කොටියට ඕනේ නැඟිටින යුගයක් ඒකට ඕනේ මෛත්‍රී යුගයක්
* චන්ද්‍රිකා-රනිල්-හකීම්-සම්බන්ධන්-සිරිසේන මේ නඩයට ඕනේ රට බෙදුම්වාදයට ගෙන යන්නයි
* ජනාධිපති මහින්දට මහින්ද රෙජිමය කියන චන්ද්‍රිකා යාපනයට ගිහින් ප්‍රභාකරන්ට මිස්ටර් කියනවා
* හකීම් හැමදාම ගියේ පරදින පැත්තටයි මෙදා සදහටම පරදින පිලේ ඉන්න වෙනවා
ඇමැති විමල් වීරවංශ මහනුවර දී කියයි
ධනුෂ්ක ගොඩකුඹුර, අසේල කුරුළුවංශ සහ ඉන්දික පොල්කොටුව මහනුවර සිට.
සිරිසේන කටයුතු කරන්නේ කොටියට ඕනේ නැගිටින යුගයක්- ඒකට ඕනේ මෛත්‍රී යුගයක් යන සම්බන්ධන්ගේ තනුවට අනුව බව ජාතික නිදහස් පෙරමුණේ නායක, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
චන්ද්‍රිකා, රනිල්, හකීම්, සම්බන්ධන් සහ සිරිසේන යන මේ යහපාලන නඩයට වුවමනා වී ඇත්තේ කොටියට නැවත පණ දෙන යුගයක් නිර්මාණය කිරීමට බව පෙන්වාද දුන් ඇමැතිවරයා මේ අශුද්ධ සන්ධානය රට ගෙන යන්නට උත්සාහ ගන්නේ බෙදුම්වාදයේ දිශාවට බවත් පැවසීය.
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කරන විජයග්‍රාහී ජනරැළියට මහනුවර දී පෙරේදා (02) එක්වෙමිනි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට රාජපක්ෂ රෙජීමය කියන චන්ද්‍රිකා මැතිණිය යාපනයට ගොස් ප්‍රභාකරන්ට මිස්ටර් ප්‍රභාකරන් ලෙස හඳුන්වා දී ඇති බව පැවසූ ඇමැතිවරයා මේ නඩය ප්‍රභාකරන්ට මිස්ටර් කිය කියා එන්නේ යහපාලනය දෙන්නටදැයි ප්‍රශ්න කළේය.
මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් සැමදා සිටියේ පරදින පිලේ බව පෙන්වා දුන් ඇමැතිවරයා යළිත් වතාවක් පරදින පිලට ගිය හකීම්ට සදාකල් සිටින්නට වන්නේ පරදින පිලේ හතර ගාතයෙන් වැටී බවත් පැවසීය.
පරදින පිලේ ග්‍රහයා වන හකීම්ට යළිත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ තනතුරු හිමි නොවන බව පැවසූ ඇමැතිවරයා ජනවාරි මස 08 වැනි දා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සැලුන් දොරවල් නොමැති බවත් අවධාරණය කළේය. එදා රිෂාඩ් බදියුදීන් අධිකරණයට ගල් ගසන විට විපක්ෂය නොයෙකුත් දේ කී බව පැවසූ ඇමැතිවරයා යහපාලන නඩය රිෂාඩ් ගත්තේ අධිකරණ ස්වාධීනත්වය රකින්නදැයි ප්‍රශ්න කළේය.
යහපාලන නඩය උත්සාහ කරන්නේ දිනූ මවුබිම ආපස්සට රැගෙන යාමට බවත් සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශයේ ඒකීයභාවය පිළිබඳ වචනයක්වත් සඳහන් වී නැති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. සම්බන්ධන් ඇවිත් තිබෙන්නෙත් සිරිසේන සමඟ යහපාලනය හදන්නටදැයි ප්‍රශ්න කළ ඇමැතිවරයා සම්බන්ධන්ලාට වුවමනා වී ඇත්තේ කොටියට නැවත ඔලුව ඉස්සීමේ ඉඩකඩ සලසා දීමට බවත් පැවසීය. වත්මන් රජයට එරෙහිව ජිනීවා නුවරට ලිපි යවන රායප්පු ජෝෂප් පියතුමා සිරිසේනගේ ඔලුවේ අත තබා මේ කියන්නේ යහපාලන ගැනදැයි ද ඇමැතිවරයා ප්‍රශ්න කළේය.
රජයේ රෝහල්වල බාහිර ප්‍රතිකාර අංශය රාත්‍රී දහය වන තුරු විවෘතව තබන බව සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් කියා ඇතත් මේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා පැය 24ම බාහිර රෝගී අංශ විවෘතව අදටත් විවෘත බවවත් නොදන්නා අසමත් ඇමැතිවරයකු බවත් වීරවංශ මහතා පැවසීය.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අගමැති දි. මු. ජයරත්න, ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම, ඇමැතිවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, වාසුදේව නානායක්කාර, තිස්ස අත්තනායක, නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහත්වරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.