ඇන්ටිබොඩීස් ටෙස්ට් එක කරගන්න ඕනා කියන්න. ඒත් මචන් හරියටම කියන්න මාස 3ක් ඉන්න ඕනා උඹ.
ඒඩ්ස් හැදුනා කියලා මචන්… ඉස්සර වගේ අද හෙටම මැරෙන්නේ නැහ බන්. ඒ මිනිස්සුත් මේ ලෝකේ ජීවත් වෙන්න ඕනා. අපි ඒ අයව කොන් කරන්න හොඳ නැහ.
ඉස්සර වාගේ මැරෙන්නේ නැහ කියන්නේ මචන්.. උඹට ඒඩ්‍ස් හැදුනොත්, ඒ සඳහා නියමිත ඇන්ටි-වයිරල් බෙහෙත් හරියට පාවිච්චි කලානම් උඹට රෝගය ටිකක් පාලනය කරගන්න පුලුවන්.
භය වෙන්න එපා මචන්. මොනවා කරන්නද? අපි කා අතිනුත් වැරදි සිද්දවෙනවානේ. අනික අපි කවුරුත් කවදාහරි මැරෙණවා.
මොනවා වුනත් උඹට ඒඩ්ස් නැතිව ඇති කියලා කිරියේ අපි ඔක්කෝම ප්‍රාර්ථනා කරනවා!