දිනෙක ඔබ ජීවත්ව සිටියදී කල කී දෑ වෙනුවෙන් විනිශ්චයට භාජනය වන බව සිහියේ තබාගන්න" ලෙසයි. අපට දකුණ සමග එක්සත්ව ක්‍රියා කරන්නට අවශ්‍ය නම් " අපගේ අමනාපය මේ යුද්ධය සමගම අවසන් කලයුත්තෙමු"යි යන්න ලින්කන්ගේ අවසන් වදන් කිහිපය අතර වීය.
දකුණු අප්‍රිකාවෙ ගෝත්‍රික ගැටුම අවසන් කරමින් එහි නව ප්රජාතන්ත්රවාදී රාජ්‍ය බිහිවූ අවස්ථාවේදී ක්‍රියාත්මකවුනු සoහිඳියා ක්‍රියා මාර්ගයත් ඒවගෙයි. දෙපැත්තෙම අයට සත්‍ය කොමිසම ඉදිරියෙ පාපෝච්චාරනයක යෙදෙන්න ඉඩ සලසා දුන්න.
පරාජිතයාගෙන් පලිගැනීම සහ වයිරයෙන් වයිරය, ඉවහල් වන්නේ රට බෙදන්නටම පමණි. මේ රට බෙදී වෙන්වීම වැලැක්වීම සඳහා ජීවිතයේ භද්‍ර යෞවනය කැපකල මිනිසෙකු වශයෙන් යුද්ධයෙන් එක්කල දේශය, මිනිසුන්ගේ මුග්ධ පටු ආකල්ප නිසා බෙදී වෙන්ව යාමට ඉඩදී බලා සිටීමට නම් කිසිසේත්ම නොහැකිය.
සoහිඳියාව සහ සතුරාටත් කරුණාවන්තව සැලකීම, තෙවරක්ම බුදුන්ගේ පාදෝශ්පර්ශයෙන් පවිත්රවූවායැයි සැලකෙන දේශයක ශ්‍රේෂ්ඨ ශිෂ්ඨ සම්පන්න බහුතරයකගේ වගකීමයි.
-ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශ්‍රාමලත් ලුතිනන් කර්නල් චන්න කරුණාරත්නගේ සටහනකි-
https://www.facebook.com/channa.karunaratne