අපරාදේ තොගෙ සල්ලි ගන්න එපා ඔව්වා... වැඩක් නැහැ.. ඔය සල්ලි ටිකෙන් හොදට පෝෂන කැම බීම කාලා WORKOUT එකක් කරගෙන හොඳට හිටපන්.. කොන්ඩේ යනවා නම් කොටට කපපන්....
ෆට්ට බොරුවක් .....එකෙක් පහක් ගාලා , මයිලක්වත් ආවේ නැහැ



කොණ්ඩේ යන එකට ප්‍රධානතම හේතුව තමයි Male Pattern Baldness (Androgenetic Alopecia -අන්ඩ්රෝජෙනටික් ඇලෝපීසියා) මේක ගොඩක් වෙලාවට එන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 35 වගේ පැන්න පිරිමින්ගේයි. තරුණ අයගේ එන්නේ නැති තරම් නමුත් දැන් ලංකාවේ තරුණ අයගේත් කොණ්ඩේ යන එක සාමාන්‍යය දෙයක් වෙලා තියෙනවා. කොන්ඩේ යන එකට හේතුව වශයෙන් තියෙන්නේ මානසික ආතතිය, සමබර ලෙස ආහාර ගන්නේ නැති එක, වැරදි ජීවන රටාවක් තිබිම (ඒ කියන්නේ රෑට ඇහැරගෙන ඉදීම, කොන්ඩෙට ඕනවට වඩා ජෙල් ජාති , රසායනික වර්ග ගෑම, වතුර බොන්නෙ නැති කම වගේ) ඒ වගේම ජාන ප්‍රශ්න නිසාත් මේක එනවා.
Male Pattern Baldness එකේදි වෙන්නේ Testosterone ,DihydroTestosterone (DHT) වලට convert වෙලා මේ DHT කොන්ඩේ ගස් වල මුලට බද්ද වෙලා ගස් වැවෙන එක නතර කරන එකයි මේක මුලදි නම් වැඩියේ පේන්නේ නෑ මොකද කොන්ඩේ ගොඩක් තියෙන නිසා නමුත් භාගයක් වගේ ගියාම නළල ලොකු වෙන්න ගත්තම තමයි පේන්න ගන්නේ. මෙන්න මේ විදියට තමයි කොන්ඩේ යන්නේ. සම්පූර්ණ තට්ටේ වෙන්නේ නෑ U shape එකේ හැඩයට තමයි තට්ටේ වෙන්නේ වටේ ඉතුරු වෙලා.
![]()
මේක නවත්වන්න නම් ක්‍රම වැඩියේ නෑ ඕනේ නම් Testosterone අඩු වෙන්න බෙහෙත් ගන්න පුලුවන් නමුත් එතකොට වෙන්නේ වෙන අතුරු ආබාධ එන එකයි (ලිංගික අප්රාණීක භාවය, ශරිර ශක්තිය වගේ අඩුවීම වගේ) ඒක නිසා ඒක කරන්න එපා ඒ වගේම තව තියෙනවා කොන්ඩේ හිටවන එක ඒක. ඒකේදි අවාසි ගොඩයි එකක් ඒක මිල අධිකයි, වේදනාව වැඩියි හිටවන කොට වගේම දවස් කිහිපයක් ගියාමත්, දැන් ඔයාගේ කොන්ඩේ ගිහින් තියෙන්නේ නළලේ මුදුනේ වගේනේ ඕක දිගටම යනවා කොන්ඩේ යන එකට හේතුව නැති වෙනකම් ඉතින් කොන්ඩේ දැන් හිටවන්න ගත්තම වෙන්නේ ගස් හිටෙව්ව තැන් වල ඉතුරු වෙලා පිටිපස්සේ ආයි යන්න ගන්න එකයි ඉතින් එතකොට විකාරයක් වගේ පේන්න ගනියි ඔළුව එතකොට ආයි හිටවන්න යන්න වෙයි ඒක මකා ගන්න කොන්ඩේ සම්පූර්ණයෙන්ම ගිහින් නම් මිසක් හිටවන්න එපා (ඉහත පින්තුරේ වගේ නම් 6,7 වගේ තියෙනවා නම් හිටවන්න නැත්නම් හිටවන්න එපා) අනික එහෙම හිටෙව්වාම තමන්ගේ ස්භාවික කොන්ඩය ආයි ගන්න බෑ හිටවන එක සාදාකාලිකයි. කොණ්ඩය යනවා කියලා වෙන්නේ ගස්වල මුල් මැරෙන එක හෝ නිද්‍රා වෙන එකයි ඒවා ආයි පනගන්වලා ගන්න පුලුවන් පොඩ්ඩක් උත්සහා කරොත්.
