දැනට වාර්තා වෙන විදිහට ලෝකයේ දරුණුම වසංගත රෝගය විදිහට වාර්තා වෙන්නෙ "කළු මරණය" කියන වසංගතය. අපි හැමෝම දන්නෙ "මහාමාරිය" කියල. මේ වසංගතය පටන් ගන්නෙ වර්ශ 1346 තරම් ඈත කාලෙක.
මේ ලෙඩේ මුලින්ම ඇති වෙන්නේ මීයන් මත වාසය කරන මැක්කන් වර්ගයකට. ඒ කියන්නෙ ඒ මැක්කන්ට හට ගත්තු බැක්ටීරියාවක් තමයි මේ රෝගයේ වාහකයා වෙන්නෙ. එතකොට උනේ මැක්කගෙ බඩවැල් බැක්ටීරියාවෙන් පිරෙන එක. ඒකෙන් මැක්කට හානියක් උනේ නෑ. ඒත් මැක්කා මීයගෙන් ලේ උරාබොද්දි මැක්කගෙ බඩවැල් බැක්ටීරියාවෙන් පිරිලා තියෙන නිසා ලේ ටික රඳවාගන්න ඉඩ නැති නිසා මැක්කා වමනය කරන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට අදාළ රෝගකාරක බැක්ටීරියාව එලියට එනවා. ඇවිත් මැක්කා මීයගෙන් ලේ උරාබීපු සිදුර හරහා මීයගෙ ශරීරය අතුලට යනව. ඔන්න ඔහොමයි මේක මීයන්ට සංක්‍රමණය උනේ. ඔන්න ඔය විදිහට ඉතාම ශීඝ්‍රයෙන් මේ රෝගය ව්‍යාප්ත වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ අවට හිටපු මීයන් සියලු දෙනා මැරුනට පස්සේ මේ මැක්කන් මිනිස්සු මතට සංක්‍රමණය වෙන්න පටන් ගත්තා. එතනදිත් මීයන්ට වෙච්ච දේම මිනිස්සුන්ට ත් උනා.
ඉතින් මේ විදිහට මිනිස්සු අතරේ ගොඩක් ඉක්මනට මේ රෝගය පැතිරෙන්න ගත්තා. මේ අසනීපය විදි තුනකට මිනිස්සු අතරෙ පැතිරෙන්න ගන්නවා. ඉන් පළවෙනි එක තමයි Bubonic Plague කියන්නේ. මේකෙදි ඉස්සෙල්ලාම මනුස්සයාගෙ වසා පද්ධතියට තමයි බැක්ටීරියාව ආසාදනය වෙන්නෙ. ඉන් පස්සේ ඉකිළි ප්‍රදේශවල ගෙඩි ඇතිවීමක් වෙනවා. ඒවා ක්‍රමයෙන් ලොකු වෙලා පුපුරලා ගිහින් ඒ සැරව තුවාල බවට පත් වෙනවා. ඉන් පස්සෙ දවස් දෙකකින් වගේ ලේ වමනය ගිහින් පුද්ගලයා මිය යනවා.
දෙවෙනි විදිහ තමයි Pneumonic Plague කියන්නෙ. මේ ක්‍රමය සාමාන්‍යයෙන් රෝගයක් පැතිරෙන විදිහ. දැන් අපි මුහුණ දෙමින් ඉන්න කොරෝනා වසංගතයත් පැතිරෙන්නෙ මේ ක්‍රමයට. ඒ කියන්නෙ පුද්ගලයෙකුගෙන් තවත් කෙනෙක්ට කෙළ හරහා සහ කැස්ස හරහා බැක්ටීරියාව ගමන් කිරීම තමයි මේකෙදි සිද්ද වෙන්නෙ. ඉන් පස්සේ ඒ වැළඳුණු පුද්ගලයාට අධික කැස්සක් නොකඩවා ඇති වෙලා අවසානයේ කැස්ස එක්ක ලේ පිට වෙලා මරණයට පත් වෙනවා.
තුන් වෙනි විදිහ තමයි Septicemic Plague කියන්නේ. මේක තමයි දරුණුම විදිහ මේ ලෙඩේ තියෙන. මේකෙදි රෝගය වැලැඳුන පුද්ගලයාගෙ රුධිර සංසරණ පද්ධතියට තමයි බලපෑම වෙන්නේ. බලා ඉඳිද්දී ශරීරයේ අතපය කොටස් කළු පාට වෙලා කුණු වෙලා යනවා රෝගියා පණපිටින් ඉද්දිම. ඉතින් මේක ඉතාම වේදනාකාරී මරණයක් උනා. මේ ශරීරය කළුපාට වීම බහුලව දකින්න ලැබුන නිසා මේකට "කළු මරණය" කියන නම පටබැඳුනා.
