කොරේ පිටට මරේ සිදු වීම....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    කොරේ පිටට මරේ සිදු වීම....

    [FONT=&quot]කොරේ [/FONT][FONT=&quot]පිටට [/FONT][FONT=&quot]මරේ[/FONT][FONT=&quot] එහෙම[/FONT][FONT=&quot] නැත්ත[FONT=&quot]ම් [/FONT][/FONT][FONT=&quot]ගහෙන්[/FONT][FONT=&quot] වැටුණු [/FONT][FONT=&quot]මිනිහට[/FONT][FONT=&quot] ගොනා[/FONT][FONT=&quot] ඇනීමක් [/FONT][FONT=&quot]කියලත් [/FONT][FONT=&quot]කියන්න [/FONT][FONT=&quot]පුළුවන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]සිද්දිය[/FONT][FONT=&quot] මට [/FONT][FONT=&quot]උන[/FONT][FONT=&quot] ඇබැද්දියක් [/FONT][FONT=&quot]ගැනයි[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]මීට[/FONT][FONT=&quot] ටික[/FONT][FONT=&quot] කාලේකට[/FONT][FONT=&quot] කලින්[/FONT][FONT=&quot] කවි[/FONT][FONT=&quot]මඩුවට [/FONT][FONT=&quot]දාපු [/FONT][FONT=&quot]එකක් [/FONT][FONT=&quot]තමා [/FONT][FONT=&quot]මේ[/FONT].
    [FONT=&quot]උබලටත්[/FONT][FONT=&quot] මේ [/FONT][FONT=&quot]වගේ [/FONT][FONT=&quot]දේවල්[/FONT][FONT=&quot] වෙලා[/FONT][FONT=&quot] ඇති[/FONT][FONT=&quot] නේද[/FONT][FONT=&quot]..???? :):)
    [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] වගේ[/FONT][FONT=&quot] ඇබැද්දි [/FONT][FONT=&quot]ගැනත්[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රෙඩ්[/FONT][FONT=&quot] එකේ [/FONT][FONT=&quot]දාන්න [/FONT][FONT=&quot]ඈ[/FONT]
    [FONT=&quot].. ;);)
    [/FONT]

    මිතුරනි එළ කිරියෙ මට හරි වැඩක් උනා

    හදිස්සියේම කුරුණෑගල යන්න උනා
    බසයෙන් යන්න සිතුවත් මා පමා උනා
    ඒ නිසාම බයික් එකෙන් යන්න උනා....

    වැඩ කරන්නෙ කුරුණෑගල බ්‍රාන්ච් එකේ
    බොස්ට නොකිය මම හොර ගමනක්ය ගියේ
    තිබුනා වැඩක් මට නෑ එය සිහි වූයේ
    එනිසා වෙන්ද බොස් දැන් මා ඇමතූයේ....

    පැයෙන් වරෙන් ගිය තැනකින් උබ මල්ලී
    ඔඩිටල ඇවිත් මෙහි හැමදෙන ඇත හෙල්ලී
    නොපෙනුව හොතින් උබෙ අත ඉතිරියෙ සල්ලී
    උබටයි මටයි අබ සරණයි බුදු මල්ලී....

    බොසා කීව කතාව මා භය කෙරුවා
    ගිය කාරණෙ වැඩෙත් බාගෙට නිම කෙරුවා
    නැගලා යතුරුපැදියට ඉක්මන් කෙරුවා
    දෙවියෝ බුදුන් ටික ටික මා සිහි කෙරුවා....

    විදිදා විදිල්ලක් මරුවා සිහිවූවා
    පොලීසියෙන් අතර මගදි නැවතූවා
    හිනා වෙලා ශේප් කරන් පිටවූවා
    නොහිතපු විලස මහ වැස්සක් ඇති වූවා....

    වැස්සට නතර වීලා ඉන්නට බැරිය
    එනමුත් තෙමි තෙමී තව දුර යනු බැරිය
    ඔඩිටල එක්ක දැන් නම් සෙල්ලම් බැරිය
    බොසාගෙන් ගැලවෙන්න කොහොමටවත් බැරිය....

    එකපාරම යතුරු පැදිය නතර උනා
    කොරේ පිටට මරේ මෙමට සිද්ද උනා
    හිතා ගන්න බෑ මේකට කුමක් උනා
    වැස්සේ තෙමි තෙමී ඉන්නට සිද්ද උනා....

    ටික ටික දැන් මම හොදටම පමා උනා
    යතුරුපැදිය තල්ලු කරන් යන්න උනා
    කෝල් ඉවරයක් නැත මට එපා උනා
    පෙර පිනකට බාස් කෙනෙක් හම්බ උනා....

    අයියේ බුදු වෙන්න දෙනු මට උදව්වක්
    බයික් එකට වී ඇත මළ ඉලව්වක්
    බොසා ඉතින් හැමදාමත් උදැල්ලක්
    ෆෝන් එකත් දැන් නම් මළ ඉලව්වක්....

