කොටු_කොටු_ෆිල්ම්

මත්පැන්,මත්ද්‍රව්‍ය හා දුම්වැටි ඇතුළත් දර්ශන විකාශය කිරීමට අදාළව රූපවාහිනී මාධ්‍යයට නව නීති රෙගුලාසි පද්ධතියක් හඳුන්වාදීමට කටයුතු කර ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය සඳහන් කරයි.

එවැනි දර්ශනයක් විකාශය කිරීමේදී දැනට බලපවත්වන රෙගුලාසි අනුව එකී දර්ශනය අපැහැදිලි වන සේ වාරණය කිරීමට අමතරව එය"රජයේ දුම්වැටි හා මද්‍යසාර පිළිබඳ රෙගුලාසි හේතුවෙනි"යනුවෙන් සඳහන් පාඨයක් විකාශය කෙරෙයි.
එසේ වුවද සැප්තැම්බර් 01 වන දින සිට ඊට අමතරව එකී ගුවන්කාලය තුළ මත්පැන් හා දුම්වැටි භාවිතයේ ආදීනව දැක්වෙන පණිවිඩයක් විකාශය කළයුතු බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සඳහන් කරයි.

ජීවක පදනම විසින් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයකදී මහාචාර්යවරයා මේ බව සඳහන් කර තිබේ.
වර්තමානයේ ටෙලිනාට්‍ය,චිත්‍රපට ආදී විනෝදායන වැඩසටහන්වල දුම්වැටි හා මත්ද්‍රව්‍ය දර්ශන වැඩි වශයෙන් දක්නට ලැබෙන බවත්,ඒවා නැරඹීමෙන් බොහෝ දෙනකු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවත් හෙතෙම පෙන්වා දී තිබේ.

Anatha wahallu 