ඉතින් මූලාශ්‍ර වල සඳහන් වෙන විදිහට නම් මේ රෝගය මුලින්ම ඇතිවෙන්නේ චීනයේ. ඔව්. කොරෝනා වසංගතයත් චීනයෙන් තමයි පටන් ගත්තෙ. මොනා කරන්නද? ඉතින් චීනයේ ඉඳන් සේද මාවත හරහා යුරෝපයටත් මේ රෝගය ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා. ඒ වෙලෙඳ නැව් හරහා. ඒ විදිහටම මුළු යුරෝපයම ඉතාම කෙටි කාලයකින් ආක්‍රමණය කරන්න මේ රෝගය සමත් වෙනවා. ඔයාට හිතාගන්නවත් බැරි විදිහට පාරවල් ගානෙ මිනී කඳු ගොඩ ගැහෙන්න ගන්නවා. වාර්තා වල විදිහට නම් ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් මේ වසංගතය නිසා මරණයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ මිලියන 75- 200ත් අතර ප්‍රමාණයක් මරණයට පත් වෙලා තියෙනවා මේ වසංගතය නිසා.
ඉතින් ඒ වගේ දරුණු වසංගතයක් එක්ක ගණුදෙනු කරද්දි මිනිස්සුන්ගෙ තියෙන මනුස්සකම් එහෙම නැති වෙන වෙලාවල් එනවා. මිනිස්සුත් සත්තු වගේ වෙනවා. ඉතින් ඒ කාලෙත් එහෙම දේවල් ලෝකෙ පුරාම සිද්ද උනා. ඉතින් ඒ කාලෙ යුරෝපයේ මේ විදිහට සුළිසුළඟක් වගේ මහාමාරිය පැතිරෙද්දි ගම් බිම් පිටින් මිනිස්සු මරණය වැලඳ ගගනිද්දී යම් ගෙදරක කෙනෙක්ට මේ ලෙඩේ හැදුනොත් ගෙදර අනිත් අය ලෙඩාව ගෙදර තනිකරලා පළාතෙවත් ඉන්නෙ නැතුව යන එක තමයි කලේ. ආහ්. යන්න කලින් ගෙදර කතිරයක් ඇඳලා තමයි ගියේ. එහෙම කලේ ගෙදර ලෙඩෙක් ඉන්නවා කියන එක අනිත් අයට දැනුම් දෙන්න. The Last Ship කියන ටීවී සීරීස් එක බලපු අය නම් මේ වැඩේ දන්නවා. මොකද ඒකෙත් මීට සමාන වැඩක් සිද්ද කරනවා. ඉතින් හිතාගන්න පුළුවන් නේද ගෙදර එකට හිටපු කෙනෙක් අසනීපයක් නිසා තනි කරල මැරෙන්න අත ඇරලා යන්න කොයි තරම් දරුණු වසංගතයක් වෙන්න ඕනෙද කියලා. කොහොම උනත් මේ විදිහට පලා යන මිනිස්සු නිසා මේ වසංගතය පැතිරීම දෙගුම තෙතෙගුණ උනා.
හැබැයි කොයි හැටි උනත් එක ගමක් තිබුනා. ඒ ගමේ මිනිස්සු තමන්ගෙ ගමේ මිනිස්සු අසනීපය නිසා මරණයට පත් උනත් ඒක වෙනත් ගමකට පැතිරෙන්න දුන්නෙ නෑ. ඒ තමයි එංගලන්තයේ මැන්චෙස්ටර් ප්‍රාන්තයේ ඉයෑම් කියන කුඩා ගම්මානය. ඒ ගමේ ඇඳුම් මසන්නෙක් හිටියා. එයාට දවසක් රෙදි පාර්සලයක් නගරයෙන් ආවා. ඒ පාවිච්චි කරල අයින් කරපු රෙදි වගයක්. ගමේම අවාසනාවට ඒ රෙදි වල මහාමාරිය රෝගකාරක බැක්ටීරියාව තිබුනා. රෙදි වල තෙත ගතියක් නිරීක්ෂණය වෙච්ච නිසා ඒ රෙදි වේලන්න කියලා එයාගෙ සහයකයාට දෙනවා. ඉතින් වැල් වල වනල තිබුනු රෙදි හරහා ඉයෑම් ගම්මානයටත් මේ වසංගතය ඇතුල් වෙනවා. ගමේ මිනිස්සු එකා පිට එකා මැරිලා වැටෙද්දි මිනිස්සු කතා වෙනවා ගම අත ඇරලා යන්න. ගියොත් වෙන්නෙ තව ගමක් විනාශ වෙන එකයි. මේක තේරුම් ගන්න තරම් නුවණක් තිබුනු නිර්භීත පුද්ගලයෙක් ඒ ගමේ හිටියා. එයාගෙ නම විලියම් මොම්පෙසාන්.