අනෙක් එක Vitamin E කොන්ඩේ වැවෙන්න වගේම කොන්ඩේ යන එකට හොදයි. Vitamin E එකෙත් ජාති 8 ක් තියෙනවා මම දන්න විදියට එකක් Tocotrienol අනෙක් එක Tocopherol (මේකේ alpha ,beta,gamma, delta එකක 4 ගානේ තියෙනවා) කඩෙන් ගන්න ගොඩක් පෙති වල තියෙන්නේ Tocopherol ඒකෙන් ඒ තරම් සහනයක් නෑ නමුත් Tocotrienol එක හොදයි මේ ළගදි මැලේසියාවේ පර්යේෂනයක් කරලා කොන්ඩේ යන එක ගැන ඒකෙදි හොයාගෙන තියෙන Tocotrienol 100g වගේ දවසට ගන්නවා නම් නොකඩවා හැමදාම මාස කිහිපයක් වගේ 40 සිට 50% දක්වා කොන්ඩේ වර්ධනය කරගන්න පුලුවන් කියලා. Vitamin E වල තියෙන විශේෂ ලක්ෂනයක් තමයි Antioxidant ගුණය Oxidation කියන්නේ අණු, පරමාණු වල ඉලෙට්‍රෝනයක් නැති වෙන එකටයි අපේ සෛල හැදිලා තියෙන්නේ මේ අණු ,පරමාණු වලින් එතකොට ඉලෙක්ට්‍රෝන නැති වෙන කොට වෙන්නේ සෛල මැරෙන්න ගන්න එකයි හම දුර්වර්ණ වෙන්නේ, ඉසකෙස් ගැලවෙන්නේ, සම ගැලවිලා යන්නේ, හම හැකිලිලා ලෙඩ පාටට එන්නෙත් මේ නිසයි Antioxidant වලින් කරන්නේ මේක වළක්වලා ඇගේ සෛල ප්‍රාණවත්ව තියාගන්න උදව් කරන එකයි එතකොට කොණ්ඩය වැවෙන එක විතරක් නෙවෙයි සම ලස්සනට පැහැපත්ව, මෘදුව තියාගන්නත් පුලුවන් (එතකොට මේක ගෑණුන්ට වගේම පිරිමින්ටත් හොදයි) Oxidant වෙන එකේ තවත් අහිතකර පැත්තක් තමයි පිළිකා වර්ධනය වෙන එක ඉතින් විටමින් E නිතරම ගන්නවා නම් ඇගට හොදයි නමුත් ඕනවට වඩා ගන්න එපා වැඩිම ගාණ 1000mg/day අඩුම ගාණ 15mg/day නමුත් කොන්ඩේ යන එක නිසා 100mg/day. කඩවල ගන්න තියෙන Evion එක නම් මම දන්න හැටියට 400mg නමුත් ඒක Tocopherol නිසා කොන්ඩේ යන එකට හොද නෑ ඒක නිසා මතක ඇති Tocotrienol ජාතියේ එකක් ගන්න (100mg පෙති නම් එකක් දවසට බොන්න) ඊට පස්සේ මේක හැම දාම බොන්න ඊට පස්සේ මාසයක් දෙකක් බලන්න, මේක ඕනේ නම් නිරික්ෂණය කරන්න පුලුවන් හැමදාම, හැම දාම නාලා කොන්ඩේ පිහිදන්නේ නැතුව උඩට පීරන්න (මතක ඇතුව උඩට හොදට පීරන්න පනාවකින්) ඊට පස්සේ Phone එකෙන් හෝ Cam එකක් අරගෙන ඒකෙන් නළල හොදට පේන්න පීන්තූරයක් ගන්න (පැහැදිලි ලෙස ගන්න ,කබල් Phone එකක් use කරන්න එපා) මේක හැම දාම කරන්න එතකොට වර්ධනයක් තියෙනවා නම් ගස් 2, 3 ක හරි දිගටම ගන්න. අනිවාර්යෙන්ම කිහිප දෙනෙක්ට හරි මේක හරියයි කොන්ඩේ ප්‍රශ්ණේ විතරක් නෙවෙයි මේකෙන් සම ලස්සනට තියාගන්නත් පුලුවන්, පිළීකා සෛල වර්ධනය අඩු කරගන්නත් පුලුවන්.




machan mata porak kivva DHT blocking medicine ekakin puluwan lu Male pattern baldness adu karanna & even grow back. habai e drug wala side effects thiyenawa lu