තැන්ක්ස් මචන්ලා ඇත්තටම දැනගන්න ඔන කමක් තිබ්බා මේ විඩියො එක දැක්කයින් පස්සේ කොහොමද වැක්සින් එක අපේ ඇග ඇතුලේ වැඩ කරන්නෙ කියලා පැහැදිලි කරලා දුන්නට තැන්ක්ස් එතකොට
mRna කියන්නෙ මොකක්ද බන් එකෙන් මොකක්ද වේන්නෙ
බ්‍රිතාන්‍ය වෛද්‍යවරයකු වන එඩ්වඩ් ජෙනර් වසූරිය රෝගයට එරෙහිව 1796 දී ලොව ප්‍රථම ප්‍රතිශක්තිකරණ එන්නත නිර්මාණය කළේ ගවයින්ගෙන් තුවාල වලින් ගත් සැරව එන්නත් කිරීමෙනි. පසුගිය වසර 200 ක කාලය තුළ වෛරස් වලට එරෙහිව සියලුම එන්නත් පාහේ නිර්මාණය කර ඇත්තේ එම ක්රමයම භාවිතා කරමිනි.
කෙසේ වුවද ඇමරිකාවේ FDA ආයතනය මහජන භාවිතය සඳහා අනුමත කරන ලද පළමු covid එන්නත් දෙකේම පදනම ඊට වෙනස්ව යමින් MRNA තාක්ෂණයෙන් නිර්මාණය කර තිබිණි .
සාම්ප්‍රදායික ක්‍රමයට වඩා අඩු කාලයක් හා අඩු වියදමකින් විවිධාකාර එන්නත් හා ප්‍රතිකාර ක්‍රම නිර්මාණය කිරීමට MRNA භාවිතා කළ හැකි වීම එහි විශේෂත්වයකි.
1990 දශකයේ මුල් භාගයේදී සාම්ප්‍රදායික එන්නත් සඳහා විකල්පයක් ලෙස mRNA සොයා ගන්නා ලදී .
1. සිරුරේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය සියලුම තොරතුරු ගබඩා වී ඇත්තේ DNA තුළ බව අප දනිමු .
2. නමුත් , එකී ක්‍රියාකාරකම් සිරුර තුළ ඉටුකරනු ලබන්නේ , විවිධ ප්‍රෝටීන වලින් බව එතරම් ප්‍රචලිත නැත .
උදාහරණයකට covid 19 ආසාදනය වූ රෝගියකු තුළ, ඊට අදාළ ප්‍රතිදේහ නිෂ්පාදනය වීම යනු එවන් කිසියම් ප්‍රෝටීනයක් නිෂ්පාදනය වීමයි .
3. ප්‍රෝටීන නිෂ්පාදනය කිරීමේ කර්තව්‍යය කරනු ලබන්නේ සෛල තුළ ඇති රයිබසෝම මගිනි.
4. දැන් අපි මේ කතා කරන mRNA යනු කුමන ප්‍රෝටීනයක් කෙසේ නිෂ්පාදනය විය යුතුද යන (රෙසපි එක) උපදෙස් DNA සිට රයිබසෝම කරා රැගෙන යන පණිවිඩකරුවා ය .
5. මෙම තාක්ෂණය මගින් කරන්නේ ඩී එන් ඒ උපදෙස් නොමැතිවම අවශ්‍ය mRNA විද්‍යාගාර තුළ නිපදවා සිරුරට එන්නත් කිරීම මගින් , රයිබසෝම වෙත උපදෙස් දී අදාල ප්‍රතිදේහ නිෂ්පාදනය කර ගැනීමයි .
1990 දශකයේ මුල් භාගයේ සිට ඉන්ෆ්ලුවෙන්සා, ඉබෝලා සහ SARS වැනි වෛරස් රෝග වලින් ආරක්ෂා වීම සඳහා mRNA යොදා ගැනීමට පර්යේෂණ සිදු වී ඇත .
මේ අතරවාරයේ 2019 වර්ෂය අවසානයේ COVID-19 වසංගතය ඉස්මතු විය.
වසංගතයක් පැමිණීමට හොඳ කාලයක් නොමැති නමුත් 2019 දෙසැම්බර් මාසයේදී COVID-19 මතුවීම mRNA පර්යේෂණ වර්ධනයට ඉවහල් විය . වෙන කවරදාකටත් වඩා වේගයෙන් covid 19 සඳහා එන්නතක් අවශ්‍ය විය.
පළමු COVID-19 mRNa එන්නත් දෙක වන ෆයිසර් සහ මෝඩර්නා එන්නත් , covid වෛරසයේ ජානමය අනුක්‍රමය එළිදක්වා වසරකටත් අඩු කාලයකදී ඇමරිකාවේ හදිසි භාවිත අවසරය දිනා ගත්තේය.
මැලේරියාව. ක්ෂය රෝගය. හෙපටයිටිස් B. සිස්ටික් ෆයිබ්රෝසිස්. එච්.අයි.වී, ජලභීතිකා සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගි තත්ත්වයන් mRNA එන්නත් සහ ප්‍රතිකාරවල ඊළඟ අවධානය යොමු වි ඇති සමහර රෝග පමණි. ඊට අමතරව පිළිකා වර්ග කිහිපයක් සඳහාද mRNA ප්‍රතිකාර පිළිබඳව විද්‍යාඥයින් දිගටම ගවේෂණය කරමින් සිටී.
ඕනෑම රෝග කාරකයක් සඳහා ප්‍රතිකාර ලෙස mRNA එන්නත් භාවිතා කළ හැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කළ ද , වසර 30 කට පසුවත් එච්.අයි.වී සඳහා සාර්ථක mRNA එන්නත ක් නිෂ්පාදනය කිරීම සඳහා තවමත් හැකියාව ලැබී නැත .
පරිවර්තනයකි