චීවරය කියන්නෙ පැවිදි වතේ ඉන්නකොට භාවිත කරන ලෝක සම්මත වස්ත්‍රයක්. අපි ගිහි වතේ ඉඳල කලිසම් කමිස අඳිනවා වගේ තමයි. චීවරයට නෙමෙයි ඒක දරන පුද්ගලයගෙ ගුනයටයි ගරු කරන්න ඕන. සිව්රෙ කොහෙද ගුණ ධර්ම තියෙන්නෙ? මහ ඔල මොට්ටල කතාවක්. චීවරයට සමාජ සම්මතයෙන් යම් ගරුත්වයක් ලැබිල තියෙනවනන් ඒ ලැබිල තියෙන්නෙ සියලු කෙලෙසුන් දුරු කල බුදු පියාණන් වහන්සේගේ මේ චීවරය දරපු නිසා. බුදුන් දේශනා කල නිවන් මග ගමන් කරල එතුලින් ලද හිකමීමෙන් සහ අවබෝදයෙන් ලෝක සත්වයා කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන් සසරෙන් මුදවාලීමට අර්ථයෙන් ධර්මයෙන් නිවන් මග දේශනා කරපු උතුම් ආර්ය මහා සංඝ රත්නයෙ තිබුන ගුණ කඳ නීසා. කව්රු හරි කියනවනං චීවරය දරන පුද්ගලයා මොකාද කියන එක අදාළ නෑ, චීවරයට නං ගරු කරන්න ඕන නැත්තන් පව් කියල ඒක එහෙම හිතාගෙන ඉන්න මිනිහගෙ ආකල්පය හැරෙන්න වෙන දෙයක් නෑ. එහෙම බැලුවොත්, පට්ට හොරෙක් සිව්රක් පොරෝගෙන රෑට ගෙදරට පැනල ගෙදර තියෙන දේවල් හොරකන් කරගෙන, ගෙදර එකෙක්ව මරල දාල යන්න හැදුවොත් මොනවත් කියන්න කරන්න බෑ මොකද සිව්ර පොරවන් ඉන්න නිසා පව් සිද්ද වෙනවනෙ. හිතල බලන්න කිව්වෙ. සිව්ර දරාගෙන ඉන්න පුද්ගලයා තුල මොන වගේ ධර්මයක් ගුණයක් තියෙනවද කියන එක ඒ පුද්ගලයා කතා කරන දේවලින් පිළිබිඹු වෙනවා. ආර්ය ගුණ ඇති ආර්ය සංඝ රත්නය සෑම විටකම රාග, ද්වේශ, මෝහ ප්‍රහාණය කරන්න ධර්මය දේශනා කරනව හැරෙන්න ලෝක විෂය ගැන කතා කරන්නෙ නැහැ. අඳින්නේ කොහොමද, කසාද බැඳලා ජිවත් වෙන්නෙ කොහොමද, අර දේශපාලකයා හොඳද? යුද්දේ නතර උන එක හොඳද? බෝම්බ ගහන එක නරකද? අරක මේක රටේ නැති බයිලා කතා කරන්නෙ නැහැ. එවැනි යම් දෙයක් ගැන කතා කලොත් ඒ දේ ධර්මයට අනුකුලව විග්‍රහ කරලා දෙනවා මිසක් තමන්ගේ පුද්ගලික අත්තනෝමත ඉදිරිපත් කරන්නෙ නැහැ. අන්න එවැනි ගුණයන් ඇති උතුමන් මේ චිවරය දරන නිසයි එතන ගරුත්වයක් තියෙන්නෙ. නැතුව චීවරයේ ගුණ තියෙනවා නෙමෙයි.