    තමුන් කොහෙද දැන් ඉන්නේ කියනු මට
    පැයෙන් එන්න මා කීවා නේද තොට
    නිදහසට කරුණු දැන්නම් එපා මට
    බොසා කෝල් කර බැන අඩගහයි මට....

    [FONT=&quot]ඊලග [/FONT][FONT=&quot]කෑල්ල [/FONT][FONT=&quot]තවත් [/FONT][FONT=&quot]රසවත්[/FONT][FONT=&quot]..........[/FONT]
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    පට්ට යකෝ. ඉක්මනට ඉතුරු ටිකත් දාපන්.

    මම යනවා පොරි ටිකක් බැදන් එන්න. ඉක්මනට ඉතුරු ටික දාහන්. :D
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බාස් අයියා බයිසිකලේ ගොඩදැම්මා
    බාස් නොඉන්නට බොස් මා වලදැම්මා
    පමා වුනොත් මගෙ ජොබ් එක වෙයි සුම්මා
    නැගලා යතුරුපැදියට පෑගුවා පිම්මා....

    එන මග දිගට රින් වෙයි මගෙ ෆෝන් එක
    දැන් නම් පුතේ වැඩ ගොඩ වෙයි එකින් එක
    ගෙදර ගියත් මග හිටියත් මැරෙන එක
    හොදයි නේද සිදු උන දේ කියන එක....

    නැවැත්තුවා යතුරුපැදිය වැවක් ලග
    ගැලවූවා ඇහේ දමා තියන සග
    කන කන්නෑ උඩ ඉදගෙන ඔබේ අග
    බොසාට මා පෙන්වන්නෙමි මගේ රග....


    කාටත් කලින් ගත්තා මම කෝල් එකක්
    වෙන කවුරුත් නෙමෙයි ඌ මගෙ හොද බොක්කක්
    අනේ මචන් සිද්ද වෙලාදෝ කොක්කක්
    ඔඩිටල ඇවිත් බොසාට දාලද කෙක්කක්....


    ඔව්මයි මචන් අද මගෙ හොද පනත් ගියා
    ඔඩිටල ඇවිත් අපෙ නම්බුව අරන් ගියා
    නිමාඩු නොදා උබ ඇත්තේ කොහිද කියා
    අහලා අපේ බොසාව චාටර්ම කලා....

    ණය පෙර පරීක්ෂණයක් උට ඇතැයි කියා
    ඒකේ ඉන්ස්පෙක්ෂන් ඌ කරනු නියා
    ඇවිදින් මගෙන් අවසරයක් ගනිමි කියා
    උදයෙම ඇවිත් අත්සන් කර යන්න ගියා....

    මෙහෙම කියල බොස් උබ ගැන ශේප් කලා
    ඊට පස්සේ උන් අපෙ වැඩ අවුල් කලා
    පරණ ෆයිල් ඇද ඇද උන් වාත කලා
    යන්තන් ඇති උන් ටික දැන් යන්න ගියා....

    අනේ මචන් ගිය වැඩෙනුත් ඵලක් නැත
    මේ ගැන හිතාලම ලේ පිච්චෙන්න ඇත
    මග දිග වෙච්චි කරදර නම් එමට ඇත
    ඒවා මෙහෙම කියවාලා ඵලක් නැත....


    තෙමීගෙනම මම කුරුණෑගලට ගියා
    බොසා ඇවිත් ඔරවාලා යන්න ගියා
    එන්න කියාපන් මගෙ කාමරෙට කියා
    පියන් අයියා පණිවුඩෙ මට කියල ගියා....


    අනේ මචන් කවි කුමටද එතැන් සිට
    හොදම පදෙන් බොස් දෙසුවා නේද මට
    මොනවා උනත් බොස් රැක්කා නේද මට
    සිතමින් නැවත බැස්සෙමි මම මගෙ වැඩට....
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ පට්ට කවි ටික බන්. ඔය වගේ දේවල් මටත් වෙලා තියෙනවා බන්. හදිස්සි වෙලාවටමයි කවදාවත් වෙච්ච නැති හෙන ගෙඩි පාත් වෙන්නෙත්. උඹ සුපිරියට ලියලා තියෙනවා බන් කවි ටික. නියමයි.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අඩෝ පට්ට කවි ටික බන්. ඔය වගේ දේවල් මටත් වෙලා තියෙනවා බන්. හදිස්සි වෙලාවටමයි කවදාවත් වෙච්ච නැති හෙන ගෙඩි පාත් වෙන්නෙත්. උඹ සුපිරියට ලියලා තියෙනවා බන් කවි ටික. නියමයි.
    Thnx බන්. උබේ විස්තරෙත් දාපන්. කවියෙන් බැරිනම් නිකන් හරි. :)
     
    • Like
    Reactions: chathu4742