එයා මේ තීරණයට විරුද්ධ වෙනවා. ඒ තව ගමක් මේ විනාශයට ඇදලා දාන්න අකමැති නිසා. ගොඩාක් අමාරුවෙන් විලියම් සමත් වෙනවා ගමේ මිනිස්සුන්ව තමන්ගෙ මතයට හරව ගන්න. ඒ වෙද්දි ගමේ හැම දෙනාම දැනන් හිටියා මේ වැඩේ මාරයාට අතවැනීමක් කියල. ඒත් ගමේ මිනිස්සු නිර්භීතව ඒ තීරණය ගත්තා.
මුලින්ම කලේ ගමේ සීමාව ලකුණු කරලා සීමා ගල් හිටවීම. හැමෝම එකඟ උනා ලෙඩ උනත් නැතත් ඒ සීමාව නොපනින්න. ඒ මායිමේ සලකුණු කලා මේ ගම මහාමාරිය රෝගය තියෙන ගමක් විදිහට. ඒ නිසා අනිත් ගම් වල අය මේ ගමට එන එක නැවැත්තුව. ඒත් ඒ අය මේ ගමේ අයට අවශ්‍ය ආහාරපාන බෙහෙත් වගේ දේවල් ගමේ මායිමේ තියන්න තරම් මනුස්සකම දන්න පිරිසක් උනා. හැබැයි ඉයෑම් ගමේ අය එහෙම පිනට කාලා ඉන්න කැමති උනේ නෑ. ඒ නිසා ඉයෑම් ගමේ අය පොඩි ලිඳක් හාරලා ඒක විනාකිරි වලින් පිරෙව්වා. එදා ඉඳලා තමන්ට ලැබෙන දේවල් වල වටිනාකමට සරිලන මුදල් ඒ විනාකිරි ලිඳට දැම්මා. මොකද ඉස්සර විශ්වාසයක් තිබුනා විනාකිරි වලට බැක්ටීරියා විනාශ වෙනවා කියලා.
රෝගය ගමෙන් පිටට යන එක වැලැක්වූවා වගේම ගම ඇතුලේ රෝගය පැතිරීම පාලනය කරන්නත් මේ ගමේ අය පියවර ගත්තා. පොදු ගොඩනැගිලි සුසාන භූමියෙන් ඈතට ගෙනිච්චා. නීතිරීති හදාගත්තා යම් කෙනෙක් මැරුනොත් ඒ පවුලේ කෙනෙක්ම තනියම ඒ අවසන් කටයුතු කරන්න ඕනෙ කියල. ඒ වගේම වෙන කිසි කෙනෙක්ට ඒකට සහභාගි වෙන එක තහනම් කලා.
ඔය වගේ ගොඩාක් ලොකු කැපකිරීම් රාශියකට පස්සෙ ඒ කියන්නෙ වසංගතය ගමට ඇවිල්ලා අවුරුද්දකට විතර පස්සෙ හිටි ගමන් ගමෙන් මේ වසංගතය ඉවත් වෙනවා. ඒ වෙද්දි ගමේ හිටපු පුද්ගලයින් 350කින් දෙසීයකට වඩා අවසන් ගමන් ගිහිල්ලා. මුලදිම ගමෙන් ගියා නම් සමහරවිට මෙච්චර සෙනඟක් මැරෙන්නේ නැති වෙන්න තිබුනා. හැබැයි ඒ ගත්ත ඉතා උසස් තීරණය නිසා අවට ගම් ගනනාවක ජිවිත දහස් ගානක් බේරුනා.
අදටත් මේ විනාකිරි ලිඳ, මායිම් කණු එහෙම ඉයෑම් ගමේ දකින්න තියෙනවා. මේ මතකයන් දැකබලාගන්න සංචාරකයන් අදටත් මේ ගමට එනවා. ඒ හැමෝම මේ උදාර තීරණය ගත්තු විලියම් මොම්පෙසාන් නමින් නම් කරල තියෙන මොම්පෙසාන් ලිඳට කාසි දාලා ගෞරව කරනවා ඒ ගත්තු අභීත තීරණයට.
ඔන්න ඔය කතාව තමයි අපිට කියන්න ඕනකම තිබුනෙ. වැදගත් කියලා හිතෙනවා නම් ශෙයා කරලා අනිත් අයටත් දකින්න සලස්වන්න.
උපුටා ගැනීම : https://www.facebook.com/groups/218861326102449/